ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 25
  • පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • “මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 25
යාකොබ් සහ යොසෙප් ඊජිප්තුවේදී ආයේ හම්බ වුණාම සතුටින් වැළඳගන්නවා

කතන්දර 25

පවුල ඊජිප්තුවේ පදිංචි වෙන්න යනවා

යෝසෙප්ට එයාගේ හැඟීම් තවදුරටත් හංගගෙන ඉන්න බැරුව ගියා. එයා එයාගේ සේවකයන් හැමෝටම කාමරයෙන් පිට වෙන්න කියනවා. සහෝදරයන් එක්ක තනි වෙද්දි, යෝසෙප් අඬන්න පටන්ගන්නවා. එයා අඬන්නේ ඇයි කියලා එයාගේ සහෝදරයන්ට තේරෙන්නේ නැති නිසා ඒ අය කොච්චර පුදුම වෙන්න ඇද්ද කියල අපිට හිතාගන්න පුළුවන් නේද? එයා දැන් මෙහෙම කියනවා: ‘මම යෝසෙප්. මගේ තාත්තා තාමත් ඉන්නවාද?’

එයාගේ සහෝදරයන් කොච්චර පුදුම වෙනවාද කිව්වොත් ඒගොල්ලන්ට කතා කරගන්නවත් බැරි වෙනවා. ඒගොල්ලන්ට භය හිතෙනවා. ඒ වුණාට යෝසෙප් කියනවා ‘අනේ, කරුණාකරලා මං ළඟට එන්න’ කියලා. ඒගොල්ලන් ළඟට ආවාම එයා මෙහෙම කියනවා: ‘ඕගොල්ලන් ඊජිප්තුවට විකුණපු ඕගොල්ලන්ගේ සහෝදරයා යෝසෙප් මමයි.’

යෝසෙප් හරිම කරුණාවෙන් මෙහෙම කියනවා: ‘මාව මෙහාට විකුණපු එක ගැන දුක් වෙන්න එපා. මිනිස්සුන්ගේ ජීවිත බේරන්න, ඇත්තටම මාව ඊජිප්තුවට එව්වේ දෙවිමයි. මුළු දේශයේම පාලකයා හැටියට ඵාරාවෝ මාවයි පත් කරලා තියෙන්නේ. ඉතින් ඉක්මනට ගිහිල්ලා තාත්තාට මේ ගැන කියන්න. එයාට කියන්න මෙහේ ඇවිත් ජීවත් වෙන්න කියලා.’

ඊට පස්සේ යෝසෙප් එයාගේ සහෝදරයන් ඔක්කොමලාවම බදාගෙන ඉඹිනවා. යෝසෙප්ගේ සහෝදරයන් ඇවිල්ලා කියලා ඵාරාවෝ දැනගත්තාම, එයා යෝසෙප්ට මෙහෙම කියනවා: ‘කරත්ත අරං ගිහින් ඒගොල්ලන්ගේ තාත්තාවයි ඒගොල්ලන්ගේ පවුල් ඔක්කොමයි මෙහෙට අරං එන්න කියන්න. ඊජිප්තුවේ හොඳම දේශය මම ඒගොල්ලන්ට දෙනවා.’

ඉතින් ඒගොල්ලන් ඒ විදිහටම කළා. යාකොබ් එයාගේ මුළු පවුලත් එක්ක ඊජිප්තුවට එද්දී, යෝසෙප් එයාගේ තාත්තාව හමු වෙන විදිහයි අපිට මේ පින්තූරයෙන් පේන්නේ.

යෝසෙප්ගේ සහෝදරයනුයි පවුලේ අයයි ඊජිප්තුවේ පදිංචියට එනවා

යාකොබ්ගේ පවුල හුඟක් ලොකු වෙලා. ඒගොල්ලන් ඊජිප්තුවේ ඉන්න එද්දි යාකොබ් එයාගේ දරුවන්, මුනුබුරන් හා මිනිබිරියන් එක්ක විතරක් 70දෙනෙක් හිටියා. ඒ භාර්යාවන් නැතුව. ඒ විතරක් නෙවෙයි, සේවකයන් ගොඩක්දෙනෙකුත් ඉන්න ඇති. මේ හැමෝම ඊජිප්තුවේ පදිංචියට ආවා. දෙවි යාකොබ්ගේ නම ඉශ්‍රායෙල් කියලා වෙනස් කළා. ඒ නිසා මේ අයට කිව්වේ ඉශ්‍රායෙල්වරු කියලයි. ඉශ්‍රායෙල්වරු දෙවිට හරිම විශේෂ සෙනඟක් වුණා. අපි මේ ගැන පස්සේ බලන්න යනවා.

උත්පත්ති 45:1-28; 46:1-27.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න