නොසන්සුන් කාලවල බැඳීම් රැකගන්න මේ දේවල් කරලා බලන්න
විවාහ බැඳීම තව ශක්තිමත් කරගන්න
 
විවාහ බැඳීම තවත් ශක්තිමත් කරගන්න
 
බයිබලයේ මෙහෙම කියනවා: ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.’ (දේශනාකාරයා 4:9, 10) සැමියා/බිරිඳ වැඩ කරන්න ඕනෙ එකම ගුවන් යානයේ ඉන්න නියමුවන් වගේ. නැතුව ප්‍රහාරක ජෙට් යානා දෙකක නියමුවන් වගේ නෙමෙයි.
-   ඔයාට දැනෙන පීඩනය සැමියාගෙ නැත්නම් බිරිඳගෙ පිටින් යවන්න එපා. ඒ වෙනුවට ඉවසීමෙන් වැඩ කරන්න. 
-   හදාගන්න ඕන පැති ගැන සතියකට සැරයක්වත් කතා කරන්න. ඒක කරන්න ඕනෙ ප්‍රශ්න විසඳගන්න මිසක් කවුද හරි, කවුද වැරදි කියලා පෙන්නන්න නෙවෙයි. 
-   දෙන්නාටම සතුටක් ලැබෙන විදිහේ දේවල් කරන්න. 
-   ජීවිතේ පහු කරපු සොඳුරු තැන් මතක් කරගන්න. උදාහරණෙකට වෙඩින් එක දවසේ ගත්ත ෆොටෝ දෙන්නත් එක්ක එකතු වෙලා බලන්න. 
“සමහර වෙලාවට දෙන්නාගේ අදහස් අහසට පොළොව වගේ. ඒත් සහයෝගයෙන් වැඩ කරන්න නම් කරන්න තියෙන්නේ කතාබහ කරලා, තීරණ අරන් දෙන්නම එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන එකයි.”—ඩේවිඩ්.
හොඳ යාළුවන්ව නැති කරගන්න එපා
- 
  - හොඳ යාළුවන්ව නැති කරගන්න එපා 
 -   යාළුවෝ ඉන්න එක අපිට ලොකු හයියක්. ඒත් ඔයාට පුළුවන්ද එයාලටත් හයියක් වෙන්න? එයාලට උදව් කරද්දී ඒකෙන් ඔයාටත් ලොකු සතුටක් දැනෙනවා. 
-   හැමදාම යාළුවෝ දෙතුන්දෙනෙක්ට කතා කරලා එයාලා ගැන හොයලා බලන්න. 
-   ඔයා මුහුණ දෙනවා වගේ ප්‍රශ්නෙකට එයාලත් මුහුණ දෙනවා නම් එයාලට උදව් වුණ දේවල් ගැන අහන්න. 
“ඔයා දරුණු කුණාටුවක් මැද ඉද්දී යාළුවෝ හරියට හරි දිශාව පෙන්නලා දෙන දීප්තිමත් ආලෝකයක් වගේ. සමහර වෙලාවට ප්‍රශ්නයක් එද්දී අපි හොඳට දන්න පාරත් අපිට අමතක වෙනවා. ඒකට තමයි යාළුවෝ ඉන්නේ. ඒ නිසා බය වෙන්න එපා.”—නිකෝල්.
දරුවන්ගේ ළඟින්ම ඉන්න
 
දරුවන්ගේ ළඟින්ම ඉන්න
 
බයිබලයේ මෙහෙම කියනවා: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) දරුවෝ එකපාරටම හිතට බයක් දැනෙන දේවල් ගැන ඔයාට කියන එකක් නැහැ. ඒත් ඔයා ඉවසීමෙන් ඇහුම්කන් දුන්නොත් නිදහසේ කතා කරන්න ඒක එයාලට උදව් වෙයි.
-   දරුවන්ට නිදහසේ කතා කරන්න උදව් වෙන වටපිටාවක් ඇති කරන්න. පුටුවක ඉඳන් මූණ දිහා බලාගෙන කතා කරනවාට වඩා දරුවා කැමති වෙයි කාර් එකේ යන ගමන් නැත්නම් එකට ඇවිදින ගමන් එයාගේ හිතේ තියෙන දේවල් ගැන කියන්න. 
-   බය හිතෙන ප්‍රවෘත්ති ඕනාවට වඩා දරුවාට බලන්න දෙන්න එපා. 
-   පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ඔයා අරන් තියෙන පියවර ගැන දරුවන්වත් දැනුවත් කරන්න. 
-   හදිසි තත්වයකදී කරන්න ඕන දේවල් කලින්ම සැලසුම් කරන්න. ඒවා දරුවන් එක්ක පෙරහුරු කරන්න. 
“දරුවන් එක්ක කතා කරන්න. එයාලට හැඟෙන විදිහ කියන්න ඉඩ දෙන්න. එයාලා කේන්තිය, බය, කනස්සල්ල හිතේ හිර කරන් ඇති. ඔයාටත් එහෙම දැනෙනවා කියලා කියන්න. ඒ වගේ වෙලාවට ඔයා කරන දේවල් ගැනත් එයාලා එක්ක කතා කරන්න.”—බෙතනි.