ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 1 12-13 පි.
  • ජීවිතේ නියම අරුත තේරුම්ගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතේ නියම අරුත තේරුම්ගැනීම
  • 2018 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • භෞතික විද්‍යා පර්යේෂකවරයෙක් තම විශ්වාසය ගැන කියයි
    2014 පිබිදෙව්!
  • මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 1 12-13 පි.
ජීවිතේ අරමුණ ගැන කල්පනා කරන මිනිසෙක්

සැබෑ සතුටට මඟ

ජීවිතේ නියම අරුත තේරුම්ගැනීම

මිනිසා අනිත් හැම ජීවියෙක්ටම වඩා අද්විතීයයි. ලියන්න, අදින්න, විවිධ දේවල් නිර්මාණය කරන්න සහ හිතන්න අපිට හැකියාව තියෙනවා. සිතීමේ හැකියාව තියෙන නිසා අපි මේ වගේ වැදගත් ප්‍රශ්න ගැන කල්පනා කරනවා. අපි ආවේ කොහෙන්ද? අනාගතයේදී මොනවා වෙයිද? ජීවිතය කියන්නේ ඉපදිලා, මැරිලා යන එකද?

ගොඩක් අය හිතන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර නැහැ කියලයි. තවත් අය හිතනවා අපි අවට තියෙන හැම දෙයක්ම ඇති වුණේ අහම්බෙන් නිසා අපේ ජීවිතේට කිසිම තේරුමක් නැහැ කියලා. ඉතිහාසය සහ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන විලියම් ප්‍රොවීන් මෙහෙම කියනවා. “දෙවියන් කියලා කෙනෙක් නැහැ. අපේ ජීවිතයට විශේෂ අරමුණකුත් නැහැ. විශ්වයේ තියෙන හැම දෙයක්ම අහඹු සිදුවීමක ප්‍රතිඵල.”

ඒ වගේ අදහස්වලට එකඟ වෙන්නේ නැති අයත් ඉන්නවා. විශ්වයේ තියෙන හැම දෙයක්ම භෞතික නීතිවලට අනුව හරිම පිළිවෙළකට තියෙන විදිහ ගැන ගොඩක් අය පුදුම වෙනවා. එයාලා ඒවා දිහා බලලා විවිධ දේවල් නිර්මාණය කරන්නත් පෙලඹිලා තියෙනවා. අපි අවට තියෙන දේවල සංකීර්ණත්වය දිහා බලද්දී ඒවා අහම්බෙන් ඇති වුණා කියලා හිතන්න පුළුවන්ද? නැත්නම් ඒවා පිටිපස්සේ කවුරු හරි බුද්ධිමත් කෙනෙක් ඉන්නවාද?

පරිණාමය විශ්වාස කරන සමහර අයත් ඒ ප්‍රශ්න ගැන හිතනවා. දැන් අපි ඒ වගේ දෙන්නෙක් ගැන බලමු.

ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන ඇලෙක්සි මාර්නෝව්. “හැම දෙයක්ම ඇති වුණේ පරිණාමයෙන් කියලා තමයි පොඩි කාලේ ඉඳන්ම අපිට ඉගැන්නුවේ. දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරපු අයව සැලකුවේ නූගත් අය විදිහට.” ඒත් 1990දී එයා විශ්වාස කරපු දේවල් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා.

“දෙයක් පිළිගන්න කලින් ඒක පිළිගන්න තියෙන හේතු ගැන මම තර්කානුකූලව හිතනවා. උදාහරණෙකට මිනිස් මොළේ ගැන හිතන්න. ඒක තමයි විශ්වයේ තියෙන සංකීර්ණම දේ. ඒකට හිතාගන්න බැරි තරම් තොරතුරු ප්‍රමාණයක් රැස් කරගන්න හැකියාව තියෙනවා. එච්චර සංකීර්ණ දෙයක් ටික දවසක් තිබිලා මැරිලා යන්නේ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන ගොඩක් අධ්‍යයනය කළාට පස්සේ මේ හැම දේම පිටිපස්සේ බුද්ධිමත් කෙනෙක් ඉන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා.”

ඒ නිසා ඇලෙක්සි බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. එයා හිතපු විදිහ වැරදියි කියලා ඔප්පු කරන්න වෛද්‍යවරියක් වුණ එයාගේ බිරිඳත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. දැන් ඒ දෙන්නාම දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියලත් ජීවිතේ අරමුණ මොකක්ද කියලත් එයාලා බයිබලය ඉගෙනගත්තාට පස්සේ තේරුම්ගත්තා.

භෞතික විද්‍යාඥයෙක් වන හුආබි යින්. ඇය කාලයක් පුරා සූර්යයා ගැන අධ්‍යයනය කරන කෙනෙක්.

හුආබි මෙහෙම කියනවා. “අවට තියෙන දේවල් අධ්‍යයනය කරන හැම වෙලාවෙම මට තේරුම් ගිය දෙයක් තමයි ඒ හැම දේකම පිළිවෙළක් තියෙනවා කියන එක. ඒවා ඒ විදිහට තියෙන්නේ භෞතික නීති තිතටම ක්‍රියාත්මක වෙන නිසයි. ඒ ගැන හිතද්දීත් පුදුමයි. උදාහරණෙකට කෑම උයනකොට ලිපේ ගින්දර හරි විදිහට පාලනය කරන්න ඕනේ. එතකොට සූර්යයාගේ උෂ්ණත්වය පාලනය වෙන්නේ කොහොමද? මට තිබ්බ ඒ වගේ ප්‍රශ්නවලට උත්තර බයිබලේ පළවෙනි පදයෙන්ම ලැබුණා. ‘පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.’”—උත්පත්ති 1:1.

විද්‍යාවෙන් කරන්නේ දෙයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන එකයි. උදාහරණෙකට මොළේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, සූර්යයාගෙන් ආලෝකය සහ උෂ්ණත්වය නිකුත් වෙන්නේ කොහොමද කියලා විද්‍යාවෙන් පැහැදිලි කරනවා. ඒත් විශ්වය බිහි වුණේ ඇයි, අපි ජීවත් වෙන්නේ ඇයි, භෞතික නීතිවලට අනුව හැම දෙයක්ම තිතටම වෙන්නේ ඇයි වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ බයිබලයේ විතරයි.

“දෙවි පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය” කියලා බයිබලයේ කියනවා. (යෙසායා 45:18) දෙවියන් මේ පොළොව නිර්මාණය කළේ විශේෂ අරමුණක් ඇතුවයි. ඒ ගැන දැනගන්න එක හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න ඔයාට උදව් වෙයි. ඊළඟ ලිපියෙන් බලන්නේ ඒ ගැනයි.

මතක තියාගන්න

‘දෙවියන් පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.’—යෙසායා 45:18.

“බලාපොරොත්තුවකට පුළුවන් කෙනෙක්ව ජීවත් කරවන්න”

“යම් දෙයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මානසිකව, ශාරීරිකව නිරෝගීයි. බලාපොරොත්තුවකට පුළුවන් කෙනෙක්ව ජීවත් කරවන්න.” එහෙම කිව්වේ මනෝ විද්‍යා මහාචාර්යවරයෙක් වන විලියම් මැක්ඩූගල්. ඒ වගේම මනෝ විද්‍යා මහාචාර්යවරියක් වන කැරල් රිෆ් මෙහෙම කියනවා. “ජීවිතේ මොනවා හරි දෙයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මානසික රෝග, හෘදයාබාධ සහ ආඝාතය වගේ රෝග ඇති වීමේ ප්‍රවණතාව ගොඩක් අඩුයි. ඒ නිසා එයාගේ ආයු කාලයත් වැඩියි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න