ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 11/15 28-30 පි.
  • වරදක් පිළිගත යුත්තේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වරදක් පිළිගත යුත්තේ ඇයි?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කලකිරීමට හේතුවක් නොවේ
  • යටහත් පහත්කම අති වැදගත් ගුණාංගයකි
  • ඔවුහු වැරදි පිළිගත්හ
  • අපගේ වැරදි ගැන යමක් කිරීම
  • වැඩිමහල්ලෙක් වරදක් කළ විට
  • වරදක් පිළිගැනීමට ඉක්මන් වන්න
  • වැරදි පිළිගැනීමට සතුටු වන්න
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • වැරදි අඩුපාඩු වෙද්දී
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාදානයට රහස සමාව ඉල්ලීමයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 11/15 28-30 පි.

වරදක් පිළිගත යුත්තේ ඇයි?

එය යුද්ධ ඉතිහාසයේ වඩාත් ම අසාමාන්‍ය වූ සටන් වැදීමක් විය. නිග්‍රහ කිරීමක් වෙනුවෙන් පළි ගැනීමට අධිෂ්ඨාන පූර්වක ව ගමන් කළ දැඩි මනසකින් යුත් සෙබළුන් 400ක් කිසි ම අවියක් නොදරන නියෝජිතවරියක් විසින් ආපසු හරවා යැවී ය. හුදෙක් එක් නිර්භීත කාන්තාවකගේ කන්නලව් ඇසීමෙන් පසු, එම මනුෂ්‍යයන්ගේ නායකයා ඔහුගේ පරමාර්ථය අත්හැරියේ ය.

එම නායකයා වනාහි, පසු ව ඊශ්‍රායෙලයේ රජ බවට පත් වූ දාවිත් ය. දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කිරීමට ඔහු කැමති වූ නිසා, ඔහු අබීගායිල් නම් එම කාන්තාවට ඇහුම්කන් දුන්නේ ය. තමාගේ ස්වාමිපුරුෂයා වන, නාබල්ගෙන් පළිගැනීමේ විපාකයක් වශයෙන් වරද ඇතිවන බව උපායශීලී ව ඇය ඔහුට පෙන්වා දුන් විට, දාවිත් ප්‍රකාශ කර සිටියේ, “මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසා වේවා. නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ නුඹට ආශීර්වාද වේවා” යනුවෙනි. මහත් පාපයක් සිද්ධ කිරීමෙන් තමා ව වැළැක්වීමට දෙවියන් වහන්සේ අබීගායිල් පාවිච්චි කිරීම වෙනුවෙන් දාවිත් කෘතඥ පූර්වක විය.—1 සාමුවෙල් 25:9-35

එක් ගීතිකාවක, දාවිත් මෙසේ ඇසී ය: “ස්වකීය වැරදි දැනගත හැකි කාටද?” (ගීතාවලිය 19:12) යමෙක් අපටත් අපගේ වැරදි පෙන්වා නොදෙනවා නම්, අපත් ඔහු මෙන් අපගේ වැරදි ගැන නොදැන සිටින්නට පුළුවන. වෙනත් අවස්ථාවන්හි, අප වැරදි සහගත, අඥාන හෝ අකාරුණික බව තේරුම් ගැනීමට අප්‍රසන්න විපාකයකින් අපට බලකර සිටියි.

කලකිරීමට හේතුවක් නොවේ

අප සියල්ලන් ම වැරදි කරතත්, මෙය බලාපොරොත්තු අත්හැරීමට හේතුවක් නොවේ. රාජ්‍ය දූත එඩ්වඩ් ජෝන් ෆෙල්ප්ස් මෙසේ නිරීක්ෂණය කළේ ය: “කිසි වැරැද්දක් නොකරන මිනිසෙක් සාමාන්‍යයෙන් කිසිවක් කරන්නේ නැත.” තව ද ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ් “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු” යයි පැවසී ය. (යාකොබ් 3:2) වරක්වත් පැකිලී නොවැටී දරුවෙක් ඇවිදින්නට ඉගෙන ගනු ඇද්ද? නැත, දරුවෙක් වැරදිවලින් ඉගෙන ගන්නා අතර සමබරතාවයක් අත්කර ගන්නාතෙක් වෑයම් කරනු ඇත.

සමබර ජීවිත ගත කිරීම සඳහා, අප අපගේත් අන්‍යයන්ගේත් වැරදිවලින් ඉගෙන ගත යුතු ය. අපගේ ම තත්ත්වයන් ඡායා කොට දැක්විය හැකි බොහෝ දෙනෙකුගේ අත්දැකීම් බයිබලයේ සඳහන් කොට ඇති බැවින්, ඔවුන් කළ එම වැරදිවලින් ම වැළකී සිටින්නට අපට උපකාරය ලැබිය හැකි ය. එසේ නම් අපට ඔවුන්ගේ වැරදිවලින් ඉගෙන ගත හැක්කේ කුමක් ද?

යටහත් පහත්කම අති වැදගත් ගුණාංගයකි

මෙහි ලා ඉගෙන ගත හැකි එක් පාඩමක් නම්, දෙවියන් වහන්සේ වැරදි කරන සියල්ලන් ව හෙලා නොදකින නමුත්, හැකියාවක් තිබිය දී ඒවා නිවැරදි කිරීමට ප්‍රතික්ෂේප කරන්නන් ව පමණක් විනිශ්චය කිරීමයි. ඊශ්‍රායෙලයේ රජු වූ සාවුල් අමලෙක්වරුන් ව විනාශ කිරීම පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ උපදෙස්වලට අකීකරු විය. දිවැස්වර සාමුවෙල් ඔහුට කෙළින් ම කථා කළ අවස්ථාවේ දී, සාවුල් මුලින් ම කාරණා සුළු කර, අනතුරුව වෑයම් කළේ අන්‍යයන් මත දොස් පැවරීමට ය. ඔහු වඩාත් වැඩි සැලකිල්ලක් දැක්වූයේ, වැරැද්ද නිවැරදි කර ගැනීමට වඩා, තමාගේ මනුෂ්‍යයන් ඉදිරියේ තමාගේ ගෞරවය නැති ව යාම ගැන ය. එබැවින්, ‘යෙහෝවඃ වහන්සේ ඔහු රජකමෙන් පහ කළ සේක.’—1 සාමුවෙල් 15:20-23, 30.

සාවුල් වෙනුවට පත් වූ දාවිත්, බරපතළ වැරදි කළත්, ඔහු යටහත් ව උපදෙස් හා හික්මවීම පිළිගත් බැවින් ඔහුට සමාව දෙනු ලැබී ය. දාවිත්ගේ යටහත් පහත්කම අබීගායිල්ගේ වදන්වලට සවන් දීමට ඔහු ව පෙලඹ වී ය. ඔහුගේ යුද්ධ භට පිරිස සටන් කරන්නට සැරසී සිටියහ. එහෙත්, තම මිනිසුන් ඉදිරියේ, තමා හදිසි අපරීක්ෂාකාරී තීරණයක් ගෙන තිබූ බව දාවිත් පිළිගත්තේ ය. ඔහුගේ ජීවිතය පුරා, එවන් යටහත් පහත්කමක් සමාව අයැදීමටත් තමාගේ පියවර හරි ගැස්වීමටත් දාවිත්ට උපකාරවත් විය.

සිතා බැලීමකින් තොර ව කියන දේවල් නිවැරදි කර ගැනීමට ද යටහත් පහත්කම යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ව පොලඹවයි. මන්ත්‍රණ සභාවේ කරන ලද විභාග කිරීමක දී, පාවුල්ට පහරක් ගසන ලෙස උත්තම පූජකයා අණ කළේ ය. එවිට ප්‍රේරිතයා විරුද්ධත්වය පළ කරමින්, “සුදුකළ බිත්තියක් බඳුවූ නුඹට දෙවියන් වහන්සේ ගසනසේක” යයි කීවේ ය. (ක්‍රියා 23:3) ඒ ළඟ සිටි අය, “නුඹ දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට නින්දාකරනවාද” යයි අසනතෙක්, ඇතැම් විට, දුර්වල ඇස් පෙනීම නිසාදෝ, පාවුල් තේරුම් ගෙන සිටියේ නැත. එවිට, පාවුල්, “සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද—නුඹේ සෙනගගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේ” යයි පවසමින්, වහා ම තමාගේ වරද පිළිගත්තේ ය. (ක්‍රියා 23:4, 5; නික්මයාම 22:28) එසේ ය, පාවුල් යටහත් පහත් ව තමාගේ වරද පිළිගත්තේ ය.

ඔවුහු වැරදි පිළිගත්හ

ඇතැම් අය තමන්ගේ කල්පනා කිරීමේ වැරදි සහගත ක්‍රමය වෙනස් කර ගත් බව ද බයිබලය පවසයි. උදාහරණයක් වශයෙන්, ගීතිකාකාර ආසාප් සලකා බලන්න. දුෂ්ටයන් සමෘද්ධිමත් වන බව පෙනෙන්නට තිබූ නිසා, “සැබවින් මාගේ සිත [හෘදය NW] පවිත්‍රකරගැනීම . . . නිෂ්ඵලවිය” යයි ඔහු කීවේ ය. එහෙත් යෙහෝවඃ වහන්සේගේ ගෘහයට යාමෙන් හා නිර්මල නමස්කාරයේ ප්‍රයෝජන මත මෙනෙහි කිරීමෙන් පසු ආසාප් හරි දෙය තේරුම් ගත්තේ ය. එපමණක් ද නොව, ගීතාවලිය 73 හි ඔහු තමාගේ වරද පිළිගත්තේ ය.

යෝනා ද, තම වැරදි සහගත කල්පනාවන් මගින් තමාගේ දෘෂ්ටි කෝණය අඳුරු වන්නට ඉඩ හැරියේ ය. නිනිවයේ දේශනා කිරීමෙන් පසු, එම නුවර වැසියන් ව ඉතිරි කිරීම ගැන කල්පනා කරනු වෙනුවට ඔහු සැලකිලිමත් වූයේ තමාගේ පෞද්ගලික නිදොස් බව ගැනයි. නිනිවයේ වැසියන්ගේ පසුතැවිලි වීම නොතකා ඔවුන්ට යෙහෝවඃ වහන්සේ දඬුවම් නොකිරීම ගැන යෝනා අමනාපයට පත්වුවත්, දෙවියන් වහන්සේ ඔහු ව හරිගැස් වූ සේක. තමාගේ දෘෂ්ටි කෝණය වැරදි සහගත බව යෝනා පිළිගත්තේ ය, මන්දයත් ඔහුගේ නාමය දරන බයිබල් පොත ඔහුගේ වැරදි පිළිගන්නා හෙයිනි.—යෝනා 3:10–4:11.

තමාගේ දුක්ඛිත තත්ත්වයන්ට හේතු වූයේ, සාතන් නම් යක්ෂයා නොව, යෙහෝවඃ දෙවියන් වහන්සේ යයි වැරදි සහගත ලෙස ඒත්තු ගනිමින්, තමා වේදනා විඳීම අසාධාරණ බව ඔප්පු කිරීමට යෝබ් නම් මිනිසා වෑයම් කළේ ය. පරීක්ෂාවන් යටතේ දෙවියන් වහන්සේගේ සේවකයන් පක්ෂපාතී ව සිටිනු ඇද්ද? යනුවෙන් ඉදිරිපත් වී තිබූ අති මහත් ප්‍රශ්නය, ඔහු දැන සිටියේ නැත. (යෝබ් 1:9-12) මුලින් එලීහු ද පසු ව යෙහෝවඃ වහන්සේ ද යෝබ්ගේ වැරැද්ද තේරුම් ගැනීමට ඔහුට උපකාර කළ අතර ඔහු එය පිළිගනිමින් කියා සිටියේ, “මා දැනනොගත්, මට ඉතා පුදුමවූ [තේරුම් නොගත් NW] දේවල් කීවෙමි . . . එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමි” යනුවෙනි.—යෝබ් 42:3, 6.

වැරදි පිළිගැනීම දෙවියන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් පැවැත්වීමට අපට උපකාර කරයි. ඉහත උදාහරණ පෙන්වන්නාක් මෙන්, අප අපගේ වැරදි පිළිගෙන, වැරදි කල්පනාව, සිතා බැලීමකින් තොර ව කී වචන හෝ අනුවණ ලෙස එඩිතර ව කළ ක්‍රියා නිවැරදි කිරීමට අපට හැකි දෙය අප කළොත්, උන් වහන්සේ අප ව හෙලා නොදකිනවා ඇත. අපට මෙම දැනගැන්ම අදාළ කර ගත හැක්කේ කෙසේ ද?

අපගේ වැරදි ගැන යමක් කිරීම

යටහත් ව වැරැද්දක් පිළිගෙන ඒ පිළිබඳ ව යමක් කිරීම පවුල් බන්ධනයන් ශක්තිමත් කරන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, තෙහෙට්ටුව හෝ කෝපය නිසා, මව්පියෙක් තමාගේ දරුවා හික්ම වීමේ දී වඩා පරුෂ වන්නට ඇත. තමාගේ වැරැද්ද නිවැරදි කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් නරක ප්‍රතිඵල ඇති වන්නට පුළුවන. ඒ අනුව, ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේ ය: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරපල්ලා.”—එපීස 6:4.

යෞවන ක්‍රිස්තියානියෙක් වන පෝල් උණුසුම් ලෙස මෙසේ සිහිපත් කරයි: “තමා පමණට වැඩියෙන් ප්‍රතික්‍රියා කර ඇති බව තාත්තාට හැඟුණේ නම් ඔහු හැමවිට ම සමාව ඉල්ලා සිටිනවා. ඔහුට ගෞරව කිරීමට එය මට උපකාරවත් වුණා.” යම් නිශ්චිත තත්ත්වයක දී සමාව ඉල්ලා සිටිය යුතුදැයි කල්පනා කිරීම පුද්ගලික ව තීරණය කළ යුත්තකි. කෙසේ වෙතත්, සමාව ඉල්ලීමත් සමඟ ඉන් පසු ව සමාන වැරදි වළක්වා ලීමට වෙහෙස නොබලා උත්සාහයක් ද දැරිය යුතු ය.

ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් ශෝකය ඇති කරවන වැරැද්දක් කළේ නම් කුමක් කිව හැකි ද? අවංක ව පිළිගැනීම, හෘදයාංගම සමාවක් ඉල්ලීම හා සමාව දීමේ ස්වභාවයෙන් සිටීම ඔවුන්ගේ ප්‍රේමනීය සම්බන්ධතාව පවත්වා ගෙන යාමට උපකාරවත් වනු ඇත. (එපීස 5:33; කොලොස්සි 3:13) තමාගේ 50 ගණන්වල පසු වන, දැඩි චිත්ත ස්වභාවයක් දරන චේසූස් නම් ස්පාඤ්ඤ ජාතිකයෙක්, උඩඟු ස්වභාවයක් ආරූඪ කර ගන්නේ නැති ව තමාගේ භාර්යාව වන, ආල්බිනාගෙන් සමාව ඉල්ලයි. “එකිනෙකා ව අමනාපයට පත් කළා ම, සමාව දීමේ පුරුද්දක් අප තුළ තිබුණා” යයි ඇය පවසන්නී ය. “මෙය ප්‍රේමයෙන් යුක්ත ව එකිනෙකා සමඟ දරාගැනීමෙන් යුතු ව කටයුතු කරන්නට අපට උපකාරවත් වෙනවා.”

වැඩිමහල්ලෙක් වරදක් කළ විට

වැරදි පිළිගැනීම හා අවංක ව සමාව දීම එකඟත්වයෙන් එකට ක්‍රියා කිරීමටත්, ‘එකිනෙකාට ගෞරවය පෙන්වීමටත්’ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට උපකාරවත් වනු ඇත. (රෝම 12:10) වැරැද්දක් පිළිගැනීම සභාව තුළ තමාගේ තත්ත්වයට අනතුරක් වනු ඇතැයි ඔහු භය වීම නිසා, වැඩිමහල්ලෙක් වරදක් පිළිගැනීමට කැමැති නොවන්නට පුළුවන. ඒ කෙසේ වෙතත්, වරදක් යුක්ති සහගත කිරීමට, නොසලකා හැරීමට හෝ හැකිතාක් සුළු කිරීමට වෑයම් කිරීම ඔහුගේ අවේක්ෂණය කෙරෙහි අන්‍යයන් තබා ඇති නිසැකකම ඔවුන් විසින් නැති කර ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි ය. ඇතැම් විට කල්පනා නොකර කියන ලද යම් ප්‍රකාශයක් වෙනුවෙන්, යටහත් පහත් ව සමාව ඉල්ලන මේරූ සහෝදරයෙක්, අන්‍යයන්ගෙන් ගෞරවය දිනා ගනී.

වැඩිමහල්ලන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටි රැස්වීමක මුලසුන හොබ වූ චාරිකා අවේක්ෂකයෙක් රැස්වීමක් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ව වැරදි සහගත ප්‍රකාශයක් කළ අවස්ථාවක්, ෆර්නාන්ඩෝ නම් ස්පාඤ්ඤයේ වැඩිමහල්ලෙක් සිහිපත් කරයි. සහෝදරයෙක් ගෞරව පූර්වක ව ඔහු පැවසූ දෙය හරිගැස් වූ විට, එම චාරිකා අවේක්ෂකයා වහා ම තමාගේ වරද පිළිගත්තේ ය. “වෙනත් සියලු වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තමාගේ වරද පිළිගැනීම මා දුටු විට, එය මගේ සිතට තදින් කාවැදුණා. එම සමාව ඉල්ලීමෙන් පසු ව මම ඔහුට තවත් වැඩියෙන් ගෞරව කරන්නට පටන් ගත්තා. ඔහුගේ ආදර්ශය මගේ ම වැරදි තේරුම් ගැනීම කොතරම් වැදගත් දැයි මට ඉගැන්නුවා” යයි ෆර්නාන්ඩෝ සිහිපත් කරයි.

වරදක් පිළිගැනීමට ඉක්මන් වන්න

සමාව ඉල්ලීමක් සාමාන්‍යයෙන් අගය කරනු ලබන්නේ, විශේෂාකාරයෙන් එය ඉක්මනින් ඉල්ලන ලද විට ය. ඇත්ත වශයෙන් ම, අප වරදක් ඉක්මනින් ම පිළිගන්නා තරමට එය හොඳ ය. මෙය පැහැදිලි කිරීමට නිදසුනක්: පොළොව විශ්වය මධ්‍යයේ පිහිටා නැති බව ස්ථිර ලෙස ප්‍රකාශ කිරීම වෙනුවෙන් දැනට වසර 360කට පෙර ගැලීලියෝට දඬුවම් කිරීමෙහි දී, එය විභාග කළ අධර්ම මර්දනාධිකරණ සභාව “වැරදි සහගත ව” ක්‍රියා කර තිබූ බව 1992 ඔක්තෝබර් 31වන දින, IIවන ජුවාම් පාවුලු පාප්වරයා පිළිගත්තේ ය. එහෙත්, සමාව ඉල්ලීම මෙතරම් දීර්ඝ කාලයකට කල් දැමීම එහි අගය අඩු කර දැමීමට තුඩු දෙනවා ඇත.

පුද්ගලික සම්බන්ධතාවයන්හි ද මෙය සැබෑ වේ. ඉකමනින් සමාව ඉල්ලීමෙන්, කාරුණික නොවන වචනයකින් හෝ ක්‍රියාවකින් ඇති කරන ලද තුවාලයක් සුව කළ හැකි ය. “නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න” යයි පවසමින්, සමාදානය ඇති කිරීම කල් නොදමන ලෙස යේසුස් වහන්සේ ඉල්ලා සිටි සේක. (මතෙව් 5:23, 24) බොහෝ විට, සාමදායක සම්බන්ධතා නැවත ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරවන්නේ, අප වැරදි සහගත ව කාරණා හසුරුවන බව පිළිගැනීමත්, සමාව ඉල්ලීමත් ය. මෙය කිරීමට අප කොතරම් කාලයක් බලා සිටිනවා ද, ඒ තරමට ම එසේ කිරීම වඩාත් දුෂ්කර කාර්යයක් වනු ඇත.

වැරදි පිළිගැනීමට සතුටු වන්න

සාවුල් හා දාවිත්ගේ ආදර්ශ පැහැදිලි කරන පරිදි, අපගේ වැරදි සමඟ අප ක්‍රියා කරන ආකාරය අපගේ ජීවිතයට බලපෑ හැකි ය. සාවුල් මුරණ්ඩු ලෙස උපදෙස් ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ වැරදි වැඩි විය. මෙනිසා දෙවියන් වහන්සේගේ අප්‍රසාදයට ලක් වූ ඔහු අවසානයේ දී මිය ගියේ ය. කෙසේ වෙතත්, දාවිත්ගේ වැරදි හා පාප තිබියදීත්, ඔහු පසුතැවිලි වී නිවැරදි කිරීම පිළිගත් අතර යෙහෝවඃ වහන්සේට විශ්වාසනීය ව සිටියේ ය. (ගීතාවලිය 32:3-5 සසඳන්න.) එය අපගේත් කැමැත්ත නොවේ ද?

වරදක් පිළිගැනීම හා නිවැරදි කිරීම, නැතහොත් පාප සඳහා පසුතැවිලි වීම වෙනුවෙන් ලැබෙන ලොකු ම විපාකය වන්නේ, එය දෙවියන් වහන්සේ විසින් කමා කර ඇති බව දැනගැනීම ය. “පාපයට වැස්ම . . . ලැබූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂවත් ය NW]” කියා දාවිත් පැවසී ය. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, . . . ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂවත් ය NW].” (ගීතාවලිය 32:1, 2) එසේ නම්, වරදක් පිළිගැනීම කොතරම් ඥානවන්ත ද!

[29වන පිටුවේ පින්තූරය]

දරුවෙක් කිසිදාක නොවැටී ඇවිදින්නට ඉගෙන ගනීවි ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න