ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 24
  • යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 24
යෝසෙප්ගේ රිදී කෝප්පය එයාගේ සහෝදරයන්ගේ ගෝනියේ තිබිලා ඊජිප්තු ජිතික සේවකයෙක් හොයාගන්නවා

කතන්දර 24

යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි

එයාගේ අයියලා 10දෙනා තාමත් නපුරුද කියලා දැනගන්න යෝසෙප්ට ඕන වුණා. ඉතින් එයා ඒගොල්ලන්ට කතා කරලා කියනවා ‘ඕගොල්ලන් ඔත්තුකාරයෝ. ඕගොල්ලන් ආවේ මේ රටේ අඩුපාඩු බලාගෙන යන්නයි’ කියලා.

ඒගොල්ලන් මෙහෙම උත්තර දෙනවා: ‘නැහැ, නැහැ, අපි ඔත්තුකාරයෝ නෙවෙයි. අපි අවංක මිනිස්සු. අපි පුත්තු 12දෙනෙක් ඉන්න පවුලක අය. එක සහෝදරයෙක් මැරුණා. අනික් සහෝදරයා, ඒ කියන්නේ බාලයා දැන් තාත්තා ළඟ.’

යෝසෙප් ඒගොල්ලන්ව විශ්වාස කරන්නේ නැති විදිහටයි හැසිරෙන්නේ. සිමියොන් කියන සහෝදරයාව හිරේ දාලා, අනික් අයට ආහාර අරන් ගෙදර යන්න අවසර දෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ට කියනවා, ‘ඕගොල්ලන් ආයෙත් එනකොට, ඕගොල්ලන්ගේ බාලම සහෝදරයාව අරං එන්න’ කියලා.

කානාන් දේශයේ ඉන්න ඒගොල්ලන්ගේ තාත්තා, ඒ කියන්නේ යාකොබ් ළඟට ගියාම, මේ හැම විස්තරයක්ම එයාට කියනවා. යාකොබ් ගොඩක් දුක් වෙනවා. ‘යෝසෙප් නැති වුණා. දැන් සිමියොනුත් නැති වෙලා. මගේ බාලම පුතා බෙන්යමින්ව ගෙනියන්න නම් මම ඕගොල්ලන්ට ඉඩ දෙන්නේ නැහැ’ කියලා එයා අඬනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ආහාර ඉවර වෙද්දී, තව ආහාර ගන්න ඊජිප්තුවට යන්න වෙනවා. ඉතින් බෙන්යමින්ව ඊජිප්තුවට ගෙනියන්න යාකොබ් අවසර නොදී බැහැ.

දැන් එයාගේ සහෝදරයන් එනවා යෝසෙප් දකිනවා. එයාගේ මල්ලි බෙන්යමින්ව දකින්න ලැබුණු එක ගැන එයාට හරිම සන්තෝෂයි. ඒ වුණාට ඒගොල්ලන් කවුරුත් දන්නේ නැහැ මේ වැදගත් මිනිසා යෝසෙප් කියලා. එයාගේ අර්ධ සහෝදරයන් 10දෙනාව පරීක්ෂා කරන්න යෝසෙප් දැන් අමුතු දෙයක් කරනවා.

එයා එයාගේ සේවකයින්ට කියනවා ඒගොල්ලන්ගේ ගෝනි ඔක්කොම ආහාරවලින් පුරවන්න කියලා. සහෝදරයන්ට කියන්නේ නැතුව, එයාගේ හොඳම රිදී කෝප්පය බෙන්යමින්ගේ ගෝනියට දාන්න කියලත් කියනවා. ඒගොල්ලන් එහෙන් පිට වෙලා වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා යෝසෙප් ඒගොල්ලන්ගේ පස්සෙන් එයාගේ සේවකයන්ව යවනවා. ඒගොල්ලන්ට ළං වුණාම, ‘අපේ ස්වාමියාගේ රිදී කෝප්පය ඕගොල්ලන් හොරකම් කළේ ඇයි’ කියලා සේවකයන් අහනවා.

‘අපි එතුමාගේ කෝප්පය හොරකම් කළේ නැහැ. කවුරු ළඟ හරි තිබිලා ඒ කෝප්පය හම්බ වුණොත්, ඒ කෙනාව මරලා දාන්න’ කියලා සහෝදරයන් හැමදෙනාම කියනවා.

ඉතින් සේවකයන් හැම ගෝනියක්ම හොයනවා. මේ පින්තූරයේ පේන විදිහට කෝප්පය හම්බ වෙන්නේ බෙන්යමින්ගේ ගෝනියෙන්. එතකොට සේවකයන් කියනවා ‘ඔය හැමෝටම ගෙදර යන්න පුළුවන්. ඒ වුණාට අපි බෙන්යමින්ව ගෙනියනවා’ කියලා. දැන් ඉතින් අර්ධ සහෝදරයන් 10දෙනා මොනවාද කරන්න යන්නේ?

හැමෝම බෙන්යමින් එක්ක ආයෙත් යෝසෙප්ගේ ගෙදරට යනවා. ‘ඔය හැමෝටම ගෙදර යන්න පුළුවන්. ඒ වුණාට බෙන්යමින් මගේ වහලෙක් හැටියට මෙහේ නැවතිලා ඉන්න ඕනේ’ කියලා යෝසෙප් එයාගේ සහෝදරයන්ට කියනවා.

යූදා දැන් කතා කරලා මෙහෙම කියනවා: ‘මගේ තාත්තා මේ ළමයාට හුඟාක් ආදරෙයි. ඉතින් ළමයා නැතුව මම ගෙදර ගියොත්, තාත්තා මැරෙයි. ඉතින් කරුණාකරලා, ඔබේ වහලෙක් හැටියට මාව මෙහේ තියාගෙන, දරුවාට ගෙදර යන්න දෙන්න.’

යෝසෙප්ට පේනවා එයාගේ සහෝදරයන් වෙනස් වෙලා කියලා. ඒගොල්ලන් කලින් හිටියා වගේ දැන් නපුරු නැහැ. යෝසෙප් දැන් මොකක්ද කරන්නේ කියලා බලමු.

උත්පත්ති 42:9-38; 43:1-34; 44:1-34.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න