ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 7/15 2-4 පි.
  • ලෝකය බියෙන් වෙළී තිබේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය බියෙන් වෙළී තිබේ
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • න්‍යෂ්ටික බිය දිගටම පවති
  • සැහැසියාව බිය ගන්වයි
  • ඒඩ්ස් පිළිබඳ බිය
  • න්‍යෂ්ටික යුධ තර්ජනය කාගෙන්ද?
    2004 පිබිදෙව්!
  • න්‍යෂ්ටික තර්ජනය—දැන් නිමාවී තිබේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • න්‍යෂ්ටික යුද්ධ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
    තවත් ලිපි
  • හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?
    2005 පිබිදෙව්!
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 7/15 2-4 පි.

ලෝකය බියෙන් වෙළී තිබේ

මොටර් රථයක තිබු දැවැන්ත බෝම්බයක් පිපිරීම නිසා, 1993 පෙබරවාරි මස 26වන දින නිව් යෝර්ක් නගරයේ තට්ටු 110කින් යුත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කම්පාවට පත්විය. මෙහිදී දහස් සංඛ්‍යාතයකට ක්‍රියා විරහිතවූ ආරෝහකයන්හි හිරවී සිටින්නට සිදුවිය, නැතහොත් දුමාරයෙන් පිරුණු පඩිපෙළවල් දිගේ පහතට පලා දුවන්නට සිදුවිය. සාහසිකවූ මෙම ලෝකයේ දැන් අස්සක් මුල්ලක් නෑර පැතිර පවත්නා බිය ඔවුන්ට දැනුණි.

රටවල් බොහොමයක ජනයා බෝම්බවලින් භීතියට පත්ව ඇත්තාහ. ඒවා අයර්ලන්තය හා ලෙබනන් වැනි රටවල සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එක්දිනක් තුළ—එනම් 1993 මාර්තු 12වන දින—ඉන්දියාවේ, බොම්බායේ, මිනිසුන් 200ක් පමණ මරණයට පත්කරමින් බෝම්බ 13ක් පිපුරුණි! මේ පිළිබඳව නිරීක්ෂකයෙක් පැවසුවේ, “බොම්බාය පුරා සන්ත්‍රාසය ඇති” බවය. නියූස්වීක් නම් සඟරාවට අනුව, රථවාහනවල බෝම්බ පිපිරීම “එතරම්ම පොදුවේ සිදුවීම එය වඩාත් බියගන්වන යමක් කිරීමට මඟ පාදනවා පමණි.”

න්‍යෂ්ටික බිය දිගටම පවති

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක බෝම්බ ප්‍රහාරවලට ලක් විය හැකි යයි බියක් පවතී. න්‍යෂ්ටික බලාගාරයකට එල්ල කෙරෙන සාර්ථක ප්‍රහාරයක්, ගිණිය නොහැකි හානියක් හා වේදනාවක් සිදු කළ හැකිය. මෙම බිය සැබෑ එකක් බවට තහවුරු කරමින්, එක් මිනිසෙක් එක්සත් ජනපදයේ ත්‍රී මයිල් අයිලන්ඩ් නම් ස්ථානයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂිත දොරටුව තුළින් සිය රථය වේගයෙන් පදවන්නට වෑයම් කළේය.

ත්‍රස්තවාදීන් මෙන්ම බලයට කෑදර පාලකයන් න්‍යෂ්ටික ආයුධ අත්පත් කරගනු ඇතැයි බොහෝ දෙනෙක් බිය වෙති. ඇතැමෙකු බිය වන්නේ දහස් සංඛ්‍යාත රැකියා විරහිත සෝවියට් න්‍යෂ්ටික විද්‍යාඥයන් සිය දක්ෂතා විකුණන්නට වෑයම් කළ හැකි බවය. එපණක්ද නොව ස්ටාට් සන්ධානයෙන් හා වෙනත් ගිවිසුම්වලින් න්‍යෂ්ටික ආයුධ උපාය මාර්ග බොහෝ දුරට අඩු කිරීමක් ඉල්ලා සිටියත්, එවන් එකඟවීම් ක්‍රියාත්මක වී අවසානයකට ගෙන ඒම සඳහා තවත් වර්ෂ බොහොමයක් ගතවනවා ඇත. මේ අතර හදිස්සියේම බලය ලබා ඇති උන්මත්තකයෙකු විසින් මෙම අවි පාවිච්චි කිරීමට තිබෙන හැකියාව මනුෂ්‍යවර්ගයා කෙරෙහි තර්ජනයක් එල්ල කරන්නාවූ කුණාටු වලාකුළක් මෙන් ගුවනේ කරකැවෙමින් තිබෙනවා විය යුතුය.

සැහැසියාව බිය ගන්වයි

සැහැසික අපරාධයන්හි පුළුල් වර්ධනය ජනයාව සිය නිවෙස්වල මෙන්ම මාර්ගවලදීද බිය ගන්වයි. තක්සේරුවලට අනුව අමෙරිකානුවෝ 23,200දෙනෙක් 1990දී ඝාතනය කරනු ලැබූහ. උදාහරණයක් වශයෙන්, චිකාගෝ නගරයේ, ක්‍රැක් කොකේන් නම් මත්ද්‍රව්‍ය භාවිතය එක් වසරක් තුළ ඝාතන 700ක් සඳහා දායක වුණි. සමහරක් නගරවල ඇතැම් ස්ථාන රණ බිම් බවට පත්ව ඇති අතර, දරුවන්ද ඇතුළුව, ඒ හරහා ගමන් කරන්නෝ හරස් වෙඩිතැබීම්වලදී මරණයට ගොදුරු වී ඇත්තාහ. එක්තරා සඟරාවක් මෙසේ පවසයි: “මධ්‍ය ප්‍රමාණයේ නගරවල සැහැසියාව ශීඝ්‍රයෙන් වැඩි වර්ධනය වෙමින් පවති, මත්ද්‍රව්‍ය හා යෞවන දාමරිකයන් [එක්සත් ජනපදයේ] ජනතාව අතර පිරී ඉතිරී යත්ම කිසිවෙකු ඔවුන්ගේ ප්‍රහාරවලට ගොදුරු නොවන තත්ත්වයක නොසිටී. වසරක් වසරක් පාසා සෑම අමෙරිකානු පවුල් 4කින් 1ක්ම සැහැසික අපරාධයක් හෝ සොරකමක් අද්දකියි.—යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට්, 1991 ඔක්තෝබර් 7.

ස්ත්‍රී දූෂණය පිළිබඳ බිය කාන්තාවන්ව සැකයෙන් පුරවයි. වර්ෂ 1985 සිට 1990 දක්වා ප්‍රංශයේ පොලිසියට වාර්තා කරන ලද ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව සියයට 62කින් ඉහළ නැග්ගේය. කැනඩාවේ වසර හයක් තුළ ලිංගික වශයෙන් පහරදීම් දෙගුණයක් වෙමින් 27,000ක් බවට පත්විය. සෑම විනාඩි හතකටම එක් කාන්තාවක් ලිංගික වශයෙන් අතවරයට ලක්වන බව ජර්මනිය වාර්තා කළේය.

දරුවෝද තමන්ගේ ආරක්ෂාව ගැන බිය වෙති. එක්සත් ජනපදයේ, “බාල දරුවන්, හතරවන හා පස්වන වසරවලට යන්නන් පවා, අවි දරන අතර, ගුරුවරුන් හා පාසැල් නිලධාරීන් බියට පත්වන්නේ” යයි නියූස්වීක් වාර්තා කරයි. තත්ත්වය කොතරම් බරපතළද කිවහොත්, නගරබද පාසල්වලින් හතරෙන් පංගුවක ලෝහ අනාවරණ උපකරණ පාවිච්චි කෙරේ, නමුත් ජනෙල් තුළින් තුවක්කු ඇතුළට ගැනීමෙන් අධිෂ්ඨාන පූර්වක යෞවනයෝ මෙයින් බේරීමට මං සාදා ගනිති.

ඒඩ්ස් පිළිබඳ බිය

ඒඩ්ස්වලට ගොදුරුවීම ගැන වැඩි වැඩියෙන් ජනයා බිය වෙමින් සිටියි. එක්සත් ජනපදයේ පමණක් රෝගයට හසුවූවෝ 2,30,000ක් සිටිති. ඒඩ්ස් රෝගය අවුරුදු 15 සිට 24 දක්වා වයසැති අය අතර මරණය සිදුවීමට දායකවන හයවන හේතුව බවට පත්ව ඇත. “අනාගතය ඉදිරිපත් කරන්නේ මීටත් වඩා පුළුල්ව ව්‍යාප්ත වූ රෝග පිළිබඳ භයංකර අපේක්ෂාවක්” යයි නියූස්වීක් පවසයි.

ඒඩ්ස්වලින් මියයෑම නැටුම්, රැඟුම්, චිත්‍රපට, සංගීත, විලාසිතා, රූපවාහිනි, කලාව හා එවන් ක්ෂේත්‍රයන්හි අය අතර නිතර වැඩිවන බවක් පෙනෙන්නට ඇත. පැරීසියේ ප්‍රවෘත්ති පත්‍ර කලාව, කලාව හා විනෝද ක්ෂේත්‍රයේ අවුරුදු 25ටත් 44ටත් අතර පුරුෂයන්ගේ මරණවලින් සියයට 60ක් ඒඩ්ස් නිසා සිදුවන්නේ යයි එක් වාර්තාවක් පැවසීය. ජගත් සෞඛ්‍ය සංවිධානය (ජ.සෞ.සං) වාර්තා කරන්නේ ලෝක ව්‍යාප්තව මිලියන 8ක සිට මිලියන 15ක දක්වා ජන පිරිසකට HIV වෛරසය ශරීර ගතවී ඇති බවය. ජගත් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙක්, වෛද්‍ය මයිකල් මර්සන් මෙසේ පවසයි: “ලොව වටා HIV ශරීර ගත වන්නන්ගේ එකතුව, විශේෂයෙන් සංවර්ධනය වන්නාවූ රටවල, වේගයෙන් වැඩි වන බව, දැන් ඉතා පැහැදිලිය.”

ඇත්ත වශයෙන්ම, පරිසර හා වෙනත් භීතීන්ද ඇත්තේය. එහෙත්, බිය ලෝකය ග්‍රහණයට නතු කරමින් සිටින බව ඉහත සඳහන් වාර්තාවෙන් පමණක් පැහැදිලි වේ. මේ ගැන විශේෂාකාරයෙන් සැලකිය යුතු යමක් තිබේද? අපට බියෙන් නිදහස භුක්තිවිඳීම කවදා හෝ අපේක්ෂා කළ හැකිද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Cover photos: Left: Tom Haley/​Sipa Press; Bottom: Malanca/​Sipa Press

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Bob Strong/Sipa Press

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න