අපේ ළමයි සඳහා දීප්තිමත් අනාගතයක්
දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූ දා සිට, යුද්ධවලින් සාමාන්‍ය වැසියන්ව ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ ආණ්ඩු ගිවිසුම් රාශියක් කෙටුම්පත් කර, ඒවාට අත්සන් කර තිබෙනවා. ළමුන්ට ඇඳුම් පැළඳුම් සමඟ බෙහෙත් සහ ආහාර යනාදිය සැපයීමට ඉඩ කඩ සලසා දෙන ගිවිසුම් ඒවා අතර තිබෙනවා. ළමුන්ව ලිංගිකව සූරාකෑම්වලින්, වධ හිංසාවලින් හා සාහසිකකම්වලින් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර සම්මුතීන් මගින් පොරොන්දු වෙනවා. වයස අවුරුදු 15ට අඩු ඕනෑම කෙනෙකුව යුද්ධ හමුදාවලට බඳවාගැනීමද සම්මුතීන් මගින් තහනම් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් නිකුත් කරන ද ස්ටේට් ඔෆ් ද ව’ල්ඩ්ස් චිල්ඩ්රන් 1996 (ලෝකයේ ළමයින්ගේ තත්වය, 1996) නමැති වාර්තාව, මේ නීති “සැබෑ සන්ධිස්ථානයන්” හැටියට පැසසුමට ලක් කරමින් මෙසේ පවසනවා: “පසුව කාරණා සලකා බලා තමන්ට විරුද්ධත්වය එල්ල විය හැකි සම්මතයන් තිබෙන බව දන්න දේශපාලනඥයන්, බොහෝදුරට එම සම්මතයන්ට අනුකූල වන පරිදි තමන්ගේ සැලසුම් සකස් කරගැනීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා.”
ඇත්තෙන්ම, දේශපාලනඥයන් හොඳින්ම දන්නවා, බොහෝ අවස්ථාවලදී නීති පැනවීමට ජාත්‍යන්තර ප්‍රජාවට හැකියාවක් මෙන්ම කැමැත්තක් නැති බව. මේ නිසා, “මේ ප්‍රතිපත්ති නොසලකා හැර තිබෙන තරම සැලකිල්ලට ගැනීමේදී, පවතින ජාත්‍යන්තර නීති පද්ධතියට නිග්‍රහ කිරීම ඒ තරම් අමාරු දෙයක් නොවන” බව එම වාර්තාව පිළිගන්නවා.
ඊළඟ කාරණය මුදල්. වර්ෂ 1993දී රටවල් 79ක සටන් ඇවිළෙමින් තිබුණා. එයින් 65ක් දිළිඳු රටවල්. මේ දිළිඳු රටවල් සටන් කරන්න අවශ්‍ය අවි ආයුධ ලබාගන්නේ කොහෙන්ද? වැඩියෙන්ම මිල දී ගන්නේ ධනවත් රටවලින්. එමෙන්ම ඌන සංවර්ධිත රටවලට අවි ආයුධ අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවන් පස්දෙනා කවුද? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනායි!
සැලකිල්ල දක්වන්නෝ
ඇත්තෙන්ම, යුද්ධයට මුහුණ දෙන ළමුන්ගේ දුඃඛිත තත්වය ගැන දැඩි සැලකිල්ලක් දක්වන අය සිටිනවා. පුද්ගලයන් මෙන්ම සංවිධානද යුද්ධයට ගොදුරු වී සිටින ළමයින්ට ප්‍රේමනීය ලෙස උපකාර කරනවා. උදාහරණයක් හැටියට, යුද්ධවලට හවුල් නොවන්නන් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් එසේ කර තිබෙනවා. නමුත් ළමයින් යුද්ධවලට ගොදුරු වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ යුද්ධ සම්පූර්ණයෙන්ම නතර කර දැමිය යුතු බවයි; එය ඉටු නොවන බලාපොරොත්තුවක් වගෙයි පෙනෙන්නේ. සටන් හා අරගලවලින් පිරි දිගු මිනිස් ඉතිහාසය නිසා, මිහිපිටට සාමය ගෙන ඒමට මිනිසුන්ට කවදාවත් බැරි බව බොහෝදෙනෙක් නිගමනය කරනවා. මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් නිවැරදියි.
දෙවි කවදාවත් ජාතීන්ගේ කාරණාවලට මැදිහත් වෙන්නේ නැති බවත් පෘථිවි ග්‍රහයා මතට කල්පවතින සාමයක් ගෙන එන්නේ නැති බවත් මිනිසුන් නිගමනය කරනවා. මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් වැරදියි.
අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවි, පොළොව මත සිදු වෙමින් පවතින දේවල් ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. ඔහුගේ වචනය වන බයිබලයේ යෙහෝවා මෙසේ අසනවා: “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස නසිනවාට කොයි ප්‍රකාරයකින්වත් මාගේ ප්‍රසන්නයක් ඇද්ද”? දෙවි අවධාරණයෙන් යුක්තව ඊට මෙසේ පිළිතුරු දෙනවා: “නසින්නාගේ මරණය ගැන මට කිසි ප්‍රසන්නයක් නැත.”—එසකියෙල් 18:23, 32.
ඒ ගැන ටිකක් කල්පනා කර බලන්න: දුෂ්ට වැඩිහිටියන් පවා පසුතැවිලි වී සතුටින් ජීවත් වෙනවාට අපේ දයානුකම්පිත මැවුම්කරු කැමති නම්, ළමයින් ජීවත් වෙනවා දකින්නත් ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳිනවා දකින්නත් ඔහු කැමති බවට කිසිම සැකයක් නැහැ! ඒත්, අපේ ප්‍රේමනීය මැවුම්කරු සැමදාම දුෂ්ටකම් ඉවසන්න යන්නේ නැහැ. “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය” කියා දේවවචනය පොරොන්දු වෙනවා. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය.”—ගීතාවලිය 37:9, 10.
තම ස්වර්ගික පියාගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ ලෙස පිළිබිඹු කළ යේසුස් ක්‍රිස්තුස් ළමයින්ට ආදරය කළ අතර, “ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේය” කියා පැවසුවා. (මතෙව් 19:14) යුද්ධයේ දෙවිවරුන්ට ළමයින්ව පූජා කිරීම යෙහෝවා දෙවිට මෙන්ම ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ටද පිළිකුලක්.—ද්විතීය කථාව 18:10, 12 සසඳන්න.
දීප්තිමත් අනාගතයක් පිළිබඳ දෙවිගේ පොරොන්දුව
සියවස් ගණනාවක් පුරා යුද්ධ සහ දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී තිබෙන්නේ, අනාගතවක්තෲ යෙරෙමියා පැවසූ මේ සත්‍යය සදාකාලයෙන් සදාකාලයටම සත්‍යයක් බව ඔප්පු වීම සඳහායි: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) ඉක්මනින්ම යෙහෝවා “පොළෝ කෙළවර දක්වා යුද්ධ [නවත්වා],” තම විශ්වනීය පරමාධිපත්‍යය නිදොස් කරන්න යන බව බයිබලයේ පොරොන්දු කර තිබෙනවා. (ගීතාවලිය 46:9) ඒ වගේම ‘ජනයා තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නාවූ, ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැති’ කාලයක් ගැනද බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා.—යෙසායා 2:4.
යුද්ධයෙන් මියගොස් සිටින අයට සිදු වන්නේ කුමක්ද? ඔවුන්ට යම් බලාපොරොත්තුවක් තිබෙනවාද? මියගිය අයව යුද්ධවලින් තොර පොළොවකට නැවත නැඟිටවීමක් ගැන මෙසේ පවසමින් යේසු පොරොන්දු වුණා: “[සිහිවීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ඒ හා සමානව, ප්‍රේරිත පාවුල්ද නිසැකකමින් යුක්තව මෙසේ සඳහන් කළා: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.”—ක්‍රියා 24:15.
දෙවිගේ පොරොන්දු ස්ථිරවම ඉටු වෙන්න යනවා. තමා පොරොන්දු වී තිබෙන සෑම දෙයක්ම ඉටු කිරීම සඳහා හැකියාව මෙන්ම අධිෂ්ඨාන ශක්තියද ඔහුට තිබෙනවා. (යෙසායා 55:11) යුද්ධ සහමුලින්ම ඉවත් කර දමනවා කියා ඔහු පැවසුවා නම්, ඔහු ඒක කරනවාමයි. මියගිය අයව නැවත නැඟිටුවනවා කියා ඔහු පොරොන්දු වුණා නම්, ඔහු එය කරනවා. ගාබ්‍රියෙල් දේවදූතයා පැවසුවාක් මෙන්, ‘දෙවිගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවෙයි.’—ලූක් 1:37.
[10වන පිටුවේ පින්තූරය]
යුද්ධ තවත් නැති කාලයේදී, ළමයින් සියලුදෙනාම සුරක්ෂිත ජීවිතයක් භුක්ති විඳින්න යනවා