ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 3 10-11 පි.
  • ප්‍රශ්න විසඳගන්න උදව්වක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න විසඳගන්න උදව්වක්
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • ඔයා සහකරුව අගය කරනවාද?
    2017 පිබිදෙව්!
  • ස්වාමිපුරුෂයෙනි ඔබේ නිවස බිරිඳට සොඳුරු නවාතැනක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදරණීය ලෙස ප්‍රේමය ලබන භාර්යාවක්
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ගෞරවය පෙන්නන්න
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 3 10-11 පි.
සැමියෙක් බිරිඳට ඇහුම්කන් දෙමින්

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

ප්‍රශ්න විසඳගන්න උදව්වක්

ප්‍රශ්නය

ඔයා බිරිඳ එක්ක හරි සැමියා එක්ක හරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න පටන්ගත්තාම ඒ සාකච්ඡාව ඉවර වෙන්නේ දෙන්නාගේම හිත් රිද්දගෙනද? එහෙනම් දුක් වෙන්න එපා. ඒකට විසඳුමක් තියෙනවා. ඒ ගැන දැනගන්න කලින් ගැහැනු අය සහ පිරිමි අය අදහස් හුවමාරු කරන විදිහ ගැන අපි බලමු.a

දැනගන්න ඕන දේ

බිරිඳක් කැමති ප්‍රශ්න ගැන කතා කරන්න. සැමියෙක්ට ඕනෙ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න.

සාමාන්‍යයෙන් ගැහැනු අය කැමති ප්‍රශ්නෙට විසඳුම දැනගන්න කලින් ඒ ගැන කතා කරන්න. සමහර වෙලාවට එයාලට ඕනෙ ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න විතරයි. ඒක තමයි ප්‍රශ්නෙට විසඳුම.

“හිතේ තියෙන දේ මහත්තයාට කිව්වාම එයා මාව තේරුම්ගන්නවා කියලා දැනෙද්දී ඒක ලොකු සහනයක්. විනාඩි දෙක තුනක් යද්දී මට දැනෙන්නේ ඒ ප්‍රශ්නේ විසඳුණා වගෙයි.”—සීර්පා.b

“ප්‍රශ්නේ ගැන මහත්තයාට කියනකල් මට ඒක අමතක කරන්න බෑ. හැබැයි ඒක කිව්වාට පස්සේ මං ඒ ගැන වද වෙන්නෑ.”—ඉජින්.

“ඒක රහස් පරීක්ෂක වැඩක් වගේ. එයා එක්ක කතා කරන ගමන්ම ප්‍රශ්නෙත් විසඳගන්නවා.”—ලර්ඩෙස්.

පිරිමි අය ආස ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. ප්‍රශ්නෙකට විසඳුමක් හොයාගත්තට පස්සේ තමයි සැමියෙක්ගේ හිතට සහනයක් දැනෙන්නේ. එයා නිතරම බලන්නේ ප්‍රශ්නෙට ඉක්මනින්ම විසඳුමක් දීලා බිරිඳට සහනයක් වෙන්න. ඒත් බිරිඳ ඒ දේ පිළිගන්න අකමැති වුණොත් සැමියා අපහසුතාවයට පත් වෙනවා. කර්ක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔයාට විසඳුමක් ඕනෙ නැත්නම් ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ.”

එක පොතක මෙහෙම කියනවා. “උපදෙස් දෙන්න කලින් ප්‍රශ්නේ තේරුම්ගන්න එක වැදගත්. විසඳුමක් දෙන්න කලින් බිරිඳගේ ප්‍රශ්නේ තේරුම්ගත්තා කියලත් ඒ ගැන ඔයා ඇත්තටම සැලකිලිමත් කියලත් එයාට දැනෙන්න සලස්වන්න. හුඟක් වෙලාවට එයාට ඕනෙ එයා කියන දේ අහගෙන ඉන්න එක මිසක් විසඳුමක් නෙමෙයි.”—The Seven Principles for Making Marriage Work.

කරන්න පුළුවන් දේ

ඔයා සැමියෙක් නම්: බිරිඳ කියන දේවල් අහන් ඉඳලා එයාව තේරුම්ගන්න පුරුදු වෙන්න. ටෝමාස් මෙහෙම කිව්වා. “සමහර වෙලාවට බිරිඳගේ ප්‍රශ්නේ අහන් හිටියට පස්සේ මට හිතෙනවා ඒකෙන් මුකුත් වුණේ නැහැනෙ කියලා. ඒත් මං දන්නවා එයාට වටින්නේ එයා කියන දේ මං අහන් ඉන්න එකයි කියලා.” ස්ටීවන් මෙහෙම කිව්වා. “බාධා කරන්නැතුව බිරිඳට ඇහුම්කන් දෙන එක තමයි හොඳම දේ. එහෙම කරද්දී එයාගේ හිතට සහනයක් දැනෙනවා කියලා එයා මට කියලා තියෙනවා.”

මෙහෙම කරලා බලන්න: බිරිඳ ප්‍රශ්නයක් ගැන කියද්දී ඒ වෙලාවෙම විසඳුමක් දෙන්න එපා. එයාගේ ඇස් දිහා බලන්න. එකඟ වෙන්න පුළුවන් තැන්වලදී එකඟ වෙන්න. එයා කියන දෙයින් ඔයා තේරුම්ගත්ත දේ කෙටියෙන් එයාට කියන්න. එතකොට එයාට දැනෙයි ඔයා ප්‍රශ්නේ තේරුම්ගත්තා කියලා. චාල්ස් මෙහෙම කියනවා. “සමහර වෙලාවට මගේ බිරිඳට ඕනෙ එයාව තේරුම් අරන් මං එයාගේ උදව්වට ඉන්නවා කියලා දැනෙන්න සලස්වන එක විතරයි.”—බයිබල් ප්‍රතිපත්තිය: යාකොබ් 1:19.

ඔයා බිරිඳක් නම්: ප්‍රශ්නයක් ගැන කියද්දී ඔයා බලාපොරොත්තු වෙන දේ සැමියාට කියන්න. එලනි ඒ ගැන මෙහෙම කියනවා. “අපේ හිතේ තියෙන දේ එයාලා තේරුම්ගනියි කියලා අපි හිතනවා. ඒත් සමහර වෙලාවට අපි ඒ ගැන කියන්න ඕනේ.” මේ වගේ දෙයක් කිව්වොත් හොඳයි කියලා ඉනෙස් කිව්වා. “මට ප්‍රශ්නයක් තියෙනවා. මං කැමතියි ඔයා ඒක අහන් ඉන්නවට. විසඳුමක් ඕනෙ නැහැ. මට හැඟෙන විදිහ තේරුම්ගත්තොත් හොඳටම ඇති.”

මෙහෙම කරලා බලන්න: ප්‍රශ්නේ කියලා ඉවර වෙන්නත් කලින් විසඳුමක් දුන්නොත් එයා ඔයා ගැන සැලකිලිමත් නැහැ කියලා හිතන්න එපා. එයා උත්සාහ කරනවා ඇත්තේ ඔයාට උදව් කරන්න. එස්තර් මෙහෙම කියනවා. “කේන්ති ගන්නවා වෙනුවට එයා මං ගැන සැලකිලිමත් කියලත් මං කියන දේ අහන් ඉන්න වගේම මට උදව් කරන්න කොච්චර කැමතිද කියලත් තේරුම්ගන්න මං උත්සාහ කරනවා.”—බයිබල් ප්‍රතිපත්තිය: රෝම 12:10.

දෙන්නාටම: හුඟක් වෙලාවට අපි පෙලඹෙන්නේ අනිත් අය අපිට සලකනවට අපි කැමති විදිහට ඒ අයටත් සලකන්න. ඒත් ප්‍රශ්නයක් සාර්ථකව විසඳගන්න නම් බිරිඳ හරි සැමියා හරි කැමති එයාට කොයි විදිහට සලකනවටද කියලා තේරුම්ගන්න ඕනේ. (1 කොරින්ති 10:24) මිගෙල් මෙහෙම කියනවා. “බිරිඳ කතා කරද්දී උනන්දුවෙන් අහන් ඉන්න. සැමියා විසඳුමක් දෙද්දී ඒකට ඇහුම්කන් දෙන්න. දෙන්නම එහෙම කරද්දී ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙයි.”—බයිබල් ප්‍රතිපත්තිය: 1 පේතෘස් 3:8.

a මේ ලිපියේ කතා කරන ගතිලක්ෂණ හැම සැමියෙකුටම, හැම බිරිඳකටම අදාළ වෙන එකක් නැහැ. හැබැයි තමන්ගේ බිරිඳව හරි සැමියාව හරි හොඳින් තේරුම් අරන් එයාත් එක්ක හොඳින් අදහස් හුවමාරු කරන්න මේ ලිපියේ තියෙන ප්‍රතිපත්ති ප්‍රයෝජනවත් වෙයි.

b නම් වෙනස් කර ඇත.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

  • “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

  • ‘සියලුදෙනාම එකඟතාවකින්ද එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සිටිය යුතුයි.’—1 පේතෘස් 3:8.

හොඳම වෙලාව මොකක්ද?

බයිබලයේ කියන දේ: “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද!” —හිතෝපදේශ 15:23.

“වැරදි වෙලාවේ වැරදි දෙයක් කිව්වොත් ලොකු හානියක් වෙන්න පුළුවන්.”—සීර්පා.

“බඩගින්නේ ඉද්දියි මහන්සි වෙලා ඉද්දියි ප්‍රශ්න ගැන කතා කරන්න එපා.”—ජූලියා.

“දවසක් මගේ මහත්තයා ගෙදර ආව ගමන්ම මං එයාට ප්‍රශ්නයක් ගැන කියන්න පටන්ගත්තා. ඒත් මට තේරුණා ඒ වෙලාවේ එයාට ඒක අහගෙන ඉන්න එක ලේසි නැහැ කියලා. ඒ නිසා මං කතාව නවත්තලා රෑ කෑම කෑවට පස්සේ ඒ ගැන කියන්නම් කියලා කිව්වා. ඒ ගැන එයා මට ස්තුති කළා. පස්සෙ ඒ ගැන කතා කරද්දී දෙන්නම හරිම සන්සුන්ව හිටිය නිසා ලේසියෙන්ම මගේ ප්‍රශ්නේ විසඳුණා.”—ලර්ඩෙස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න