ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 8 පි.
  • 5 කතාබහ කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5 කතාබහ කරන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • කතාබහ පිරුණු කැදැල්ලක්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අදහස් හුවමාරු කිරීමේ මාර්ගයන් විවෘත ව තැබීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • දෙවියන් වහන්සේගේ නව ලොව තුළට ඔබගේ පවුල සුරැකි ව ගෙන යාමට ක්‍රියා කරන්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 8 ආදර්ශවත් වෙන්න
    2018 පිබිදෙව්!
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 8 පි.
දෙමාපියන් පාලමක් හරහා දුව ළඟට යමින්

හොඳ අදහස් හුවමාරුව හරියට දරුවන්ට කිට්ටු වෙන්න දෙමව්පියන්ට උදව් කරන පාලමක් වගෙයි

දෙමාපියන්ට

5 කතාබහ කරන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

දෙමාපියන් සහ දරුවන් හොඳින් කතාබහ කරනවා නම් ඒ දෙගොල්ලන්ම තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න අදිමදි කරන්නේ නැහැ.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

යොවුන් දරුවන් එක්ක කතාබහ කරන එක ලොකු අභියෝගයක්. පොතක මෙහෙම කියනවා. “දරුවන් පුංචි කාලේ හිතේ තියෙන හැම දෙයක්ම දෙමාපියන්ට කියනවා. ඒත් ලොකු වෙන්න වෙන්න දෙමාපියන්ගෙන් ඈත් වෙනවා.” (Breaking the Code) යෞවනයන් දෙමාපියන් එක්ක කතා කරන්න අකමැතියි වගේ පෙනුණත් හිතේ තියෙන දේවල් ගැන කියන්න එයාලට ලොකු උවමනාවක් තියෙනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඕනම වෙලාවක දරුවන් එක්ක කතා කරන්න සූදානමින් ඉන්න. මහා රෑ වුණත් ඒ දේ කරන්න අදිමදි කරන්න එපා.

“දරුවා මහා රෑ කතා කරන්න ආවොත් ඔයාට හිතෙයි මෙහෙම කියන්න. ‘මං මුළු දවසම ඔයාත් එක්ක හිටියානේ. ඇයි මේ වෙලාවේ ආවේ?’ හැබැයි එහෙම කියන්න එපා. දරුවන් මොන වෙලාවේ හරි දෙමාපියන් එක්ක කතා කරන එක ලොකු දෙයක්.”—ලීසා.

“මං ආස රෑ වෙන්න කලින් නිදාගන්න. හැබැයි මහා රෑක වුණත් දරුවන් මං ළඟට ආවාම එයාලා එක්ක කතා කළා. ඒ වගේ වෙලාවලදී තමයි එයාලා හුඟක් දේවල් මාත් එක්ක කිව්වේ.”—හර්බට්.

බයිබල් ප්‍රතිපත්තිය: “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

හොඳින් අවධානය දෙන්න. තාත්තා කෙනෙක් මෙහෙම කිව්වා. “වෙලාවකට දරුවන් මාත් එක්ක කතා කරද්දී මගේ ඔළුවේ දාහක් දේවල් වැඩ කරනවා. එයාලටත් තේරෙනවා මං හරියට අහන් ඉන්නේ නැහැ කියලා.”

ඔයාටත් එහෙම වෙලා තියෙනවාද? එහෙනම් දරුවා ඔයාත් එක්ක කතා කරද්දී හොඳ අවධානයක් දෙන්න උත්සාහ කරන්න. ඒ වෙලාවට ටීවී එක ඕෆ් කරන්න. ෆෝන් එක පැත්තකින් තියන්න. එයා කතා කරන දේ එච්චර වැදගත් නැති වෙන්න පුළුවන්. ඒත් හොඳින් සවන් දෙන්න.

“දරුවන්ට හැඟෙන විදිහ අපිට හුඟක් වැදගත් කියලා එයාලට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලා හැම දෙයක්ම හිතේ තද කරගෙන ඉන්න හරි වෙන කෙනෙක්ට ඒ දේවල් කියන්න හරි පෙලඹෙයි.”—මරැන්ඩා.

“දරුවා හිතන විදිහ වැරදි වුණත් කලබල වෙන්න එපා.”—ඇන්තනී.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න.”—ලූක් 8:18.

දරුවා එක්ක නිදහසේ කතා කරන්න පුළුවන් වෙලාවක් තෝරාගන්න. හුඟක් වෙලාවට දරුවන් එයාලගේ හිතේ තියෙන දේවල් කියන්නේ ඒ වගේ අවස්ථාවලදියි.

“කාර් එකේ යන ගමන් දරුවන් එක්ක කතා කරද්දී එයාලා හුඟක් දේවල් අපිත් එක්ක කියනවා.”—නිකෝල්.

කෑම කන වෙලාවට දරුවන් නිදහසේ ඉන්න නිසා එයාලා හුඟක් දේවල් කතා කරන්න පෙලඹෙනවා.

“රෑට කෑම කද්දී දවසේ වුණු දේවල් ගැන පවුලේ අය කතා වෙනවා. අපේ බැඳීමත් දැන් වැඩි වෙලා. අපි දන්නවා ප්‍රශ්න ආවත් අපි තනි වෙලා නැහැ කියලා.”—රොබින්.

බයිබල් ප්‍රතිපත්තිය: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න