ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/14 10-11 පි.
  • ලොකු ඇස් ඇති පුංචි සතා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොකු ඇස් ඇති පුංචි සතා
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබ සතු අගනා දායාදයන්!
    2011 පිබිදෙව්!
  • විශ්වාසය, අනාගතය දකියි!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • වන ලැහැබක දරු සෙනෙහස
    2001 පිබිදෙව්!
  • අශ්ව පාදයේ සැඟවුණු රහස
    2014 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 12/14 10-11 පි.
උණහපුළුවා

ලොකු ඇස් ඇති පුංචි සතා

සමහර අයට මේ සතාව දැක්කම ආස හිතෙනවා. ඒත් තවත් අයට ඌ අමුතු සතෙක්. සෙන්ටිමීටර් 12.5ක් දිග මේ සතාගේ බර ග්‍රෑම් 114ක් විතර වෙනවා. උගේ කකුල් දිගයි. මුළු ශරීරයම සිනිඳු ලොම්වලින් වැහිලා. ඌ පුංචි සතෙක් වුණත් ඌට තියෙන්නේ දිලිසෙන ලොකු ඇස් දෙකක්.

අපි මේ කතා කරන්නේ පිලිපීනයේ ඉන්න උණහපුළු වර්ගයක් (tarsier) ගැනයි. කෙනෙක්ට ඌව දැක්කම හිතෙයි මේච්චර චූටි ඇඟකට ඇයි මෙච්චර විශාල ඇස්, කන්, අත්, කකුල් හා වලිගයක් තියෙන්නේ කියලා. ඒත් ඌ ඇත්තටම අපුරු නිර්මාණයක් කියලා ඌ ගැන හොයලා බලන ඕනම කෙනෙක්ට තේරෙයි.

ඇසීම: නමන්න, දිගහරින්න පුළුවන් හීනි කන් පෙති දෙකක් තියෙන නිසා සියුම් ශබ්දයක් වුණත් ඌට ඇහෙනවා. ඒ නිසා තමාව ගොදුරු කරගන්න එන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ඌට පුළුවන්. ඒ වගේම ඌ ආහාරයට ගන්න පළඟැටියන්, වේයන්, කුරුමිණියන්, කුරුල්ලන් හා ගෙම්බන් වැනි සතුන්ගේ හඬවලුත් ඌට හොඳින් ඇහෙනවා. ඒ නිසා බෙල්ල හරවලා ගොදුර තියෙන තැන හොයාගන්න ඌට පුළුවන්.

රැඳිලා ඉන්න විදිහ: උගේ ඇඟිලි තුඩුවල තියෙන කොට්ට හා උල් හැඩැති නියපොතු හැදිලා තියෙන විදිහ නිසා පුංචි අතු වුණත් ඌට පහසුවෙන් අල්ලගෙන ඉන්න පුළුවන්. ඌ නිදාගනිද්දී වුණත් අතුවලින් බිමට වැටෙන්නේ නැහැ. ඒ, වලිගයේ යටි පැත්තේ තියෙන ගැටිති අතු උඩ රැඳිලා ඉන්න ඌට උදව් වෙන නිසයි.

පෙනීම: ඇඟේ ප්‍රමාණය එක්ක බැලුවම මේ තරම් විශාල ඇස් තියෙන වෙන ක්ෂීරපායි සතෙක් නැති තරම්. උගේ ඇහැක් උගේ මොළේට වැඩිය ලොකුයි. ඒත් අනිත් සතුන්ට වගේ ඇස් කරවලා වටපිට බලන්න ඌට බැහැ. ඌ බලන්නේ එක එල්ලේ විතරයි. ඒත් බෙල්ල වටේටම කරකවන්න පුළුවන් නිසා වටපිට බලන එක ඌට ප්‍රශ්නයක් නෙමෙයි.

කඩිසරකම: දිග කකුල් තියෙන නිසා ඌට මීටර් 6ක් තරම් ඈතට පනින්න පුළුවන්. ඒ කියන්නේ උගේ ශරීරයේ දිග වගේ 40 ගුණයකටත් වඩා වැඩි දුරක්. නිශාචර සතෙක් වන ඌට හරියටම ගොදුරට පැනලා ඇඟිලිවලින් ඒක ඩැහැගන්නත් පුළුවන්.

උණහපුළුවා පණ පිටින් සතුන්ව අල්ලගෙන කන්න කැමති බඩජාරි සතෙක් නිසාත් කවුරුත් තමාව අල්ලනවාට කැමති නැති නිසාත් ඌව කූඩු කරලා හැදුවොත් ඌ වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. පිලිපීනයේ කාගෙත් සිත් ඇදගන්නා මේ සතා ඇත්තෙන්ම අරුම පුදුම නිර්මාණයක්.

ආරක්ෂා කරන අයුරු

අතක ඉන්න උණහපුළුවෙක්

1997දී පිලිපීන රජය උණහපුළුවාව විශේෂයෙන් ආරක්ෂා කළ යුතු සතෙක් හැටියට නම් කළා. ඒ නිසා උණහපුළුවන් දඩයම් කිරීම, උන් ජීවත් වන ස්ථානවලට හානි කිරීම හා සුරතල් සතෙක් ලෙස ඇති කිරීම නීති විරෝධියි. පිලිපීන වැසියන්ගේ ආදරය දිනාගෙන සිටින උණහපුළුවන් ඒ රටට සංචාරකයන්ව ආකර්ෂණය කරගන්නත් උදව් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න