ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 24 පාඩම 62 පි.-63 පි. 2 ¶
  • පොරොන්දුව කඩ කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොරොන්දුව කඩ කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • රන් වසුපැටියා
    මගේ බයිබල් කතන්දර පොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සීනයි—මෝසෙස්ගේ හා දයාවේ කන්ද
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 24 පාඩම 62 පි.-63 පි. 2 ¶
රන් වස්සා ළඟ සින්දු කියමින් නටමින් ඉන්න ඊශ්‍රායෙල්වරු

24වෙනි පාඩම

පොරොන්දුව කඩ කළා

දෙවියන් මෝසෙස්ට කිව්වා ‘කන්ද උඩට නැඟලා එන්න, මගේ නීති ගල් පුවරුවල ලියලා මං ඔයාට දෙන්නම්’ කියලා. මෝසෙස් කන්දට නැඟලා එතන දවස් 40ක් හිටියා. එයා එතන ඉද්දී යෙහෝවා නීති 10ක් ගල් පුවරු දෙකක ලියලා මෝසෙස්ට දුන්නා. ඒකට කිව්වේ දසපනත කියලා.

ගල් පුවරු දෙක පොළොවේ ගහන මෝසෙස්

ටික දවසක් යද්දී ඊශ්‍රායෙල්වරු හිතුවේ මෝසෙස් එයාලව දාලා යන්න ඇති කියලයි. ඒ නිසා එයාලා ආරොන්ට කිව්වා ‘අපිට නායකයෙක් ඕනෙ, අපිට දෙවි කෙනෙක්ව හදලා දෙන්න’ කියලා. එතකොට ‘මට ඔයාලාගේ රත්තරන් දෙන්න’ කියලා ආරොන් කිව්වා. ඊටපස්සේ එයා ඒවාවලින් වස්සෙක්ගේ රූපයක් හැදුවා. ‘මේ වස්සා තමයි ඊජිප්තුවෙන් අපිව නිදහස් කරගෙන ආපු අපේ දෙවියන්’ කියලා සෙනඟ ඒ රූපයට නමස්කාර කරන්න පටන්ගත්තා. විනෝද වෙන්නත් පටන්ගත්තා. යෙහෝවාට විතරක් නමස්කාර කරන්න එයාලා පොරොන්දු වෙලයි තිබුණේ. ඒත් එයාලා ඒ පොරොන්දුව කැඩුවා.

යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘ආයෙත් සෙනඟ ළඟට යන්න. එයාලා මට අකීකරු වෙලා බොරු දෙවියෙක්ට නමස්කාර කරනවා.’ මෝසෙස් ගල් පුවරු දෙකත් අරන් කන්දෙන් බැහැලා ආවා.

සෙනඟ සින්දු කියනවා මෝසෙස්ට දුර ඉඳලාම ඇහුණා. සෙනඟ නටන විදිහත් රත්තරන් වස්සාට වඳින විදිහත් දැක්කාම මෝසෙස්ට හුඟක් කේන්ති ගියා. එයා අතේ තිබුණු ගල් පුවරු දෙක බිමට වීසි කරලා ඉක්මනටම ගිහින් රූපය විනාශ කළා. පස්සේ එයා ආරොන් ළඟට ගිහින් මෙහෙම ඇහුවා. ‘ඔයා මෙච්චර ලොකු වරදක් කළේ ඇයි?’ එතකොට ආරොන් මෙහෙම කිව්වා. ‘කේන්ති ගන්න එපා. මේ සෙනඟ ගැන ඔයා දන්නවානේ. එයාලට දෙවි කෙනෙක් ඕනෙ වුණා. ඉතින් මං එයාලාගේ රත්තරන් අරන් ගින්නට වීසි කළාම මේ වස්සාගේ රූපය එළියට ආවා.’ ආරොන් කරපු දේ වැරදියි. පස්සේ මෝසෙස් ආයෙත් කන්ද උඩට ගිහින් සෙනඟට සමාව දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා.

කීකරු වෙන්න කැමති අයට යෙහෝවා සමාව දුන්නා. ඊශ්‍රායෙල්වරු මෝසෙස්ට කීකරු වෙන එක කොච්චර වැදගත් දෙයක් වුණාද!

“ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා. මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.”—දේශනාකාරයා 5:4

ප්‍රශ්න: මෝසෙස් නැති අතරේ ඊශ්‍රායෙල්වරු කළේ මොනවාද? කන්දෙන් බැහැලා ආවාට පස්සේ මෝසෙස් කළේ මොනවාද?

නික්මයාම 24:12-18; 32:1-30

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න