ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 6/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ළමා ගරිල්ලාවරු
  • සීකස ආරක්ෂා කිරීම
  • කානු වළවල්වල පියන් අතුරුදහන් වී
  • නව බයිබල් පරිවර්තන
  • නම් හා බැඳි ගැටලු
  • රුවන්ඩාවේ ස්ත්‍රීන්ට චෝදනා කෙරේ
  • ස්වාභාවික පිරිසිදු කිරීමේ කාරකයන්
  • තම හිස් පාවිච්චි කිරීම
  • “යෙරුසලම් සංධාවය”
  • අනාගතය කාන්තාවන් සඳහා ඉදිරිපත් කරන්නේ කුමක්ද?
    1998 පිබිදෙව්!
  • කාන්තාවන් හා ඔවුන්ගේ වැඩ අගය කිරීම
    1998 පිබිදෙව්!
  • කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 6/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

ළමා ගරිල්ලාවරු

ලොව පුරා සිටින ගරිල්ලා හමුදාවන් අතර ළමුන් දක්නට ලැබීම පොදු දෙයක් බවට පත් වී තිබේ. ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන් පුවත්පතට අනුව, ඝාතනය කරන අන්දම ළමයින් ඉක්මනින්ම ඉගෙනගන්නා අතර, තම පවුල බවට පත් වී සිටින හමුදා කණ්ඩායම විසින් පිළිගනු ලැබීමට තිබෙන ආශාව තරම්, හරි වැරදි අතර තේරීමක් කිරීම සඳහා වූ ඔවුන්ගේ හැඟීම ශක්තිමත් නොවේ. “රුවන්ඩා හා වෙනත් ස්ථානවල, දරුණුතම කුරිරුකම් සමහරක් සිදු කළේ දරුවන්ය,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් පැවසුවේය. “යම් කණ්ඩායමකට අයත් වීමට සහ ප්‍රශංසාව ලැබීමට ඔවුන් තුළ ආශාවක් තිබේ, එමෙන්ම ඔවුන්ට තුල්‍ය අනුමැතිය ලැබිය හැක්කේ වැඩිහිටියන්ටත් වඩා නිර්භීත වීමෙන් හෝ කුරිරු වීමෙන් හෝ පමණි.” අප්‍රිකාවේ සිදු වූ එක් ඝට්ටනයකදී, වයස අවුරුදු අටක් තරම් බාල පිරිමි ළමුන්ට පුහුණුව දී, තමන්ගේම දෙමව්පියන්ට වෙඩි තබා ඔවුන්ගේ ගෙලවල් සිරස් අතට කපා දැමීම වැනි කුරිරුකම් සිදු කිරීමට බල කරන ලදි. බලෙන් පැහැරගෙන යනු ලැබූ දැරියන්ට, පිසීමට, පිරිසිදු කිරීමට සහ පුරුෂයන්හට ලිංගික විනෝදය සැපයීමට බල කරනු ලැබීය. “දැනට යුද්ධවලට සහභාගි වන ළමුන්ගේ ගණන පිළිබඳ තක්සේරුව, සටන් 24ක 50,000 සිට 2,00,000ක් තරම් විශාල සංඛ්‍යාවක් දක්වා” විහිදී යන බව නිව්ස්වීක් සඟරාව ප්‍රකාශ කරයි.

සීකස ආරක්ෂා කිරීම

එන්සෙෆලාටොස් වූඩී නමැති සීකස ශාකය ලෝකයේ විරලතම ශාකය යයි බොහෝ උද්භිද විද්‍යාඥයෝ සලකති. එමනිසා පසුගිය වසරේ ලන්ඩනයේ පැවති චෙල්සී මල් ප්‍රදර්ශනයට තාල වර්ගයට අයත් ශාකයක් බඳු මෙම නිවර්තනීය ශාකයේ නිදර්ශකයක් යැවීමට දකුණු අප්‍රිකාව තීරණය කළ විට, සොරකමක් අල්ලාගැනීම සඳහා, ඔවුන් විසින් එහි කඳේ ප්‍රති-බැක්ටීරීය ආලේපනයක් යෙදූ අනුකලන පරිපථයක් තැන්පත් කිරීමේ පූර්වෝපායක් යොදන ලදි. දකුණු අප්‍රිකාව තුළ පරිවහනය කරනු ලබන සියලු ආකාර සීකස ශාක දැන් මේ ක්‍රමයට ආරක්ෂා කරනු ලැබේයයි නිව් සයන්ටිස්ට් වාර්තා කරයි. සොරුන්ට එරෙහිව, දකුණු අප්‍රිකානු සංරක්ෂකයෝ සමානාකාරයකින් වනයේ තිබෙන සීකස ශාකවලට ආරක්ෂාව සලසමින් සිටිත්, එසේ කරන්නේ පිහිටි ස්ථානය දක්වන චන්ද්‍රිකා පද්ධති මගිනි.

කානු වළවල්වල පියන් අතුරුදහන් වී

බේජිංහි වැසියන් 200කට අධික පිරිසක් 1994දී විවෘත කානු වළවල් තුළට වැටුණු බව ඉකනොමික් ඩේලි පුවත්පත වාර්තා කළේය. ඊට හේතුව කුමක් වීද? චීනයේ අග නුවරේ වීදිවලින් එම වසර තුළ කානු වළවල්වල පියන් 2,000කට අධික සංඛ්‍යාවක් සොරුන් විසින් සොරාගෙන තිබිණ. ඉන් වැඩි ප්‍රමාණයක් චීනයේ අස්ථිර ජනගහනය ලෙස හඳුන්වනු ලබන සංක්‍රමිකයන් විසින් සොරාගනු ලැබූ බව කියවේ. එම නගරයේ සංක්‍රමික ජනගහනයේ වර්ධනයත් සමඟම පසුගිය දශකය තුළ පියන් සොරකම වැඩි වී තිබේ. කිලෝග්‍රෑම් 60ක් බරැති එම පියන් යුවාන් 100කට (රුපියල් 650කට) වඩා අධික මිලකට විකිණිය හැක. තුවාල ලැබූ වැසියන් අතර පයින් ගමන් කරන්නන් හා බයිසිකල් පදවන්නන්ද විය.

නව බයිබල් පරිවර්තන

“කාලීන ඉංග්‍රීසි භාෂාවෙන් නව බයිබල් සංස්කරණ රැසක් පොත් සාප්පු කරා ළඟා වෙමින් පවතී,” යනුවෙන් යූ.එස්.නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් සඳහන් කරයි. ළමුන්ට, ක්‍රීඩකයන්ට, මහලු අයට, නිවසේ කල් ගෙවන මව්වරුන්ට, පියවරුන්ට සහ වෙනත් කණ්ඩායම්වල අය සඳහා බයිබල් නිපදවා තිබේ. බ්ලැක් බයිබල් ක්‍රොනිකල්ස් නමැති එක් පරිවර්තනයක්, “අප්‍රිකානු-අමෙරිකානු නහඹරයන්ට බයිබල් කතන්දර ප්‍රාණවත් කරවීම සඳහා පහත් භාෂාව හා නාට්‍ය කලාව භාවිත කරයි.” ද නිව් ටෙස්ටමන්ට් ඇන්ඩ් සාම්ස්: ඇන් ඉන්ක්ලූසිව් වර්ෂන් නමැති තවත් පරිවර්තනයක් ලිංග භේදවලින් තොර භාෂාවක් භාවිත කිරීමට වෑයමක් දරයි. දෙවියන්වහන්සේව “පිය-මව්” යනුවෙන්ද, මනුෂ්‍ය පුත්‍රයාව “මානුෂික තැනැන්වහන්සේ” යනුවෙන්ද හඳුන්වනු ලැබේ. වමත භාවිත කරන පුද්ගලයන්ව අමනාප කිරීමෙන් වැළකීම සඳහා, පරිවර්තකයන් දෙවියන්වහන්සේගේ දකුණත හඳුන්වන්නේ උන්වහන්සේගේ “බලවත් හස්තය” හැටියටයි, තවද වර්ණ භේදයට යොමු දක්වන නිසා, අන්ධකාරය තවදුරටත් නපුර සමඟ සසඳනු ලබන්නේ නැත. තුන්වනුව, එනම් නිව් ඉන්ටර්නැෂනල් රීඩර්ස් වර්ෂන් නිව් ටෙස්ටමන්ට්, එහි ප්‍රචාරකයා විසින් විස්තර කරනු ලබන්නේ “2.9 ශ්‍රේණියේ කියවීමේ මට්ටමින් ලියනු ලැබූ පළමු ලිඛිත-බයිබලය, එනම් වෙළඳපොළේ ලබාගත හැකි පහත්ම ශ්‍රේණියේ බයිබලය” හැටියටයි. එම ලිපිය මෙසේ අවසන් කරයි: “ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්ම දැන් බයිබල් අනුවාද 450කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබේ. මෙතරම් නව සංස්කරණ රැසක් වෙළඳපොළට එකතු වන බැවින්, ලොව ඉතා අධික ලෙස විකිණෙන පොත හැටියට බයිබලයට නිරන්තරවම හිමි වී තිබෙන ස්ථානය එය පහසුවෙන් අත්නොහරින්ට යන බව පැහැදිලි වේ.”

නම් හා බැඳි ගැටලු

බිලියන 1.2කට වඩා අධික ජනගහනයක් සතු චීනයට, වාසගම් ඌනතාවකට මුහුණ දීමට සිදු වී තිබේ. පර්යේෂකයන්ට අනුව, අතීතයේදී ව්‍යවහාරයේ පැවති වාසගම් 12,000 සමඟ සැසඳීමේදී, එහි දැනට ව්‍යවහාරයේ පවතින්නේ වාසගම් 3,100ක් පමණි. මිනිසුන් මිලියන 350ක් පමණ—එනම් එක්සත් ජනපදය හා ජපානයේ ජනගහනවල එකතුවට සමාන පිරිසක්—වඩාත්ම පොදු වාසගම් පහ දරති: එනම් ලී, වැං, සැං, ලියූ සහ චෙන්. ඊට අමතරව, එකම මුල් නාමද පොදුවේ භාවිත වේ. නිදසුනක් වශයෙන්, ටියැන්ජින්වල, සැං ලී යන නාමය 2,300කට වඩා අධික පිරිසකට තිබෙන අතර, ඔවුන් එය ලියන්නෙත් එකම අක්ෂර යොදාගෙනය, ඊට අමතරව තවත් බොහෝදෙනෙක් එකම උච්චාරණය භාවිත කරන නමුත් අක්ෂර වෙනස් ආකාරයකට යොදාගනිති. මෙම ව්‍යාකූලත්වය හේතුවෙන්, වරදවා අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු සංඛ්‍යාවක්ද, වැරදි බැංකු ගිණුම් හිස් කිරීම්ද සිදු වී ඇති අතර, රෝහල්වලදී වැරදි පුද්ගලයන්ට ශල්‍යකර්මද සිදු කර තිබේ. කොරියානු සමූහාණ්ඩුවද ඊට සමාන ගැටලුවකට මුහුණ දෙයි. එහි වෙසෙන සෑම පස්දෙනෙකුගෙන් එක්කෙනෙකුගේ වාසගම කිම් වන බව, 1987දී කරන ලද සමීක්ෂණයකින් හෙළි විය. සහාභිජනනය වැළැක්වීම සඳහා, එකම වාසගම ඇති පුද්ගලයන් අතර විවාහ තහනම් කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යුවළයන් දහස් සංඛ්‍යාවක් තම විවාහ ලියාපදිංචි නොකර එකට ජීවත්වීමට පටන්ගත් අතර, මෙනිසා රක්ෂණය හා වෙනත් වාසි ප්‍රයෝජන ලැබීමට සුදුසුකම් රහිත තත්වයකට ඔවුහු පත් වූහ. කෙසේවෙතත්, එම යුවළයන් ප්‍රථමයෙන් විදේශ රටක විවාහ වුවහොත්, එකම නම් ඇති අයගේ එබඳු විවාහයන් නීත්‍යනුකූල බවට සලකනු ලබන බව රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැන් නියම කර තිබේ.

රුවන්ඩාවේ ස්ත්‍රීන්ට චෝදනා කෙරේ

වර්ෂ 1994දී රුවන්ඩාවේ අඩුම වශයෙන් මිනිසුන් 5,00,000කගේ ඝාතනයට පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද වගකිව යුතු බව, ලන්ඩනයේ පිහිටි අප්‍රිකානු සංවිධානය කියා සිටියි. “දහස් සංඛ්‍යාත ස්ත්‍රීන්ව වෙනත් ස්ත්‍රීන් විසින් මරණු ලැබූ” බව ඔවුන්ගේ වාර්තාව සඳහන් කරයි. “එම ඝාතනවල ස්ත්‍රීන් ක්‍රියාශීලී කොටසක් දැරූ තරම පෙර නොදුටුවිරූ එකකි. මෙය අහඹු සිදුවීමක් නොවේ. එම මහත් විනාශයේ උත්පාදකයෝ ජනගහනයෙන් හැකි උපරිම ප්‍රමාණයක්, එනම් පුරුෂයන්, ස්ත්‍රීන්, මෙන්ම වයස අවුරුදු අටක් තරම් බාල දරුවන් පවා ඊට සම්බන්ධ කරගැනීමට වෙර දැරූහ. වර්ගඝාතනයේ ලෙයින් එකට බැඳුණු අන්තවාදීන්ගෙන් යුත් ජාතියක් බිහි කිරීමට ඔවුහු අරමුණු කළහ.” ඊට සම්බන්ධ වූ ස්ත්‍රීන්ගෙන් බහුතරයක් කැබිනට් මන්ත්‍රීවරුන්, පළාත් පාලන නිලධාරිණියන්, කන්‍යා සොහොයුරියන්, ගුරුවරියන් සහ හෙදියන් වැනි විශ්වාස කටයුතු නිලතල දැරූ අය වූහ. ඇතැම්හු ඝාතනයට ක්‍රියාශීලීව හවුල් වෙමින්, පිහි සහ තුවක්කු භාවිත කළහ, පිරිමි ඝාතකයන්ට දිරිගන්වමින්, නිවෙස් හා රෝහල් තුළට පිවිසීමට ඔවුන්හට ඉඩ සැලසීමෙන්, ගෙවල් කොල්ලකෑමෙන් හා මළමිනිවල ඇති සියල්ල පැහැරගැනීමෙන් වෙනත් ස්ත්‍රීහු ඊට අනුබල දුන්හ.

ස්වාභාවික පිරිසිදු කිරීමේ කාරකයන්

තෙල්වලින්-දූෂිත වූ කාන්තාර පස පිරිසිදු කර පුනර්වර්ධනය කිරීමට, මල් දරන ඇතැම් පැළෑටිවලට පුදුමසහගත හැකියාවක් ඇති බව දක්නට ලැබේයයි ලන්ඩනයේ ද ටයිම්ස් වාර්තා කරයි. පසේ තෙල් සියයට 10කට අඩුවෙන් අඩංගු තැන්වල, මෙම පැළෑටිවලට සශ්‍රිකව වැඩීමට හැකි අතර, ඒවායේ මුල් සම්පූර්ණයෙන්ම පිරිසිදුව පවතින බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. මෙයට හේතුව? පැළෑටිවල මුල් අවට වෙසෙන මිලියන ගණන් බැක්ටීරියා, තෙල් උරාගෙන හානිදායක නොවන ද්‍රව්‍ය වශයෙන් එය වියෝජනය කරයි. මෙම පැළෑටි අයත් වන්නේ විශාලතම ශාක කුලවලින් එකකටය, එනම් කොම්පොසයේට් පවුලටය, ඊට ඩේසි, ඇස්ටර් සහ වල්පැළෑටි බොහොමයක්ද ඇතුළත් වේ. කුවේට්හි කාන්තාර පිරිසිදු කිරීම වේගවත් කිරීම සඳහා මෙම පැළෑටි රෝපණය කිරීමට විද්‍යාඥයෝ නිර්දේශ කරති. ඉරාකය සමඟ සිදු වූ යුද්ධයෙන් වසර හතරකට පසුවත්, කාන්තාරයේ වර්ග කිලෝමීටර 50ක් පමණ තවමත් දූෂිත තත්වයක පවතී.

තම හිස් පාවිච්චි කිරීම

“අප්‍රිකානු කාන්තාවන් ඉතා බරැති වතුර භාජන හෝ කළගෙඩි ඔසවාගෙන සැතපුම් ගණනාවක් ඇවිදගෙන යන්නේ හරියට කිසි බරක් ගෙන නොයන්නාක් මෙනි,” යයි ඩිස්කවර් සඟරාව ප්‍රකාශ කරයි. “කිසිසේත් අමතර ශක්තියක් නොයොදා කාන්තාවන්ට අතිවිශාල බර එසවිය හැකි බව පර්යේෂකයෝ සොයාගෙන ඇත්තාහ.” කෙන්යාවේ වෙසෙන ඇතැම් කාන්තාවන්ට අමතර වෑයමකින් තොරව තමන්ගේ බරෙන් සියයට 20ක් දක්වා ඉසිලිය හැකිය. ඔවුන් එය කරන්නේ කෙසේද? “ඉතා බරැති පිටමලු රැගෙන යන හෝ තම හිස් භාවිත කිරීමට පුහුණු නොවූ අයට වඩා කාර්යක්ෂම ලෙස ඔවුන්ගේ බර එසවීමෙනි,” යනුවෙන් නිව් සයන්ටිස්ට් පිළිතුරු දෙයි. “එහි රහස කාන්තාවන්ගේ පැද්දෙන ගමනේ රඳා පවතින බව පර්යේෂකයෝ විශ්වාස කරති.” අපි ඇවිදින විට, හරියට ඔරලෝසුවක එහාට මෙහාට පැද්දෙන බට්ටෙකු මෙන් අපගේ ශරීරය පැද්දෙන අතර, එසේ කිරීමේදී අපගේ ශක්තියෙන් ස්වල්පයක් ඊළඟ අඩියට ගෙනයන්නෙමු. යුරෝපීය ජාතිකයන්ට, බර වැඩි වෙත්ම ශක්තිය මාරු කිරීමේ මෙම කාර්යක්ෂමතාව අඩු වේ. එනමුත් තම හිසෙහි බර තබාගෙන යන අප්‍රිකානු කාන්තාවන් සම්බන්ධයෙන් නම්, එම කාර්යක්ෂමතාව ඇත්තවශයෙන්ම වැඩි වේ, එමනිසා ඔවුන්ගේ පේශීවලට අමතර වැඩ කිසිවක් කරන්ට සිදු වන්නේ නැත. කෙසේවෙතත්, මෙම ශිල්ප ක්‍රමය හොඳින් කරගෙන යෑම සඳහා වසර ගණනාවක් ගත වේ.

“යෙරුසලම් සංධාවය”

මෙය වනාහි “එම නගරයට මහත් සේ ආත්මික හැඟීම් උපදවීමට තිබෙන හැකියාව නිසා බලපෑමට ලක් වී, තමන් ගැළවුම්කරු හෝ වෙන යම් බයිබල් චරිතයක් බව හෝ තමන්ට දෙවියන්වහන්සේගෙන් විශේෂ නියෝගයක් ලැබී තිබෙන බව හෝ ඒත්තුගැනීම නිසා සංචාරකයන්ට ඇති වන රෝගී තත්වයකි,” යයි ටයිම් සඟරාව ප්‍රකාශ කරයි. “ඔවුන් අතර වැඩි පිරිසකට, කලින් යම් ආකාරයක මානසික ගැටලු තිබූ බව සොයාගෙන තිබේ.” ගෝනි රෙදි ඇඳගෙන බෙත්ලෙහෙම අසල තැනින් තැන ගැවසෙන, රැවුලක් සහිත ඉතාලි ජාතිකයෙක්, තමා යේසුස්වහන්සේ බව කියා සිටියි. එම පුරාතන නුවර හරහා නිර්වස්ත්‍රව, කඩුවක් ලෙලවමින් දුවන මනුෂ්‍යයෙක්, තමාට අන්ධයන්ව සුව කිරීමට දූත මෙහෙයක් ලැබී ඇති බව පවසයි. තරබාරු කැනේඩියානු ජාතිකයෙක් තමා සම්සොන් බව කියන අතර, එය “ඔප්පු කරන්නේ” ඔහුගේ රෝහල් වාට්ටුවේ ජනේලයේ යකඩ රාමුව ඇද ඉවත් කර එතුළින් පලා යෑමෙනි. එම සංධාවයෙන් පීඩා විඳින අයව බොහෝවිට යෙරුසලමේ කාෆා ෂාවුල් මානසික රෝහලට ගෙනයනු ලබයි—එනම් සුව කරනු ලැබීමට නොව, නමුත් ප්‍රතිකාරය සඳහා නැවත නිවෙස් කරා පිටත්වීමට ඔවුන්ට හැකි වන පරිදි ඔවුන්ව සන්සුන් කිරීමටය. වසරකට එබඳු රෝගීන් 50ක් පමණ එම රෝහලට ඇතුල් වන අතර, ඔවුහු ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපයෙන් හා එක්සත් ජනපදයෙන් පැමිණි අය වෙති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න