ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g22 අංක 1 13-15 පි.
  • 4 | බලාපොරොත්තුව රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4 | බලාපොරොත්තුව රැකගන්න
  • 2022 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක්
  • ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබලය ජීවිතේට බලාපොරොත්තුවක් දෙනවා
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - බයිබලය ගැන ඉගෙනගන්න
  • 2024 බලාපොරොත්තුවක සේයාවක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
තව තොරතුරු
2022 පිබිදෙව්!
g22 අංක 1 13-15 පි.
මල් වාස් එකක් ළඟ දිගඇරලා තියෙන බයිබලයක්.

නොසන්සුන් ලොවක

4 | බලාපොරොත්තුව රැකගන්න

ඒක වැදගත් වෙන්නේ ඇයි?

ලෝකෙ සිද්ධ වෙන නොසන්සුන් දේවල් නිසා ඇති වෙන කනස්සල්ලෙන් ගතත් හිතත් ලෙඩ වෙන්න පුළුවන්. හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒකත් සුනුවිසුනු වෙලා යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙද්දී . . .

  • සමහරු හෙට දවස ගැන හිතන්නවත් කැමති නැහැ.

  • තවත් අය පීඩනය නැති කරගන්න මත්පැන් සහ මත්ද්‍රව්‍යවල පිහිට පතනවා.

  • ටිකදෙනෙක් “මෙහෙම ජීවත් වෙලා මොකටද” කියලා හිතලා ජීවිතය පවා නැති කරගන්නවා.

දැනගන්න ඕන දේ

  • ඔයා ඉස්සරහා තියෙන කඳු වගේ ප්‍රශ්න හිතන්නෙවත් නැති තරම් ඉක්මනින් සමතලා වෙයි.

  • ප්‍රශ්න හිතන තරම් ඉක්මනට විසඳුණේ නැතත් ඒවාත් එක්ක හැප්පෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

  • මිනිසුන් මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම ස්ථිර විසඳුමක් ලැබෙන කාලයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

කරන්න පුළුවන් දේ

බයිබලයේ මෙහෙම කියනවා: “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

දවසේ කරදර දවසට සෑහේ. හෙට දවස ගැන ළත වෙන්න ගියොත් අද දවසේ කරන්න තියෙන දේවලුත් හරියට කරගන්න බැරි වෙයි.

හෙට දවසේ වෙයි කියලා හිතෙන දේවල් ගැන අද ඕනාවට වඩා කරදර වුණොත් ලස්සන හෙටක් ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව බොඳ වෙලා යයි.

සන්සුන්ව ඉන්න උදව් වෙන යෝජනා

සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න

සතුටින් ජනේලෙන් එළිය බලාගෙන ඉන්න කාන්තාවක්.

බයිබලයේ මෙහෙම කියනවා: “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.” (හිතෝපදේශ 15:15) ප්‍රශ්නේ ලොකු කරගත්තොත් අත ළඟ තියෙන විසඳුම පේන්නේ නැතුව යයි. ඒ නිසා විසඳුම ගැන හිතන්න වැඩි කාලයක් දෙන්න.

  • හිත නොසන්සුන් කරන ප්‍රවෘත්ති බලන්න අනවශ්‍ය කාලයක් දෙන්න එපා.

  • හැම දවසක්ම අවසානයේ ඔයාට සතුටු වෙන්න පුළුවන් දේවල් දෙක තුනක් මතක් කරගන්න.

  • දවසට කරන්න තියෙන වැඩවල ලැයිස්තුවක් හදාගන්න. දවසින් ඉවර කරන්න බැරි වැඩ ටික කොටස්වලට කඩාගන්න. එතකොට හැම දවසකම කරපු දේවල් දිහා බලලා ඔයාට සතුටු වෙන්න පුළුවන්.

උදව් ගන්න

තරුණයෙක්ව දිරිගන්වන මහලු කෙනෙක්.

බයිබලයේ මෙහෙම කියනවා: ‘නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.’ (හිතෝපදේශ 18:1) ලොකු වළකට වැටුණු කෙනෙක්ට තනියම ගොඩට එන්න බැහැ. ඒකට තව කෙනෙක්ගේ උදව් ඕනෙමයි.

  • පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න.

  • එයාලට උදව් කරන්න පුළුවන් පැති ගැනත් හිතන්න. ඔයාගේ ප්‍රශ්නේ ගැන ඕනාවට වඩා හිතන්නේ නැතුව ඉන්න ඒක ඔයාට උදව් වෙයි.

  • ප්‍රශ්න නිසා ජීවිතේ නැති කරගන්න හිතෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි. මොකද එහෙම හිතෙන්නේ මානසික පීඩනය කියන රෝගය නිසා වෙන්න පුළුවන්. හුඟක් අය ප්‍රතිකාර අරන් සනීප වෙලා තියෙනවා.a

a ‘පිබිදෙව්!’ සඟරාව යම් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක්

අතීතයේ හිටපු ගීත රචකයෙක් දෙවියන්ට කරපු යාච්ඤාවකදී මෙහෙම කියලා තියෙනවා. “ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) බයිබලය ජීවිතය ආලෝකවත් කරන්නේ කොහොමද?

බයිබලය හරියට අඳුරු පාරක යන්න උදව් වෙන එළියක් වගේ. ඒ ආලෝකය ජීවන ගමනේ අඩිය තියන්න ඕන තැන් හඳුනගෙන හොඳ තීරණ ගන්න අපිට උදව් වෙනවා.

ඒ ආලෝකය ඉස්සරහා තියෙන දේවල් දැකගන්නත් අපිට උදව් වෙනවා. ඒ වගේ, බයිබලයෙන් අපේ අනාගතය ගැන දැනගන්න පුළුවන්.

බයිබලය කියන්නේ මිනිස් ඉතිහාසය ගැන වගේම අනාගතයේදී මිනිසුන්ට ලැබෙන ලස්සන කාලයක් ගැන සඳහන් වෙන විශේෂ පොතක්. ඒකෙන් ඔයාට මේ දේවල් ගැන දැනගන්න පුළුවන්.

දුක් කරදරවල පටන්ගැන්ම

ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

මිනිසුන්ට විසඳන්න බැරි හේතුව

ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැත.”—යෙරෙමියා 10:23.

දෙවියන් දෙන විසඳුම

ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

“බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?” කියන වීඩියෝ එකේ පින්තූරයක්. බයිබලයෙන් දැනගත්ත දෙයක් ගැන සැමියාට කියන බිරිඳක්.

තවත් දැනගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න