ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/09 3 පි.
  • පහත් කොට සැලකීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පහත් කොට සැලකීම
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලොවම වෙළාගත් ගැටලුවක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ අගතියට ගොදුරු වූ කෙනෙක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පහත් කොට සලකන්නේ ඇයි?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 8/09 3 පි.

පහත් කොට සැලකීම

“මම ස්පාඤ්ඤයේ ඉස්කෝලෙක පළමු වසරේ ඉගෙනගනිද්දී පන්තියේ අනික් ළමයින්ට වඩා මම මිටි නිසා එක එක නම් කියලා මට විහිළු කළා. මම හැමදාම ගෙදර ගියේ අඬාගෙනයි.”—ජෙනිෆර්, පිලිපීන ජාතික දැරියක්.

“මම අලුත් ඉස්කෝලෙකට ගියාම පන්තියේ හිටපු අනික් සුදු ළමයි මට අපහාස වන විදිහේ නම් දැම්මා. ඒ අයට ඕන කරලා තිබුණේ මාව රණ්ඩුවකට පටලවා ගන්නයි. මගේ හිතට ලොකු දුකක් දැනුනත් මාව කොන් කරනවා කියලා තේරුණත් මම ඒවා දරාගත්තා.”—තිමති, අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතික දරුවෙක්.

“මට වයස අවුරුදු හතේදී නයිජීරියාවේ ඉග්බෝ ජාතිකයන් හා හව්සා ජාතිකයන් අතර ගැටුමක් ඇති වුණා. මටත් හව්සා ජාතිකයන් එක්ක වෛරයක් ඇති වුණා. ඒ නිසා මගේ පන්තියේ හිටිය හව්සා ජාතික ළමයෙක්ට මම විහිළු කළා.”—ජෝන්, ඉග්බෝ ජාතික දරුවෙක්.

“මමයි මගේ මිතුරියයි බයිබලයේ සඳහන් පණිවිඩය අපේ අසල්වැසියන් සමඟ බෙදාගන්න කොට පූජකයාගේ උසිගැන්වීම නිසා කුඩා ළමයින් අපේ පස්සෙන් ඇවිත් ගල් ගැහුවා. පූජකයා එහෙම කළේ අපිව ඒ නගරයෙන් පන්නා දමන්නයි.”—ඔල්ගා.

ඔබ කවදා හෝ ඔබේ සමේ වර්ණය, ආගම, ආර්ථික මට්ටම, ස්ත්‍රී පුරුෂභාවය හෝ වයස නිසා අගෞරවයට හෝ අවමානයට ලක් වී තිබෙනවාද? එවැනි දේවල් නිසා යමෙකු අවමානයට ලක් වුණා නම් ඔහු ජීවත් වන්නේ යළිත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වේවී යන බියෙනුයි. මේ නිසා මිනිසුන් පිරිසක් පසු කර යෑමට සිදු වන විට, වෙළඳ පොළට යන විට, අලුත් පාසැලකට යෑමට සිදු වන විට හෝ යම් උත්සවයකට සහභාගි වන විට ඔවුන් තුළ විශාල කනස්සලු ස්වභාවයක් ඇති වෙනවා.

අවමන් සහගත තත්වයන්ට මුහුණ දෙන අය නොයෙකුත් අසාධාරණකම්වලටද ලක් වෙනවා. රැකියාවක් සොයාගැනීමට දුෂ්කර වීම, අන් අයට මෙන් වෛද්‍ය පහසුකම් හා හොඳ අධ්‍යාපනයක් නොලැබීම, සාමාජීය හා නීතිමය අයිතිවාසිකම් අවම වීම මීට උදාහරණ කිහිපයක්. උසස් බලධාරීන්ද එවැනි දේවලට රුකුල් දෙන විට ජාතියක් හෝ වර්ගයක් සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටද හැකියි. එලෙස ජාතියක් තුරන් කිරීමට තැත් කළ සිද්ධියක් පිළිබඳව බයිබලයේ එස්තර් පොතේ සඳහන් වෙනවා.—එස්තර් 3:5, 6.

අන් අයව පහත් කර සැලකීමට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබෙන රටවල්වල පවා එම ගැටලුව තවමත් දක්නට ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයා මානව අයිතිවාසිකම් පිළිබඳව මෙසේ පැවසුවා. “මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් කර දශක හයක් ගත වී තිබුණත් තවමත් සෑම කෙනෙකුටම සම අයිතිවාසිකම් ලැබෙන්නේවත් නිසි ගරුත්වයක් ලැබෙන්නේවත් නැහැ.” සමහර රටවල්වලට බොහෝ ජනයා සරණාගතයින් ලෙස පදිංචියට යෑම නිසා එය විශාල ගැටලුවක් වී තිබෙනවා.

සැමට එක සේ සලකන සමාජයක් හුදු සිහිනයක් පමණද? ඒ වගේම අන් අයව පහත් කොට සැලකීම කවදා හෝ නිම වෙයිද? එම ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න