ලෝකය දෙස බැලීම
ජනවාර්ගික ගැටුම් පිළිබඳ ව යුරෝපයට අනතුරු අඟවා තිබේ
“එතරම් අමාරුවක් නොමැති ව වෛර කිරීමේ හා ඝාතනය කිරීමේ යන්ත්‍ර බවට ජනයා ව හැර විය හැක,” යයි සරණාගතයන් සඳහා විශේෂ නියෝජිතයා වන UN (එක්සත් ජාතීන්ගේ) මහ කොමසාරිස්, හොසේ මාරියා මෙන්ඩෙලූස් අනතුරු අඟවයි. මාස 9කට කලින් තිබූ යුගෝස්ලෝවියාවෙහි UN සරණාගත වැඩසටහනේ වැඩ බැලූ මෙන්ඩෙලූස් මහතා පැවසුවේ, බෝල්කන් ජනයා “මූලික වශයෙන් ම වෙනත් යුරෝපීයයන්ගෙන් වෙනස්,” යයි සැලකීම “ඉතා භයානක වැරදීමක්,” වන බව ය, එමෙන් ම වෙනත් යුරෝපීය රටවල එවැනි ම ජනවාර්ගික ගැටුම් ඇති විය හැකි යයි ඔහු සඳහන් කළේ ය. “මෙය ඇති වීමට අවශ්‍ය වන්නේ ආර්ථික අර්බුදයක් හා සංක්‍රමිකයන්ට හෝ දුගී ජනතාවට කෙසේ හෝ වෙනස් ජනයාට දොස් පවරන හැම දෙයක ම දෝෂ දකින දේශපාලනඥයන් කිහිප දෙනෙකු පමණකි,” යයි ඔහු පැවසුවේ ය. නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව, සාම ගිවිසුම් අත්සන් කළ අය තම හැසිරීම් වෙනස් කර නොගත් නමුත් “වෛර කිරීම හා ඝාතනය කිරීම” දිගට ම කර ගෙන ගිය බවට සහතික කරමින්, “සන්නිවේදන මාධ්‍යය තුළින් බොරු ප්‍රචාරය කිරීමෙන් හා ආරවුල් ඇති කිරීමට පෙලඹවීමෙන්” නායකයන්ට කෙතරම් පහසුවෙන් වෛරය ඇවිස්සිය හැකිදැයි යන්න මෙන්ඩෙලූස් මහතා සඳහන් කළේ ය.
ඕස්ට්‍රේලියාවෙහි මත්පැන්වල අනිසි භාවිතය
ඕස්ට්‍රේලියාවේ ශුභ ආරංචිය වනාහි මත්පැන් පරිභෝජනය කරනු ලබන ප්‍රමාණය ජාතික වශයෙන් පහත බසින බව ය. එහෙත් නරක ආරංචිය වනාහි මත්පැන්වල අනිසිභාවය නිසා ජාතියට වසරකට ඩොලර් බිලියන 6ක් වියදම් වන අතර ජීවිත 6,000ක් අහිමි,” වන බව ද සිඩ්නි මෝනිං හෙරල්ඩ් සඳහන් කරයි. ඩයිමෙන්ෂන්ස් ඇන්ඩ් ඉෆෙක්ට්ස් ඔෆ් ඇල්කොහොල් ඇබ්‍යුස් ලෙස හැඳින් වූ මෑත වාර්තාවක හෙළි වූයේ ඕස්ට්‍රේලියානු පිරිමින්ගෙන් සියයට 88ක් හා ස්ත්‍රීන්ගෙන් සියයට 75ක් මත්පැන් බොන බව ය, එමෙන් ම ස්ත්‍රීන් අතරෙහි බීම වැඩි වීම හා නහඹරයන් විසින් “අධික බීම” සැලකිල්ලට භාජනය කළ යුතු ප්‍රධාන හේතූන් වශයෙන් ද හෙළි විය.
මුදල් හිඟය නිසා එක්සත් ජාතීන්ගේ සාම ප්‍රයත්නයන් ඇනහිටී
මෙම වසරේ එක්සත් ජාතීන්ගේ සාමය පැවැත්වීමේ වියදම් ඩොලර් බිලියන 3.7 දක්වා ළඟා වේ යයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, සාමාජික රටවල් තම කොටස ගෙවීමට අසමත්වීම, අනාගත වැඩ කටයුතුවලට මුදල් යෙදවීමට හෝ දැනට පවතින සාම ප්‍රයත්නයන් ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීමට සංවිධානයට තිබෙන හැකියාව ගැන සැක වැඩි කරන බව,” ද නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කරයි. සාමය පැවැත්වීමේ වැඩ කටයුතු සඳහා උපකාර කරන ජාතීන්ගෙන් යවනු ලබන සෑම සොල්දාදුවෙකු වෙනුවෙන් එක්සත් ජාතීන් මසකට ඩොලර් 1,000ක් පමණ ගෙවිය යුතු ව තිබේ. එහෙත් කලින් යුගෝස්ලාවියාවෙහි හා කාම්භෝජයෙහි වැඩ කටයුතු සඳහා යවනු ලැබූ යුද හමුදාව වෙනුවෙන් එම රටවලට කිසිවක් නොගෙවා මාස ගණන් ගත වී ඇත. අප්‍රියෙල් අවසානය වන විට, සාමය පැවැත්වීමේ නොගෙවන ලද ගාස්තු ඩොලර් බිලියන 1.5 බවට පත් වී ඇති අතර සාමාන්‍ය අයවැය සඳහා අමතර ඩොලර් මිලියන 970 ගෙවා නැත. ගාස්තුව නොගෙවීම නිසා සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල රජයන්, දැනටමත් හමුදාවන් ආපසු ගෙන්වා ගෙන හෝ අලුත් වැඩ කටයුතු සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත.
වෛරයේ වර්ෂය
“මිනිස් ස්වභාවය ගැන සමහර පැරණි ප්‍රශ්නවලට 1992 වැනි වර්ෂයක් නව ප්‍රමුඛත්වයක් දෙයි,” යයි නිව්ස්වීක් සඟරාව සඳහන් කරයි. “අසල් වැසියාට එරෙහි ව අසල් වැසියා, වර්ගයට එරෙහි ව වර්ගය, ජාතියට එරෙහි ව ජාතිය යන මෙම බෙදීම්, අප සැමවිට ම නැඹුරු වී තිබෙන දේවල් වන අතර, මෙම පරතරයන් වසාලීමේ දී අප මීට වඩා සාර්ථකත්වයක් ලබා ගනීදැයි යන්න ගැන මෙම වර්ෂයේ සිද්ධීන් සැක පහළ කරයි.” එහි සඳහන් වූයේ මෙසේ ය: “ ‘තම අසල් වැසියාට වෛර කරන්න’ යන්න වර්ෂයේ ආදර්ශ වාක්‍ය ලෙස පෙනෙන්ට තිබිණ.” වර්ෂ 1992 දී “මානව එදිරිවාදය” මෙතරම් විශේෂයෙන් ම ප්‍රමුඛ වූයේ මන්ද? “හුදු අරාජිකත්වය ඉකුත් වර්ෂයේ ප්‍රචණ්ඩත්වයේ වැඩි හරියක් සඳහා ද, එමෙන් ම හදිසි ආර්ථික අස්ථිරත්වය සඳහා ද, ඉන් පසු සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමට ද, හේතු වූ,” බව නිව්ස්වීක් පවසයි. රජයේ බලධාරීන් විසින් අවුස්සන ලද ජාතීන් අතර වෛරයන් මීට ඇතුළත් විය. විසඳුම හමුදා සාම පවත්වන්නන් ද? “එක්සත් ජාතීන්ගේ හමුදාවන් වර්ෂ 20කට ආසන්න කාලයකට ග්‍රීකයන් හා තුර්කීයයන් වෙන් කරමින් සයිප්‍රස් හි සිට ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂාවේ මෙම තිරය පිටුපස ඇති ආරක්ෂාව, එක් පැත්තක් අනෙක් පැත්ත සමඟ සමාදාන වීමට සුළුවෙන් හෝ අනුබල දී නැත,” යයි නිව්ස්වීක් පිළිතුරු දෙයි.
ස්ත්‍රීන්ගේ අතුරුදහන් වීම
බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ එක්සත් ජනපදය වැනි, සංවර්ධිත රටවල 105ට 100ක අනුපාතයෙන් ස්ත්‍රීන් පුරුෂයන්ගේ ගණන ඉක්මවයි. එහෙත් ආසියාවේ ස්ත්‍රීන් මිලියන ගණන් අතුරුදහන් වන බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස, ඇෆ්ගනිස්ථානයේ හා බංග්ලාදේශයේ සෑම පුරුෂයන් 100 දෙනෙකුට ම ස්ත්‍රීන් සිටින්නේ 94ක් පමණි, ඉන්දියාවේ 93ක් පමණි, එමෙන් ම පකිස්ථානයේ 92ක් පමණි. වයස අවුරුදු එක හා දෙක අතර පිරිමි ළමුන් 114 දෙනෙකුට ම ගැහැණු ළමුන් 100ක් බව චීනය සඳහා නිල සංඛ්‍යා පෙන්වී ය. මේ වෙනස මන්ද? “ජීවිත බේරා ගැනීම සඳහා පුරුෂයන්ට වඩා අඩු ප්‍රස්තා තිබෙන ස්ත්‍රීන්ට විඳදරාගත යුතු ජීවිත-තර්ජන වෙනස්කම් වෙත ප්‍රවීණයෝ යොමු දක්වති: මේවා නම්, ලිංගය තෝරා ගබ්සා කිරීම හා ගැහැණු ළදරුවන් මරා දැමීම, දුර්වල පෝෂණය හා සෞඛ්‍ය සැලකිල්ල, බහු ගර්භිණී භාවයන් හා අධික වෙහෙස ගෙන දෙන ශාරීරික වැඩ යනාදිය” යයි ද වොෂින්ටන් පෝස්ට් පවසයි. මීට අමතර ව, ඇතැම් සංස්කෘතීන්වල, පිරිමි ජන ලේඛන ගණනය කරන්නන් ස්ත්‍රීන් ව ගණන් ගන්නේ නැත, නැතහොත් ස්ත්‍රීන්ට කථා කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එමෙන් ම ඇතැම් පියවරු, තමන්ට පුත්‍රයන්ට වඩා දූවරුන් සිටීම ගැන ලජ්ජා වෙති, තමන්ගේ දරුවන්ගේ ලිංගය ගැන ඔවුහු බොරු කියති.
චීනයේ පිරිහෙන උපත් සංඛ්‍යාව
මේ තාක් චීනයේ වාර්තා වී ඇති අඩු ම උපත් සංඛ්‍යා මට්ටම පුද්ගලයන් 1,000කට 18.2, 1987 හි වූ 23.33ට වඩා අඩු යයි ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. මෙම ඉලක්කය 2010 වසර වන තුරු අත්කර ගැනීමට අපේක්ෂා නොකළත්, “දේශපාලනික පක්ෂය හා රජයේ නිලධාරින් පවුල් සැලසුම් ක්‍රමවලට වැඩි අවධානයක් යොමු කළ නිසාත්, වඩා ප්‍රබල ක්‍රම යොදා ගත් නිසාත් ඉලක්කය අත්කර ගැනීමට හැකි විය,” යයි රාජ්‍ය පවුල් සැලසුම් කොමිසමේ මන්ත්‍රීවරයෙකු වූ පෙන් පෙයන් පවසයි. පැවැත් වූ වැඩසටහන, තම පාලනය යටතේ ඇති ප්‍රදේශවල උපත් සංඛ්‍යාවන් අඩු කිරීම සඳහා ප්‍රාදේශීය නිලධාරින් පෞද්ගලික ලෙස වගකිව යුතු අතර එසේ කිරීමට අසමත් වීම සඳහා දඬුවම් ලැබිය හැක. බොහෝ අවස්ථාවල දී මින් අදහස් වූයේ, මේ වන විට දරුවකු සිටින ස්ත්‍රීන් ව අනිවාර්යයෙන් ම වන්ධ්‍යකරණය කළ යුතු අතර අවසර නැති උපතක් ඇති වූ සැමට විශාල දඩයක් ගෙවීමට සිදු වන බව ය. ගම්මුන්ට දඩ ගෙවීමට නොහැකි වන විට, ඔවුන් සන්තක දෑ රාජ සන්තක කර හෝ පොඩි පට්ටම් කර දැමෙන අතර බොහෝ විට ඔවුන්ගේ නිවාස පොළොවට සමතලා කර දැමේ. චීනයේ බිලියන 1.17ක ජනාවාසින් දැනටමත් ලෝක ජනගහණයෙන් සියයට 22ක් පමණ වේ.
‘වර්ෂ 2,000වන විට විශාල සෞඛ්‍ය ගැටලුව’
“වර්ෂ 2,000වන විට නිදන්ගත C-වර්ගයේ යකෘත් ප්‍රදාහය (හෙපටයිටිස් ටයිප්-සී) ප්‍රංශයේ විශාලතම ගැටලුවක් බවට පත් වනු ඇත,” කියා ප්‍රංශ වෛද්‍ය නිලධාරිහු පුරෝකථනය කරති. පැරිසියේ ලි මොන්ඩ් ප්‍රවෘත්ති පත්‍රයෙහි තිබෙන වෛද්‍ය වාර්තාවකින් උද්ධෘත පාඨයන් පැවසුවේ ගැටලුවට අත්‍යවශ්‍ය ලක්ෂණ දෙකක් ඇති බව ය: “වෛරසය පැතිර වීමෙහි රුධිර ප්‍රවේශනයන් සැලකිය යුතු කොටසක් ඉටු කරන” අතර “එහි නිදන්ගත තත්ත්වයේ දී [වෛරසයේ] වර්ධනය විශේෂයෙන් ම සීඝ්‍ර වන බව ය.” ප්‍රංශයේ සිටින පුද්ගලයන් 5,00,000ක් සහ 20,00,000ක් අතර දෙනා දැන් වෛරසයෙන් ආසාදිත වී සිටින අතර, මොවුන්ගෙන් සියයට 62කට අක්මාවේ සිරෝසියාව හා පිළිකාව සෑදීමේ අවදානම ඇතුව, වර්ෂ 10 සිට 30 අතර කාලය තුළ නිදන්ගත යකෘත් ප්‍රදාහය ඇති විය හැකි බව ය. C වර්ගයේ යකෘත් ප්‍රදාහයෙන් ආසාදිත ව සිටින වැඩි දෙනෙකු හට රෝග ලක්ෂණ පහළ නොවූවත්, ඔවුන්ගේ භාවී ඵලය (ලෙඩේ තත්ත්වය කලින් දැන සිටීම දැක්වීම්) ඒ තරම් ම භයානක ය.
ගුවනේ කුණු කසළ අනතුර
“ගුවනේ කුණු කසළ වඩ වඩා ගුවන් ගමන්වලට ගැටලුවක් වෙමින් පවතියි,” යනුවෙන් ස්‍යූඩොයිෂ ට්සයිටුං වාර්තා කරයි. ගුවනේ කුණු කසළ පිළිබඳ ව අප්‍රියෙල් මාසයේ දී ජර්මනියේ ඩාර්ම්ස්ටට් හි පැවැත්වූ පළමු යුරෝපීය සම්මේලනයේ දී, “අක්‍රියාශීලී චන්ද්‍රිකාවලින්, රොකට්ටුවල සුන්බුන් නැනහොත් පෙර ගුවන් ගමන්වල දී නැති වූ උපකරණ යනාදියෙන් සමන්විත අපද්‍රව්‍යවලින් වටවී තිබෙන ගුවන්-තීරය සම්බන්ධයෙන් කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය” සාකච්ඡා විෂය විය. ටෙනිස් පන්දුවක ප්‍රමාණයේ හෝ ඊට ටිකක් විශාල වස්තු 7,000කට වඩා මෙන් ම කුඩා කෑලි 1,00,000කට වඩා පොළොව වටා කරකැවෙන බවට ගණන් බලා ඇත. ගුවනේ කුණු කසළ සම්බන්ධයෙන් සියයට 95කට වගකිව යුත්තේ රුසියාවේ සහ එක්සත් ජනපදයේ ගුවන් ගමන් ය. “ක්‍රියාශීලී ව පවතින ගුවන් උපකරණ සමඟ අවට පාවෙන කුණු කසළ ගැටීම් කිහිපයක් ම වළක්වා ඇත්තේ අනූ නවයෙනි,” යයි ප්‍රවෘත්ති පත්‍රය තවදුරටත් පැවසී ය. ඊළඟ අවුරුදු දහස තුළදී අභ්‍යවකාශ ගමන් යාම නැවැත්වීමේ තර්ජනය මඟ හැරීමට නම් ගත හැකි එක ම පිළියම වන්නේ කුණු කසළ දැඩි ලෙස වැළැක්වීම හා අනාගත අභ්‍යවකාශ ව්‍යාපෘති පිළිබඳ ව ජාත්‍යන්තර සම්මුතියකට පැමිණීම ය.”
කොඩිය සහ ජාතික ගීය සම්බන්ධයෙන් ජපන් මත භේදය
“ගුරු මණ්ඩලයෙන් බලවත් විරෝධත්වයක් තිබියදීත් . . . ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගැයීම සම්බන්ධයෙන්” විදුහල්පතිවරුන් එකතු වී “අධ්‍යාපන අමාත්‍යාංශ විධානයක් පනවා ඇති බවට” ජපානයේ යාමාටෝ හි මෑතක දී මුදාහල වාර්තාවල පෙන්නුම් කරන බව මිනිචි ඩේලි නිව්ස් සඳහන් කරයි. ජපන් යුධ සමයේ දී අධි ජාති වාදයට හා අධිරාජ්‍ය වාදයට ඔවුන් සම්බන්ධ වී සිටීමේ හේතුවෙන් පාසල් උත්සවවල දී හිනොමාරු [ජාතික කොඩිය] සහ කිමිගායො [ජාතික ගීය] ඇතුළත් කිරීමේ ප්‍රශ්නය රට පුරා මත භේදයට තුඩු දී ඇත.” අසාහි ඊව්නිං නිව්ස් පත්‍රයට අනුව ප්‍රතිවාදීන් කොඩිය සහ ගීය, අධිරාජයා නමස්කාරය හා සමඟ සම්බන්ධ කරන අතර ගීය ගැයීමට දරුවන්ට බල කිරීම “ඔවුන් මත විශේෂිත ආගම් ඇදහිලි ක්‍රමයක් පැනවීමක් වනු ඇත.” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආගමට සහ හෘදය සාක්ෂියට එකඟ ව ක්‍රියා කිරීමට ඇති නිදහස උල්ලංගනය කිරීමක්, යයි ඔවුහු පවසති.
න්‍යෂ්ටික ව්‍යසන අනාවරණය කෙරේ
වර්ෂ ගණනාවක් සැඟ වී තිබුණා වූ ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරුවලින් එකක් පිහිටි ස්ථානය ගැන නව තොරතුරු දැනගන්න ලැබී ඇතැයි පැරීසියේ දින පතා පළ වන ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන් පවසයි. න්‍යෂ්ටික අවි සෑදීම හඹා යෑමේ දී කලින් තිබූ සෝවියට් රජය යූරල් කඳුවල ප්ලුටෝනියම් රසායනාගාරයක් ගොඩනැගී ය. එමෙන් ම වර්ෂ 1948 දී ගොඩ නැගීමට පටන් ගත් දා සිට 1951 දක්වා රසායනාගාරයේ විකිරණශීලී අපද්‍රව්‍ය, ගොවිතැන සහ පානය සඳහා ජලය භාවිතයට ගැනුණු එහි පිහිටි ගංගාවලට දැමී ය. ඉන් පසු, 1957 දී, පෘථවියේ වායුගෝලය තුළට විකිරණශීලී ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහරිමින්, එහි දී න්‍යෂ්ටික අපද්‍රව්‍යවල පිපිරීමක් සිදු විය. න්‍යෂ්ටික ද්‍රව්‍ය දැමීමට භාවිතා කළ අසළ පිහිටි විලක් වියළී ගිය විට, 1967 දී තවත් සිද්ධියක් ඇති විය. විකිරණශීලී අපද්‍රව්‍ය, සුළං මගින් විශාල ප්‍රදේශයක් කරා ගෙන ගියේ ය. මෙම සිද්ධීන් තුනෙන් සිදු කළ විකිරණශීලී දූෂණය 4,50,000ක් පමණ ජනයාට බලපා ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. g93 10/8