ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 23 පාඩම 60 පි.-61 පි. 4 ¶
  • යෙහෝවා දෙවියන්ට වුණු පොරොන්දුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට වුණු පොරොන්දුව
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඔහුගේ නීති දෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • සීනයි—මෝසෙස්ගේ හා දයාවේ කන්ද
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොරොන්දුව කඩ කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 23 පාඩම 60 පි.-61 පි. 4 ¶
සීනයි කන්ද පාමුල ඉන්න ඊශ්‍රායෙල්වරු

23වෙනි පාඩම

යෙහෝවා දෙවියන්ට වුණු පොරොන්දුව

ඊජිප්තුවෙන් ඇවිත් මාස දෙකකට විතර පස්සේ ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟ කූඩාරම් ගහගත්තා. මෝසෙස්ට කන්ද උඩට එන්න කියලා යෙහෝවා මෙහෙම කිව්වා. ‘මම ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්තා. එයාලා මට කීකරු වෙලා මං කියන විදිහට වැඩ කළොත් එයාලා මට අයිති විශේෂ සෙනඟක් වෙනවා.’ මෝසෙස් ඒ දේ ඊශ්‍රායෙල්වරුන්ට කිව්වාම ‘යෙහෝවා කියන ඕනම දෙයක් කරන්න අපි කැමතියි’ කියලා එයාලා කිව්වා.

මෝසෙස් ආයෙත් කන්දට ගියා. යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘තව දවස් තුනකින් මං ඔයාට කතා කරන්නම්. සීනයි කන්දට නඟින්න එපා කියලා සෙනඟට කියන්න.’ යෙහෝවා කියපු දේවල් මෝසෙස් සෙනඟට කිව්වා.

සීනයි කන්ද කලු වලාකුළකින් වැහිලා විදුලි කොටන විදිහ ඊශ්‍රායෙල්වරු දැක්කා

දවස් තුනකට පස්සේ කන්ද උඩ තිබුණු අඳුරු වලාකුළකුත් විදුලි කොටන විදිහත් ඊශ්‍රායෙල්වරු දැක්කා. ගොරවන සද්දෙත් හොරණෑ සද්දෙත් ඇහුණා. ඊටපස්සේ යෙහෝවා ලොකු ගින්නක් මැදින් කන්දට ආවා. ඊශ්‍රායෙල්වරු බය වෙලා වෙවුලන්න පටන්ගත්තා. මුළු කන්දම දෙදරලා දුමෙන් වැහුණා. හොරණෑ සද්දේ එන්න එන්නම වැඩි වුණා. ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. ‘මං යෙහෝවා. ඔයාලා මට හැර වෙන කිසි දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න එපා.’

මෝසෙස් ආයෙත් කන්ද උඩට ගියාම යෙහෝවා සෙනඟ නමස්කාර කරන්න ඕන විදිහ ගැනත් වැඩ කරන්න ඕන විදිහ ගැනත් නීති දුන්නා. මෝසෙස් ඒවා ලියාගෙන ඇවිත් සෙනඟට ඇහෙන්න කියෙව්වාම ‘යෙහෝවා කියපු හැම දේම අපි කරනවා’ කියලා එයාලා පොරොන්දු වුණා. එයාලා ඒ දේ පොරොන්දු වුණේ යෙහෝවා දෙවියන්ට. පොරොන්දු වුණු විදිහටම එයාලා කරයිද?

“ඔයාලාගේ දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ.”—මතෙව් 22:37

ප්‍රශ්න: සීනයි කන්දේදී වුණේ මොනවාද? ඊශ්‍රායෙල්වරු පොරොන්දු වුණේ මොනවාද?

නික්මයාම 19:1–20:21; 24:1-8; ද්විතීය කතාව 7:6-9; නෙහෙමියා 9:13, 14

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න