ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/07 3 පි.
  • 1 හොඳ උපදෙස් පතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 1 හොඳ උපදෙස් පතන්න
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “විද්වතුන්ගේ” උපදෙස් එදා සහ අද
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවන් ඇති දැඩි කිරීමට විශ්වාසවන්තම උපදෙස්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි උපදෙස් ගන්න ඕනෙ ඇයි?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හොඳ උපදෙස් දෙන්නේ කොහොමද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 8/07 3 පි.

1 හොඳ උපදෙස් පතන්න

ඇයි මෙය වැදගත්? දෙමාපියන් පළමුවතාවට තම කිරිකැටියාව තුරුළු කරගන්නා විට වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම් රාශියක් ඔවුන් තුළ ඇති වෙනවා. බ්‍රිතාන්‍යයේ ජීවත් වන එක් පියෙක් වන බ්‍රෙට් මෙසේ පැවසුවා. “මට දැනුණු ප්‍රීතිය කියලා නිම කරන්න බැහැ. ඒත් එක්කම මට ලොකු වගකීමේ හැඟීමකුත් දැනුණා. මං මේ වගකීම ඉටු කරන්නේ කොහොමද කියලත් මට හිතුණා.” ආර්ජන්ටිනාවේ ජීවත් වන මොනිකා නමැති මව ඇගේ අදහස් මෙසේ පළ කළා. “මගේ දුවගේ අවශ්‍යතාවන් ඉටු කරන හොඳ අම්මා කෙනෙක් වෙන්න, ඒ වගේම චූටි දුවව හොඳ වැඩිහිටියෙක් කරන්න මට පුළුවන් වෙයිද කියලා මම කල්පනා කළා.”

ඒ දෙමාපියන්ට දැනුණු ප්‍රීතිය හා වගකීමේ හැඟීම් ගැන ඔබට තේරුම්ගන්න පුළුවන්ද? දරුවෙකු හදා වඩා ගැනීම ඉතා භාරදූර කාර්යයක් වුණත් ඉන් ලබන තෘප්තිය අපමණයි. සමහර අවස්ථාවලදී යම් කලකිරීම් ඇති වුණත් ප්‍රීතියක්ද අද්දකින්න පුළුවන්. එක් පියෙක් මෙසේ පවසනවා. “දරුවෙකුට ළමා කාලයේදී දෙන පුහුණුව ඔහුගේ මුළු ජීවිත කාලයටම බලපානවා.” මින් පැහැදිලි වන්නේ දෙමාපියන්ට දරුවන්ගේ යහපත තකා බොහෝ දේ කරන්න පුළුවන් නිසා දරුවන් ඇති දැඩි කිරීමේදී දෙමාපියන් හොඳ උපදෙස් පැතීම ඉතා වැදගත් බවයි.

අභියෝගය: සෑම කෙනෙකුටම දරුවන් ඇති දැඩි කිරීමේදී මඟ පෙන්වීම් අවශ්‍යයි. අතීතයේදී දෙමාපියන් මෙවැනි උපදෙස් ලබාගත්තේ තමන්ගේ දෙමාපියන්ගෙන් හෝ තමන්ගේ ආගමෙනුයි. නමුත් කාලයත් සමඟ බොහෝ රටවල පවුල් අතර ඇති බැඳීම් අඩු වී තිබෙනවා. ඒ වගේම ආගම් මගින් දෙන උපදෙස් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයත් කෙමෙන් කෙමෙන් අඩු වේගෙන යනවා. මේ හේතු නිසා බොහෝ දෙමාපියන් දරුවන් හදා වඩා ගැනීම ගැන ප්‍රවීණයන්ගේ උපදෙස් පතනවා. ඔවුන් දෙන සමහර උපදෙස් හොඳ ප්‍රතිපත්ති මත පදනම් වූ ඒවා වුණත් තවත් සමහර ඒවා එකිනෙකට පටහැනි මෙන්ම යල්පැන ගිය උපදෙස් බව පෙනෙන්න තිබෙනවා.

විසඳුම: දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් හොඳම උපදෙස් ලබා දිය හැකි තැනැත්තාගේ මඟ පෙන්වීම් පතන්න. ඒ වෙන කිසිවෙක් නොව අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි. (ක්‍රියා 17:26-28) දෙවි බයිබලය තුළින් දෙන උපදෙස් ප්‍රායෝගික නිසා ඒවා අදාළ කරගැනීමෙන් ඔබටත් හොඳ දෙමාපියෙක් විය හැකියි. “මාගේ ඇස් ඔබ කෙරෙහි යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි” කියා ඔහු පොරොන්දු වී තිබෙනවා.—ගීතාවලිය 32:8.

දරුවන් හදා වඩා ගැනීම ගැන දෙමාපියන්ට දෙවි දී තිබෙන උපදෙස කුමක්ද?

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.”—හිතෝපදේශ 3:5, නව ලොව පරිවර්තනය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න