ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/10 23 පි.
  • ගුමන කුරුල්ලාගේ දිව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුමන කුරුල්ලාගේ දිව
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ගුමන කුරුල්ලාගේ දිව
    නිර්මාණයක්ද?
  • මල් සිඹින කුරුල්ලා
    1999 පිබිදෙව්!
  • දෙවියන් වහන්සේ මේ තරම් ඉවසා ඇත්තේ මන්ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවය ගෙන දෙන පරාග
    2007 පිබිදෙව්!
2010 පිබිදෙව්!
g 10/10 23 පි.

නිර්මාණයක්ද?

ගුමන කුරුල්ලාගේ දිව

● සාමාන්‍යයෙන් රුධිරය වැනි විවිධ දියර වර්ග පරීක්ෂා කිරීමේදී පර්යේෂකයන් ඒ සඳහා භාවිත කරන්නේ ඒවායින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. නමුත් එම දියර එක් තැනකින් තවත් තැනකට ගැනීම සඳහා ඔවුන් භාවිත කරන උපකරණ එතරම් සාර්ථක නැහැ. එසේනම් ඒ සඳහා සාර්ථක ක්‍රමයක් තිබෙනවාද? ඒ ගැන මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ ආචාර්යය ජෝන් බුෂ් පවසන්නේ “දැනටමත් සොබාදහමෙහි ඊට පිළියමක් තිබෙන” බවයි.

සිතා බලන්න: ඕනෑම දියරයක යම් බන්ධන ශක්තියක් තිබෙන අතර ගුරුත්වාකර්ෂණ බලය අබිබවා යෑමට ඒ ශක්තියට හැකියි. ගුමන කුරුල්ලා එය ප්‍රයෝජනයට ගන්නවා. ඌ මල් පැණි මතට උගේ දිව දැමූ විට එය බීම බටයක් සේ සකස් වෙනවා. එවිට මල් පැණිවල තිබෙන බන්ධන ශක්තිය නිසා ඉබේම උගේ දිව දිගේ මල් පැණි ඉහළට ගොස් දිව පැණිවලින් පිරෙනවා. ඒ නිසා පැණි උරා බීමට ඌට ආයාසයක් දැරීමට සිදු වන්නේ නැහැ. මේ නිසා තත්පරයක් ඇතුළත 20 වතාවක් පමණ පැණි බීමට ඌට හැකියි.

එම ක්‍රියාවලිය ගංගා ආශ්‍රිතව සිටින කුරුල්ලන් අතරත් දැකගත හැකියි. උන් ජලය පානය කරන්නේත් ඒ ආකාරයටමයි. එම හැකියාව ගැන අදහස් දක්වමින් කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යය මාක් ඩෙනී මෙසේ පවසනවා. ‘මේ පුංචි කුරුල්ලන්ගේ හැකියාව තුළ විශේෂ ගණිත ක්‍රමයක්, දක්ෂ ඉන්ජිනේරු තාක්ෂණයක් වගේම භෞතික නීතිද මනාව දැකගන්න පුළුවන්. හැබැයි කුරුල්ලෙකුට කිසිම ආයාසයකින් තොරව වතුර බොන ක්‍රමයක් සොයන්න කියා ඉන්ජිනේරුවෙකුට හෝ ගණිතඥයෙකුට කිව්වා නම් එයාලා මේ ක්‍රමය සොයාගනියි කියලා මම නම් හිතන්නේ නැහැ.’

මේ ගැන කල්පනා කර බලන්න. පුදුමාකාර හැකියාවක් සහිත ගුමන කුරුල්ලාගේ මේ පුංචි දිව අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Richard Mittleman/​Gon2Foto/​Alamy

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න