ඔබ පැමිණිය යුතු හේතුව
මෙම ගිම්හාන ඍතුවේ දී ලොව පුරා නගරයන්හි පවත්වන්නට යන “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළුවේ දී, ඔබ දින හතරක් පුරා ඵලදායී ආත්මික උපදෙස් ලබනවා නිසැක ය. එක්සත් ජනපදය තුළ පමණක් ජූනි, ජූලි හා අගෝස්තු යන මාස තුළ මෙවන් රැස්වීම් 150කට වැඩි සංඛ්‍යාවක් පවත්වනු ලබනවා ඇත. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන බ්‍රහස්පතින්දා ප.ව. 1.20ට පටන් ගන්නා අතර ඉරිදා ප.ව. 4.15ට අවසන් වෙනවා ඇත. මෙම සන්තෝෂය දනවන අවස්ථාව වෙනුවෙන් සිය රටට හැරී යාමට උදව් ලබා සිටින මිෂනාරිවරුන්ගේ වාර්තාවන්, ඇතැම් සමුළුවල කැපී පෙනෙන දෙයක් වනු ඇත.
ඔබ බාල වියේ හෝ මහලු වියේ වුවද—ස්වාමිපුරුෂයෙක්, භාර්යාවක්, පියෙක්, මවක්, නහඹරයෙක් හෝ දරුවෙක් වුවද—ඔබට ප්‍රයෝජනවත් වනු ඇති පැහැදිලි, සිත් ගන්නා සුළු ආකාරයකට ඉදිරිපත් කරනු ලබන ඉගැන්වීම් ඔබ ලබනවා ඇත. උදාහරණයක් හැටියට, ජීවිතයේ අරමුණ කුමක් ද? කියා බොහෝ දෙනෙක් අද අසති. සිකුරාදා දින, ඔබ මෙම ප්රශ්නය සාකච්ඡා කරනු ඇසීමෙන් සතුට භුක්ති විඳිනු ඇති අතර මෙම විෂය තේරුම් ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම සඳහා ද ඔබ ලබන දෙය ගැන සතුටු වනු නිසැක ය.
සිකුරාදා සවස වැඩසටහනට “විවාහය කල්පවතින බැඳීමක් කර ගැනීම,” “ඔබගේ පවුලේ ගැලවීම සඳහා වෙහෙස වී ක්‍රියා කරන්න,” හා “මව්පියෙනි—ඔබගේ දරුවන්ට සුවිශේෂී අවධානයක් අවශ්‍ය ය” යන විෂයයන් ඇතුළත් වනු ඇත. ඉක්බිති ව මීට පසු ව, යෞවනයන් මුහුණ දෙන ගැටලු කෙරෙහි, ඔවුන්ට ඒවා සමඟ කටයුතු කළ හැකි ආකාරය කෙරෙහි නිශ්චිත අවධානයක් යොමු කරනු ලැබේ. වර්තමානයේ තම මැවුම්කරුවාණන් සිහිකරන යෞවනයෝ නමැති නවීන දින නාට්‍යයෙන් ඔවුන් දිරිගැන්වීමක් ලැබිය යුතු ය.
අන්තිම දවස් පිළිබඳ යේසුස් වහන්සේගේ අනාවැකි හා විශේෂාකාරයෙන් “ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය” යන උන් වහන්සේගේ වදන් සෙනසුරාදා වැඩසටහනේ විශේෂාංගයන් වනු ඇත. (මතෙව් 24:29) එම පීඩාව සිදු වන්නේ කවදා ද පිළිබඳ සාකච්ඡාව අසන්නට ඔබ ආශා වනවා නොඅනුමාන ය. එම සෙනසුරාදා වැඩසටහන නවීන කාලවල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්තාව ද සැලකිල්ලට ගෙන ඔවුන් ඉෂ්ට කර ඇති දෙය පෙන්වනවා ඇත.
මුළා නොවන්න, දෙවියන් වහන්සේට සරදම් නොකරන්න නමැති, ඉරුදින පැවැත්වෙන තවත් නාටකයක්, අද දවසේ ජනප්‍රිය ව පවතින වීඩියෝ හා සංගීතය නිසා ඇති වන ක්‍රිස්තියානියෙකුගේ අඛණ්ඩතාවේ අභියෝගය සම්බන්ධයෙන් කථා කරනු ඇත. “අපගේ අන්තරා සහිත කාලවල් සඳහා උපකාරවත් ඉගැන්වීම්,” එදින සවස පැවැත්වෙන ප්‍රසිද්ධ අනුශාසනාවේ මාතෘකාව වනු ඇත. එම වැඩසටහන “දිව්‍ය ඉගැන්වීම තදින් අල්ලා ගෙන සිටින්න” යන අවවාදාත්මක කථාවෙන් අවසන් වනු ඇත.
දින හතරේ ම ඊට පැමිණීමෙන් නිසැක ව ම ඔබ ප්‍රයෝජන ලබනවා ඇත! ඊට සහභාගි වන්නට ඔබට සාදරයෙන් ඇරයුම් කෙරේ. ඔබගේ නිවසට කිට්ටු ම ස්ථානය දැනගැනීමට ඔබ පළාතේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවෙන් විමසන්න, නැතහොත් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.