ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 3 12-13 පි.
  • විශ්වාසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විශ්වාසය කියන්නේ මොකක්ද?
  • විශ්වාසයක් ඇති කරගන්න එක වැදගත් ඇයි?
  • විශ්වාසයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
  • හෙබ්‍රෙව් 11:1 - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සැබෑ ඇදහිල්ල යනු කුමක්ද?
    2000 පිබිදෙව්!
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 3 12-13 පි.

බයිබලයෙන් පිළිතුරක්

විශ්වාසය

හුඟක් අය කියනවා එයාලා ආගමට හරිම ළැදියි කියලා. ඒත් “විශ්වාසය” කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න එයාලට බැහැ. ඇත්තටම විශ්වාසය කියන්නේ මොකක්ද? ඒක වැදගත් ඇයි?

විශ්වාසය කියන්නේ මොකක්ද?

සමහර මිනිස්සු කියන දේ:

විශ්වාසය තියෙන කෙනෙක් සාක්ෂි නැතුව වුණත් හැම දේම විශ්වාස කරනවා. උදාහරණෙකට ආගමට ළැදි කෙනෙක් කියයි “මං දෙවියන්ව විශ්වාස කරනවා” කියලා. ඒත් එයාගෙන් ඇහුවොත් “ඇයි එහෙම කරන්නේ” කියලා, එයා කියයි “මගේ දෙමාපියනුත් දෙවියන්ව විශ්වාස කරපු නිසා” නැත්නම් “මං ඉගෙනගෙන තියෙන්නේ ඒ විදිහට” කියලා. ඒත් සැබෑ විශ්වාසයයි ඕනම දෙයක් විශ්වාස කරන එකයි අතර වෙනසක් තියෙනවා.

බයිබලයේ කියන දේ:

“විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.” (හෙබ්‍රෙව් 11:1) ඒ අනුව කෙනෙක්ට යම් දෙයක් කිසිම සැකයක් නැතුව විශ්වාස කරන්න නම් ඒ දේ ගැන පැහැදිලි සාක්ෂි තියෙන්න ඕනේ. බයිබලය ලියපු මුල් භාෂාවට අනුව “කිසි ලෙසකින්වත් සැක නොකිරීම” කියන එකෙන් අදහස් වෙන්නේ නිකම්ම විශ්වාස කරනවා කියන එක නෙමෙයි, පැහැදිලි සාක්ෂි ඇතුව යම් දෙයක් විශ්වාස කරනවා කියන එකයි.

“දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.”—රෝම 1:20.

විශ්වාසයක් ඇති කරගන්න එක වැදගත් ඇයි?

බයිබලයේ කියන දේ:

“ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක. මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.”—හෙබ්‍රෙව් 11:6.

කලින් සඳහන් කරපු විදිහට හුඟක් අය දෙවියන්ව විශ්වාස කරන්නේ එයාලට එහෙම උගන්වලා තියෙන නිසා. ‘මගේ දෙමාපියනුත් දෙවියන්ව විශ්වාස කළා’ කියලා එයාලා කියයි. ඒත් දෙවියන්ට නමස්කාර කරන අය ඔහු ජීවමාන කෙනෙක් වගේම ප්‍රේමණීය කෙනෙක් කියලා පැහැදිලි සාක්ෂි ඇතුව විශ්වාස කරනවාටයි දෙවියන් කැමති. දෙවියන් ගැන අවංකව හොයලා බලන්න කියලා බයිබලයේ සඳහන් කරන්න ඒක එක හේතුවක්. එහෙම කරද්දී අපිට ඔහුව හොඳින් දැන හඳුනා ගන්න පුළුවන් වෙනවා.

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

විශ්වාසයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලයේ කියන දේ:

‘විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණයි.’ (රෝම 10:17) ඒ අනුව සැබෑ විශ්වාසයක් ඇති කරගන්න නම් අපි මුලින්ම කරන්න ඕනෙ බයිබලයේ දෙවියන් ගැන කියලා තියෙන දේවලට ‘සවන් දෙන’ එක. (2 තිමෝති 3:16) ඔයා හොඳින් බයිබලය අධ්‍යයනය කළොත් දෙවියන් කියන්නේ කවුද, දෙවියන් ජීවමාන කෙනෙක් කියන්න තියෙන සාක්ෂි මොනවාද, දෙවියන් මං ගැන සැලකිලිමත්ද සහ අනාගතය සඳහා දෙවියන්ගේ අරමුණ මොකක්ද වගේ වැදගත් ප්‍රශ්නවලට පැහැදිලි උත්තර හොයාගන්න පුළුවන්.

ලොකු උනන්දුවකින් සමනලයෙක් දිහා බලන කෙනෙක්

දෙවියන් සැබෑ කෙනෙක් කියන්න ඕන තරම් සාක්ෂි අපි අවට තියෙනවා

ඔයා බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි නම් ඔයාට ඒකට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආසාවෙන් ඉන්නවා. ඒ ගැන jw.org/si කියන අපේ වෙබ් අඩවියේ තියෙන ලිපියක මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන කියලා දෙන්න හරිම ආසයි. හැබැයි අපේ ආගමට එන්න කියලා අපි කාටවත් බල කරන්නේ නැහැ. තමන් කැමති ආගමක් තෝරගන්න ඕනම කෙනෙකුට නිදහස තියෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගන්නවා.”

සැබෑ විශ්වාසයක් ඇති කරගන්න නම් ඔයාට ස්ථිර සාක්ෂි තියෙන්නම ඕනේ. ඔයා බයිබලය කියවද්දී ඒ තොරතුරු හොඳට අධ්‍යයනය කරනවා නම් ඒ සාක්ෂි හොයාගන්න පුළුවන්. එහෙම කරද්දී ඔයා අනුකරණය කරන්නේ පළවෙනි සියවසේ හිටිය බයිබලය අධ්‍යයනය කරපු අයව. ඔවුන් ‘ඇසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා බැලුවා. එහෙයින් ඔවුන් දෙවිගේ පණිවිඩය පිළිගත්තේ මහත් උනන්දුවකින්.’—ක්‍රියා 17:11.

“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” —යොහන් 17:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න