ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 2/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝසෙප් සහෝදරයන්ව පරීක්ෂා කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 2/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 44:5හි අඟවන්නේ, යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝසෙප් රිදී කුසලානයක් භාවිත කරමින් ශාස්ත්‍ර කිවූ බවද?

යෝසෙප් භූතයන්ගේ බලය යොදාගෙන කිසිම දෙයක් කළ බව විශ්වාස කිරීමට සාධාරණ හේතුවක් නැහැ.

අනාගතය ගැන කලින් කියන්න පුළුවන් කාටද කියන එක ගැන යෝසෙප්ට පැහැදිලි අවබෝධයක් තිබුණා. පාරාවෝගේ සිහිනවල අර්ථය විස්තර කළ අවස්ථාවේදී, යෝසෙප් නැවත නැවත කියා සිටියේ ඉදිරියේදී සිදු වෙන්න යන දේවල් “ප්‍රකාශ” කරන්න හැකියාව ඇත්තේ දෙවිට පමණක් බවයි. මේ නිසා අනාගතය ගැන දැනගන්න යෝසෙප්ට හැකි වුණේ ඔහු නමස්කාර කළ සැබෑ දෙවිගේ බලයෙන් මිසක භූතයන්ගේ බලයෙන් නෙවෙයි කියන කාරණය පාරාවෝ තේරුම්ගත්තා. (උත්පත්ති 41:16, 25, 28, 32, 39) පසු කාලයකදී යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීතියේ විජ්ජාව, ශාස්ත්‍ර කීම වැනි දේවල් තහනම් කර තිබීමෙන් තහවුරු වුණේ අනාගතය ගැන කල් තියා පැවසීමට අයිතිය ඇත්තේ දෙවිට පමණක් බවයි.—ද්විතීය කතාව 18:10-12.

එහෙමනම් මේ රිදී කුසලානය “ශාස්ත්‍ර කියන්න”a භාවිත කළ එකක් බව යෝසෙප් තම සේවකයා ලවා පැවසුවේ ඇයි? (උත්පත්ති 44:5) එසේ කීමට හේතු වූ තත්වයන් සලකා බැලීමෙන් මෙය තේරුම්ගත හැකියි.

වසර ගණනාවකට පෙර යෝසෙප්ව දාසකමට විකුණූ ඔහුගේ සහෝදරයන් දරුණු සාගතයක් නිසා ආහාර මිල දී ගැනීමට ඊජිප්තුවට එනවා. ඔවුන් උපකාර ඉල්ලන්නේ ඊජිප්තුවේ ආහාර පරිපාලන කටයුතු භාරව සිටින යෝසෙප්ගෙනුයි. නමුත් ඒ ඔවුන්ගේ සහෝදරයා බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. ඔවුන්ව සෝදිසි කර ඔවුන් කළ දේ ගැන ඇත්තටම පසුතැවිලි වී සිටිනවාද කියා දැනගන්න අවශ්‍ය නිසා යෝසෙප් තමා කව්ද කියා ඔවුන්ට කියන්නෙත් නැහැ. තමන්ගේ සහෝදරයා වූ බෙන්ජමින්ට සහ බෙන්ජමින්ට බොහෝසෙයින් ප්‍රේම කළ ඔවුන්ගේ පියාට ඔවුන් ඇත්තටම ආදරෙයිද කියා දැනගැනීමටත් ඔහුට වුවමනා වුණා. මේ නිසා යෝසෙප් උපක්‍රමයක් යොදනවා.—උත්පත්ති 41:55–44: 3.

තම සහෝදරයන්ගේ මලුවලට ධාන්‍ය පිරවීමටත්, එක් එක්කෙනාගේ මුදල ඒ මලුවලටම දැමීමටත්, බෙන්ජමින්ගේ මල්ලේ යෝසෙප්ගේ රිදී කුසලානය දැමීමටත් යෝසෙප් සේවකයෙකුට අණ කරනවා. මේ අවස්ථාවේදී යෝසෙප් සහෝදරයන්ට පෙනී සිටින්නේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන දේශයක පාලකයෙක් හැටියටයි. ඔහු ක්‍රියා කරන්නෙත් කතා කරන්නෙත් ඊට ගැළපෙන ලෙසයි. ඔහු එසේ කරන්නේ තම සහෝදරයන්ට තමා ගැන කිසි සැකයක් ඇති නොවෙන්නයි.

මේ උපාය දිගටම යොදාගනිමින් “මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදන්නහුද” කියා යෝසෙප් තම සහෝදරයන්ගෙන් අහනවා. (උත්පත්ති 44:15) මේ නිසා කුසලානය ගැන කිවූ දෙය ඒ උපක්‍රමයේ කොටසක් බව අපිට පැහැදිලියි. බෙන්යමින් යෝසෙප්ගේ කුසලානය සොරකම් කළායයි කීම සත්‍යයක් නොවුණා වගේම, ඒ කුසලානය යොදාගෙන යෝසෙප් ශාස්ත්‍ර කිව්වා කියා කීමත් සත්‍යයක් නෙවෙයි.

[පාදසටහන්වල]

a පුරාණයේදී ශාස්ත්‍ර කිවූ ආකාරය ගැන එෆ්. සී. කුක් ලිවූ පොතක සඳහන් වෙන්නේ මෙයයි. “ඒ කාලයේදී සමහරුන් ශාස්ත්‍ර කිව්වේ රත්තරන්, රිදී හෝ මැණික් වතුරට දමා ඉන් පෙනෙන දේ පරීක්ෂා කරලයි. නැත්නම් කැඩපතක් දෙස බලන්නාක් මෙන් වතුර දෙස බලලයි.” (The Holy Bible, With an Explanatory and Critical Commentary) බයිබලය ගැන විස්තර ලිවූ ක්‍රිස්ටෆර් වර්ඩ්ස්වර්ත් කියන්නේ “සමහර අවස්ථාවලදී කුසලානයකට වතුර පුරවා එයට වැටෙන හිරු එළියෙන් පෙනෙන ඡායාව දෙස බලලත් ශාස්ත්‍ර කිව්වා” කියායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න