ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 8/15 31 පි.
  • ඔබට මතක ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතක ද?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • යෙහෝවා දෙවි ඔහුව හැඳින්නුවේ “මාගේ මිතුරා” කියායි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආබ්‍රහම් ප්‍රේමණීය මිනිසෙක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ ඇදහිල්ල ස්ථිර කරගන්න”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 8/15 31 පි.

ඔබට මතක ද?

මෑතක දී පළ වුණු මුරටැඹ කලාප ඔබ හට වටිනාකමකින් යුක්ත වූවා කියා ඔබ සොයා ගත්තා ද? එසේ නම්, පහත සඳහන් ප්‍රශ්න සමඟින් ඔබගේ මතකය පරීක්ෂා නොකරන්නේ මන්ද:

▫ යම් දුරචාර සිතුවිල්ලක් නොදැනුවත් ව ම පාහේ අපගේ මනසට ඇතුළු වූයේ නම්, අප කුමක් කළ යුතු ද?

අප මනසේ විෂය මාරු කළ යුතු ය, ඇවිදින්නට යා යුතු ය, යමක් කියවිය යුතු ය, නැතහොත් ගෙදර දොරේ යම් වැඩක නිරත විය යුතු ය. යාච්ඤාව ද එවැනි අවස්ථාවක දී ප්‍රබල ආධාරකයකි. (ගීතාවලිය 62:8)—4⁄15, 17 පිටුව.

▫ තමන් විසින් සවන් දෙනු ලබන සංගීතයේ අන්දම ගැන යෞවන අය ප්‍රවේසම් විය යුත්තේ මන්ද?

චිත්ත වේගයන් පුබුදුවාලීමට, වසඟ කිරීමට සහ බලපෑම් ඇති කිරීමට සංගීතයට බලයක් තිබේ. බොහෝ ජනප්‍රිය සංගීත ඛණ්ඩවල පුදුම එලවන අයුරින් ව්‍යංගයෙන් පැවසෙන ලිංගික කියමන් තිබෙන අතර, සැඟවුණු අරුතින් යුතු ව දුරාචාරය ගැන කියා පාන බැවින්, තැටි, ටේප් කැසට් පට සහ සුසංහිත [ඩිස්ක්] තැටි තෝරා ගැනීමේ දී ඉතා ප්‍රවේසම් විය යුතු බව පැහැදිලි ව දක්නට හැකි දෙයකි.—4⁄15, පිටු 20-1.

▫ “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (1 තෙසලෝනික 5:23)

මින් යොමු දැක්වෙන්නේ, ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 1914 සිට සහ සිය ස්වර්ගයේ සිංහාසනාරූඪ කරනු ලැබීමෙන් පසු, රජ වශයෙන් අදෘශ්‍යමාන ව රාජකීය ලෙස පැමිණ සිටීමට ය. (ගීතාවලිය 110:1, 2)—5⁄1, 11 පිටුව.

▫ යෙහෝවඃ වහන්සේ විසින් ස්වකීය ආත්මික දේව මාලිගාව පිරිසිදු කරනු ලැබීම මගින් ඉටු කර ගනු ලැබූ අරමුණ කුමක් ද? (මලාකී 3:1-4)

ස්වකීය මාලිගාව පිරිසිදු තත්ත්වයක තබා ගැනීමට යෙහෝවඃ වහන්සේ හට වුවමනා විය, එවිට, භූමික බලාපොරොත්තු ඇති නමස්කාරකයන් විශාල සංඛ්‍යාවක් මේ කරා ගෙන එනු ලබන විට, උන් වහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යයට ගෞරව කරනු ලබන, උන් වහන්සේගේ දිව්‍ය නාමය පරිශුද්ධත්වයට පත් කරනු ලබන, එමෙන් ම උන් වහන්සේගේ ධර්මිෂ්ඨ නීතිවලට කීකරුකම දක්වන ස්ථානයක් ඔවුන්ට හමු වෙනවා ඇත.—5⁄1, 16 පිටුව.

▫ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සිය පත් කරන ලද දාසයාට දෙන “සන්තක දේවල්” මොනවා ද? (මතෙව් 24:45-47)

මෙම ‘සන්තක දේවලින්’ යොමු දැක්වෙන්නේ, ස්වර්ගික රජු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරිත්වය හා සම්බන්ධ ව පොළොව මත උන් වහන්සේගේ දේපළ බවට පත් ව ඇති සියලු ආත්මික වස්තූන්ට ය. ලොවේ සියලු ජාතීන්ගෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් සෑදීමේ නියෝගය මෙයට ඇතුළත් වනු ඇත. (මතෙව් 28:19, 20)—5⁄1, 17 පිටුව.

▫ පේතෘස් විසින් 1 පේතෘස් 5:2 හි උදක් ම ඉල්ලා සිටි පරිදි, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් එඬේරකම් කිරීමේ දී ‘කැමැත්තෙන් ම’ එසේ කරන බව පෙන්වන්නේ කෙසේ ද?

බැටළුවන් රැකබලා ගන්නා වූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙක්, මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිය නිදහස් කැමැත්තෙන් ම එසේ කරයි. කැමැත්තෙන් ම සේවය කිරීම යන්නට, ක්‍රිස්තියානි එඬේරෙකු විසින් යෙහෝවඃ වහන්සේගේ අධිකාරිත්වයට යටත් වීම ද, දිව්‍යාණ්ඩු විධිවිධානයට ගෞරවය විදහා පෑමද අදහස් කරයි.—5⁄15, 20 පිටුව.

▫ තමන් වහන්සේ ව අනුගමනය කරන ඕනෑ ම අයෙක් ‘තමාට තමා ව ම අහිමි කර ගත’ යුතු යයි පැවසූ විට යේසුස් වහන්සේ ඉන් අදහස් කළේ කුමක් ද? (මතෙව් 16:24)

යමෙක් ‘තමාට තමා ව ම අහිමි කර ගන්නවා’ යන්නෙන් අදහස් කරන්නේ තමා සම්බන්ධ ව තමාට තිබෙන අයිතිය යෙහෝවඃ වහන්සේ වෙතට අත්හැරීම ය. (1 කොරින්ති 6:9, 10) ඔබ ජීවත් වන්නේ ඔබ ව ම සතුටු කිරීමට නොව, නමුත් යෙහෝවඃ වහන්සේ ව සතුටු කිරීමට බව ඉන් අදහස් කරයි. (රෝම 14:8)—6⁄1, 9 පිටුව.

▫ පුද්ගලයෙකු ව සන්තෝෂවත් කිරීමට කුමක් ඉවහල් වේ ද?

යෙහෝවඃ වහන්සේ සමඟ කදිම සබන්ධතාවයක් භුක්ති විඳීම හා උන් වහන්සේගේ සේවයෙහි කාර්ය බහුල ව සිටීම පුද්ගලයෙකුගේ ජීවිතයේ දී සැබෑ සන්තෝෂය ගෙන දෙයි.—6⁄1 22 පිටුව.

▫ සොදොම විනාශ කිරීමට වූ යෙහෝවඃ වහන්සේගේ අරමුණ පිළිබඳ ව එතරම් කථා කිරීමේ නිදහසකට යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම් හට ඉඩ හැරියේ මන්ද? (උත්පත්ති 18:22-32)

එක හේතුවක් නම්, ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයා වීමයි. (යාකොබ් 2:23) තවදුරටත්, යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම්ගේ පීඩාකාරී හැඟීම් ගැන සාවධාන ව සිටි සේක. ආබ්‍රහම්ගේ ඥාති පුත් ලොත් සොදොමේ ජීවත් වූ බවත්, ආබ්‍රහම් ඔහුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වූ බවත් දෙවියන් වහන්සේ දැන සිටි සේක. මේ හේතු නිසා, සොදොම විනාශ කිරීමට වූ ස්වකීය අරමුණ සම්බන්ධ ව ආබ්‍රහම්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට යෙහෝවඃ වහන්සේ කැමැත්තෙන් සිටි සේක.—6⁄15, 16 පිටුව.

▫ දහසය වන ශත වර්ෂයේ සිදු වූ රෙපරමාදු ප්‍රතිසංස්කරණය, සැබෑ ක්‍රිස්තියානි ධර්මය වෙත නැවත හැරී යාමට තුඩු දුන්නේ ද?

නැත. එසේ වූයේ නැත! අව්‍යාජ ක්‍රිස්තියානි ධර්මය වෙත හැරී යනවා වෙනුවට, මෙම ප්‍රතිසංස්කරණය, ඉච්ඡාවෙන් දේශපාලන රාජ්‍යයන්හි අනුග්‍රහය සෙව්වා වූ ද සිය යුද්ධයන්හි ඔවුන්ට ක්‍රියාශීලී ව අනුබල දුන්නා වූ ද ජාතික නැතහොත් ප්‍රාදේශීය පල්ලි ගණනාවක් බිහි කර ඇත.—7⁄1 පිටු 10-11.

▫ මතෙව් 6:20 හි යේසුස් වහන්සේ කථා කළ “ස්වර්ගයෙහි වස්තු” මොනවා ද?

මේවා නම් කිසි කලෙකත් පහව නොයන වස්තූන් ය. යෙහෝවඃ වහන්සේ සමඟ හොඳ නාමයක් හා ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සේවයේ වාර්තාවක් මීට ඇතුළත් වෙයි. යෙහෝවඃ වහන්සේ කිසි විටෙකත් අමතක නොකරන දේවල් අතර මේවා වෙයි. (හෙබ්‍රෙව් 6:10)—7⁄1, 32 පිටුව.

▫ අපගේ ඇදහිල්ලට අයත් මූලික සාධක වශයෙන් පේතෘස් සඳහන් කරන ගුණාංග මොනවා ද? (2 පේතෘස් 1:5-7)

අපගේ ඇදහිල්ලට, ගුණය, දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය සහ ප්‍රේමය සපයා ගත යුතු යයි පේතෘස් පැවසුවේ ය.—7⁄15, 13 පිටුව.

▫ බැත්-ෂෙබා සමඟ දාවිත්ගේ පාපය සම්බන්ධ වාර්තාව තුළ දෙවියන් වහන්සේගේ සේවකයන් හට අන්තර්ගත වී ඇති අනතුරු ඇඟවීම කුමක් ද? (2 සාමුවෙල් 11:2-4)

තමාගේ ම විවාහය තුළ සතුට ලැබීමට නිදහස් ව සිටියත්, නීති විරෝධී ලිංගික ආශාව වර්ධනය වීමට දාවිත් ඉඩ හැරියේ ය. උරියාගේ භාර්යාව කොතරම් සිත්ගන්නා සුලුදැයි බලා සිටි ඔහු, ඈ සමඟ නීති විරෝධී වින්දනයක් ලැබීමේ සිතුවිල්ලට හා ක්‍රියාවට නිදහසේ ඉඩ දුණි. දෙවියන් වහන්සේගේ ඕනෑ ම සේවකයෙක් මේ ආකාරයේ ගිජුකම මඟ හරින්නේ නැත්නම්, ඔහුට එම දේ ම සිදු විය හැක. (යාකොබ් 1:14, 15)—8⁄1, 14 පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න