ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 6 පාඩම
  • නිර්භීත වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත වෙන්න
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කරපු දේ
  • යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ නිර්භීතව සාක්ෂි දරනවාද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • ‘දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනය නිර්භීතව කතා කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 6 පාඩම

කතාබහක් පටන්ගද්දී

යේසුස් සකෙවුස්ට ගහෙන් බැහැලා එන්න කියද්දී සමහරු පුදුමෙන් බලන් ඉන්නවා.

ලූක් 19:1-7

6පාඩම

නිර්භීත වෙන්න

ප්‍රතිපත්තිය: “එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.”—ක්‍රියා 4:31.

යේසුස් කරපු දේ

යේසුස් සකෙවුස්ට ගහෙන් බැහැලා එන්න කියද්දී සමහරු පුදුමෙන් බලන් ඉන්නවා.

වීඩියෝ: ‘යේසුස් සකෙවුස්ට දේශනා කරයි’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ලූක් 19:1-7 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. සමහරු සකෙවුස්ව මඟහරින්න ඇත්තේ ඇයි?

  2. ආ. ඒත් යේසුස් එයාට ශුභාරංචිය කියන්න පෙලඹුණේ ඇයි?

යේසුස්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. තරාතිරම් බලන්නේ නැතුව හැමෝටම ශුභාරංචිය කියන්න අපිට නිර්භීතකම ඕනේ.

යේසුස්ව ආදර්ශයට ගන්න

3. යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. දේශනා කරන්න යේසුස්ට ශක්තිය ලැබුණේ දෙවියන්ගේ බලයෙන්. ඔයාව ශක්තිමත් කරන්නත් ඒ බලයට පුළුවන්. (මතෙ. 10:19, 20; ලූක් 4:18) සමහර අයට කතා කරන්න ඔයාට බයක් දැනෙනවා නම් බය නැති කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න.—ක්‍රියා 4:29.

4. පිටින් බලලා තීරණයකට එන්න එපා. කෙනෙක්ගේ පෙනුම, සමාජ තත්වය, ආගමික විශ්වාසයන්, එයා ජීවත් වෙන විදිහ සහ එයා දුප්පත්ද පොහොසත්ද කියන එක වගේ දේවල් බලලා අපි එයාත් එක්ක කතා කරන්න අදිමදි කරන්න පුළුවන්. ඒත් මේක මතක තියාගන්න:

  1. අ. කෙනෙක්ගේ හිතේ තියෙන දේවල් දකින්න අපිට බැහැ. යෙහෝවාටයි, යේසුස්ටයි විතරයි ඒක කරන්න පුළුවන්.

  2. ආ. ජීවිතේ වෙනස් කරගන්න ඕනෙම කෙනෙක්ට උදව් කරන්න යෙහෝවාට පුළුවන්.

5. විමසිල්ලෙන් ඉඳලා ඥානවන්තව වැඩ කරන්න. (මතෙ. 10:16) වාද කරන්න එපා. එයා පණිවිඩේ අහන්න කැමති නැත්නම්, ඔයාට අනතුරක් වෙයි කියලා හිතෙනවා නම් සුහදව කතාව නවත්තලා එතනින් යන්න.—හිතෝ. 17:14.

මේ පදත් බලන්න

එෆී. 6:19, 20; 1 තෙස. 2:2; 2 තිමෝ. 1:7

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න