“දේව භය” දිස්ත්‍රික් සමුළුව අතළඟය
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “දේව භය” දිස්ත්‍රික් සමුළුවේදී බයිබල් උපදෙස් ලැබෙන විපාකදායී දවස් තුනක් ඔබට ඉදිරියේදී බලාපොරොත්තු වන්නට පුළුවනි. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී, ශ්‍රී ලංකාවේ සමුළු 8ක් පැවැත්වීමට නියම කර තිබේ. එබැවින් ඔබ ජීවත්වන ස්ථානයට කිට්ටුම එකට පැමිණීමට ඔබට හැකි වනු ඇත.
සිකුරාදා පෙ.ව. 10:20ට සමුළුව සංගීතයෙන් ඇරඹෙන අතර එදින අපරභාගයේ පහට පමණ වැඩසටහන අවසන්වේ. සෙනසුරාදා හා ඉරිදා, පෙ.ව. 9:30ට සැසිවාරයන් ඇරඹෙන අතර සෙනසුරාදා අපරභාගයේ පහට පමණ හා ඉරිදා ප.ව. 4:15ට ඒවා අවසන්වේ.
සිකුරාදා උදෑසන මූලික ඇමතුම මගින් දේව භය කුමක්දැයි පෙන්වනවා පමණක් නොව, නමුත් එවැනි භයක් වර්ධනය කරගන්නා අයට ලැබෙන ඵලප්රයෝජනද හඳුන්වා දෙයි. මුළු සමුළු වැඩසටහනින්ම මෙම ඵලප්රයෝජන හුවා දැක්වේ.
සිකුරාදා අපරභාගයේ නිරූපනවලින් හෙබි පැයක-දිගු කථා මාලාවක්, විවාහය හා පවුල් ජීවිතය ශක්තිමත් කිරීමට මෙන්ම දෙවියන්වහන්සේට බාලයන්ගේ පක්ෂපාතකමේදී ස්ථිරව සිටීමට උපකාර කිරීමට දේව භයට හැකි අයුරු ගැන සවන් දීමට ඔබට හැකියි. සිකුරාදා සැසිවාරයන් අවසන් වන්නේ, “මරණ දුකෙන් පසුවන්නන්ට සැනසීම” නමැති හද උණුසුම් කරන කථාව ඉදිරිපත් කිරීමෙනි. මරණයෙන් තම ප්‍රේමනීයයන් අහිමි වී සිටින අයට සහාය දැක්වීම සඳහා එම කථාවේදී සපයනු ලබන ප්‍රායෝගික උපකාරය ඔබ විසින් අගය කරනු ලබයි.
සභාව සහ අපගේ දේව සේවය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම වෙත අපගේ ඇල්ම ශක්තිමත් කිරීමට දේව භයට හැකි අයුරු සෙනසුරාදා වැඩසටහන මගින් පෙන්නුම් කරයි. “යෙහෝවඃවහන්සේ විසින් අත්නොහරින ලද ජනතාවක්” යන කථාව මගින් ස්වකීය ජනතාව අත්නොහැරීමට වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව, අදදින ලෝකයෙහි ජීවත්වන ඔවුන්ට බලපෑ යුතු අන්දම පැහැදිලි කරයි. පසුව එම අපරභාගයේදී, “දෙවියන්වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න,” යන කථාවේදී එහි පැමිණ සිටින්නෝ බයිබලය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහා ප්‍රායෝගික යෝජනා ලබන්නෝය. සෙනසුරාදා වැඩසටහන “යෙහෝවඃවහන්සේගේ බියජනක දවස ළඟය,” යන උනන්දුව-අවුස්සන තේමාවෙන් යුතු කථාවෙන් අවසන්වේ.
ඉරිදා වැඩසටහනේ විශේෂාංගයක් වන්නේ “ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමක් තිබෙනු ඇත,” නමැති කථාවය. “මහත් පීඩාව තුළින් බේරී ජීවත්වී,” නමැති ඊළඟ කථාවේදී, කිසිදා කිසිසේත් නොමැරෙන අය ගැන යේසුස්වහන්සේගේ මවිතාකාර පොරොන්දුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කෙරේ.—යොහන් 11:26.
ඔබ මුහුණ දෙන තේරීම් යන මැයෙන් යුත් සිතුවිලි-කලතන විනාඩි-40ක නාට්‍යයෙන් ඉරිදා උදෑසන සැසිවාරය අවසන්වේ. ශ්රාවකයන්ව යෝෂුවාගේ කාලයට රැගෙන යනු ලබන අතර යෙහෝවඃවහන්සේට සේවය කිරීම සඳහා ඔහුගේ තිර අදිටනේ රඟදැක්වීම දකින්නට ලැබෙයි. එමෙන්ම ඔවුන් එලියාගේ දවස්වලදී ගිනි පරීක්ෂාව දකින අතරම, අදදින දේව භය විදහා පෑමට පැමිණ සිටින්නන්ට උපකාරවත් වන මෙම සිද්ධීන් දෙකෙන්ම ඉගෙන ගත හැකි පාඩමද ඔවුහු දකින්නෝය.
ඉරිදා අපරභාගයේදී සමුළුවේ උච්ච අවස්ථාව වනුයේ “දැන්, සැබෑ දෙවියන්වහන්සේට භය විය යුතු හේතුව,” යන ප්‍රසිද්ධ අනුශාසනාවය. දවස් තුනේම පැමිණ සිටීමෙන් ඔබ ප්‍රයෝජන ලබන බවට සහතිකය! පැමිණීම සඳහා ඔබට සාදරයෙන් ඇරයුම් කෙරේ. මෙම සමුළුව පහත දැක්වෙන ස්ථානවල පැවැත්වෙනු ඇත: අගොස්තු 5-7 කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය (ඉංග්‍රීසි); අගෝස්තු 12-14 කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය (සිංහල); අගෝස්තු 19-21 කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය (දෙමළ); අගෝස්තු 19-21 චාවකච්චේරිය (දෙමළ); අගෝස්තු 26-28 මීගමුව, නගර ශාලාව (සිංහල); අගෝස්තු 26-28 යාපනය (දෙමළ); සැප්තැම්බර් 2-4 මීගමුව, නගර ශාලාව (සිංහල); සැප්තැම්බර් 9-11 පුත්තලම, නගර ශාලාව (සිංහල); වැඩි විස්තර සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය කාර්යාලය වන 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5ට හෝ මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න. g94 5/22