දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනයට අවධානය යොමු කරන්න!
දෙවැනි පේතෘස් ලිපියෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ අනාවැකිමය වචනය හෙවත් පණිවුඩය අඳුරු තැනක බබළන පහනක් මෙන් වන අතර, එයට දැඩි අවධානයක් යොමු කිරීමට ක්‍රිස්තියානීන් හට අවශ්‍ය කරවයි. බොරු ගුරුවරුන් ධර්ම භේද ඇති කිරීමට උත්සාහ කරන විට මෙය පහසු දෙයක් නොවේ. නමුත් දිව්‍ය උපාකරය ඇති ව එය කළ හැකි ය. සීඝ්රයෙන් ළඟා වෙමින් තිබෙන යෙහෝවඃ වහන්සේගේ දවසෙන් බේරී ජීවත් වීමට අපට උවමනා නම්, අප දෙවියන් වහන්සේගේ වචනයේ ස්ථීර ව පිහිටා සිටිය යුතු ය.
ප්‍රේරිත පේතෘස්ගේ දේවානුභාවලත් දෙවැනි ලිපිය දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනයට අවධානය යොමු කිරීමට අපට උදව් වෙයි. සමහරවිට පේතෘස් මෙය ලියන්නට ඇත්තේ පො.යු 64 දී පමණ බබිලෝනියාවේ සිට විය හැකි ය. සිය ලිපිය තුළ දෙවියන් වහන්සේගේ සත්‍යය මුදුන් පමුණුවා ලන ඔහු, සොරෙකු මෙන් පැමිණෙන යෙහෝවඃ වහන්සේගේ දවස ගැන සෙසු ඇදහිලිවන්තයන් හට අනතුරු අඟවා, නීති විරෝධී ජනයාගේ වැරදිවලින් ඉවතට ගසාගෙන යාමෙන් ආරක්ෂා වීමට උපකාර කරයි. යෙහෝවඃ වහන්සේගේ දවස අප මත සමීප ව තිබෙන හෙයින්, පේතෘස්ගේ වචනවලින් අපට මහත් සේ ප්‍රයෝජන ගත හැක.
අනාවැකිමය වචනය කෙරෙහි දැඩි විශ්වාසය තබන්න
ක්‍රිස්තියානීන් වශයෙන්, දිව්‍ය ගුණාංග විදහාපෑමට අප මහත් වීර්යයක් දැරිය යුතු අතර, අනාවැකිමය වචනයට අවධානය යොමු කළ යුතු ය. (1:1-21) අක්‍රියාශීලි බවින් සහ ඵල රහිත බවින් වැළකී සිටීමට, අපගේ ඇදහිල්ලට ‘ගුණය ද, දැනුම ද, ආත්ම-දමනය ද, විඳදරාගැනීමට ද, දේව භක්තිය ද, සහෝදර ස්නේහය සහ ප්‍රේමය ද සපයා ගත’ යුතු ය. යේසුස් වහන්සේ අන්‍යරූප විලාස වූ අවස්ථාවේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ගැන කථා කරනවා පේතෘස් ඇසූ විට, අනාවැකිමය වචනය ස්ථීර කරන ලදි. (මාර්ක් 9:1-8) අප අවධානය යොමු කළ යුතු වන්නේ එම අනාවැකිමය වචනයටයි.
ධර්මභේදීන්ට එරෙහි ව ආරක්ෂා වන්න
දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනයට ස්ථීර අවධානය යොමු කිරීම මගින්, ධර්මභේදීන්ට හා අනෙකුත් දූෂිත පුද්ගලයන්ට එරෙහි ව අපට ආරක්ෂා විය හැක. (2:1-22) බොරු ගුරුවරුන් හොර රහසේ සභාවට ඇතුල් විය හැකි බවට පේතෘස් අනතුරු ඇඟවී ය. කෙසේ වෙතත්, අකීකරු දේව දූතයන්, නෝවාගේ දවස්වල වූ අභක්තික ලෝකය, සහ සොදොම් සහ ගොමෝරා නගර යෙහෝවඃ වහන්සේ විනිශ්චය කළාක් මෙන්, මෙම ධර්මභේදීන් මත ද තදබල විනිශ්චයක් ගෙනෙන සේක. බොරු ගුරුවරු දෙවියන් වහන්සේ දී තිබෙන අධිකාරිත්වයට ගරහමින් තම වැරදි ක්‍රියාවල හවුල් වීමට දුර්වලයනන් ව පොලඹවති. එවැනි ධර්මභේදීන් “ධර්මමිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධ ආඥාවෙන් හැරී යනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.”
යෙහෝවඃ වහන්සේගේ දවස පැමිණෙමින් තිබේ!
මෙම අන්තිම දවස්වල අනාවැකිමය වචනයට අවධානය යොමු කරන්නන් වශයෙන්, යේසුස් වහන්සේගේ පැමිණ සිටීමට සරදම් කරන්නා වූ කවටකම් කරන්නන්ගේ බලපෑමට අප ව හසුවීමට අප ඉඩ නොදිය යුතු ය. (3:1-18) මෙම දේවල පිළිවෙළ විනාශ කිරීමට අරමුණු කර තිබෙන දෙවියන් වහන්සේ ජල ගැල්මට පෙර තිබූ ලෝකය විනාශ කළ බව ඔවුහු අමතක කරති. ජනයා පසුතැවිලි වෙනවා දැකීම යෙහෝවඃ වහන්සේට උවමනා කරන හෙයින් උන් වහන්සේගේ ඉවසීම ප්‍රමාද වීමක් ලෙස නොසැලකිය යුතු ය. මෙම පිළිවෙළ “යෙහෝවඃ වහන්සේගේ දවසේ දී” විනාශ වන අතර, ‘ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද අලුත් පොළොවක් ද’ මගින් අනුයුක්ත කෙරෙනු ඇත. එමනිසා, අප “කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දනිනු ලබන පිණිස” අපගේ උපරිමය කළ යුතු ය. බොරු ගුරුවරුන් මුළා වී යනවා වෙනුවට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනුම ලැබීමෙන් වර්ධනය වෙමු.
පේතෘස්ගේ වදන් අපි හෘදයට ගනිමු. බොරු ගුරුවරුන්ට එරෙහි ව ආරක්ෂා වීමට කිසිදා අපොහොසත් නොවන්න. යෙහෝවඃ වහන්සේගේ දවස ඉක්මනින් පැමිණෙන බවට සාවධානයෙන් යුතු ව ජීවත් වන්න. එමෙන් ම දෙවියන් වහන්සේගේ අනාවැකිමය වචනයට සැම විට ම අවධනය යොමු කරන්න. w91 3/15
ටාටරස් තුළට හෙලනු ලැබීම: “මක්නිසාද දේවදූතයන් පව් කළ විට දෙවියන් වහන්සේ ඔවුනට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරි කොට තැබීමට නිරයෙහි [ටාටරස් හි NW] හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් . . . ” (2 පේතෘස් 2:4) මෙය වනාහි, හෝමර්ගේ ඉලියඩ් නැමති පොතේ සඳහන් වන පහත් බොරු දෙවියන්, ක්රෝනස් සහ අනෙකුත් යෝධ ටයිටන් භූත ආත්මයන් සිරකොට තබා තිබූ පොළොව යට පිහිටි ස්ථානය නොවේ. බයිබලයේ සඳහන් ටාටරස් වනාහි දෙවියන් වහන්සේ නෝවාගේ දවස්වල දී අකීකරු දේව දූතයන් ව ඇද දැමූ අවමන් සහිත සිරගත කරනු ලැබුවා වැනි තත්ත්වයකි. (උත්පත්ති 6:1-8; 1 පේතෘස් 3:19, 20; යූද් 6) තද “අන්ධකාරයේ ගුහාවලට භාර දීම” යනුවෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ පවුලෙන් ඉවත දැමීම නිසා ආත්මික ආලෝකයෙන් කපා හරිනු ලැබීම ය. උන් වහන්සේගේ තදබල විනිශ්චයට වෙන් කරනු ලැබූවන් ලෙස එතැන් සිට ඔවුනට ඇත්තේ අඳුරු බලාපොරොත්තුවකි. ටාටරස් වනාහි, ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනයේ ආරම්භයට පෙර සාතන් සහ ඔහුගේ දූතයන් පාතාලයේ සිරගතකිරීමෙන් අත්දකින අවමන් තත්ත්වයේ පෙර නිමිත්තකි. ඔවුන්ගේ විනාශය යේසුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනයෙන් පසු ව සිදු වනු ඇත.—මතෙව් 25:41; එළිදරව් 20:1-3, 7-10, 14.
වඩා පහත් දෙවිවරුන් සෙයුස් විසින් මිථ්‍යා ප්‍රබන්ධිත ටාටරසයට හෙලනු ලැබී ය
National Archaeological Museum, Athens, Greece