පිලෙමොන් සහ ඔනේසිමස් ක්‍රිස්තියානි සහෝදරත්වයේ එක්සත්ව
ප්‍රේරිත පාවුල්ගේ ආනුභාව ලත් ලිපිවලින් එකක් පුරුෂයන් දෙදෙනෙකුට සම්බන්ධ වන්නාවූ සියුම් ගැටලුවක් සමඟ කටයුතු කරනවා. එක් කෙනෙක් පිලෙමොන් අනිත් කෙනා ඔනේසිමස්. මෙම පුරුෂයෝ දෙදෙනා කවුද, ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමට පාවුල්ට සැලැස්වූයේ කුමක්ද?
ලිපිය ලද තැනැත්තා වන පිලෙමොන් ජීවත් වූයේ සුළු ආසියාවේ, කොලොස්සියෙයි. ප්‍රේරිතවරයාගේ දේශනා කිරීමේ ක්‍රියාකාරකම හේතුකොටගෙන ශුභාරංචිය වැලඳගත් නිසා, එම ප්‍රදේශයේ වෙනත් ක්‍රිස්තියානීන්ට වෙනස්ව පිලෙමොන් පාවුල්ව හොඳින් දැන හිටියා. (කොලොස්සි 1:1; 2:1) පාවුල් ඔහුව දැන සිටියේ “ප්‍රේමවන්තවූ හවුල් සේවකයෙක්” හැටියටයි. පිලෙමොන් ඇදහිල්ලේ හා ප්‍රේමයේ ආදර්ශයක් වුණා. ඔහු ආගන්තුක සත්කාරශීලී මෙන්ම ඔහුගේ සෙසු ක්‍රිස්තියානීන්ට නැවුම්බවේ උල්පතක් වුණා. ප්‍රාදේශීය සභාවට රැස්වීම් පැවැත්වීම සඳහා තමාගේ නිවස ප්‍රමාණවත් වීම නිසා, පෙනෙන ප්‍රකාරයට පිලෙමොන් සමෘද්ධිමත් මිනිසෙක් වුණා. පාවුල්ගේ ලිපියේ ආමන්ත්‍රණය කොට ඇති තවත් පුද්ගලයන් දෙදෙනෙකු වන අපියා හා අර්කිපස්, ඔහුගේ භාර්යාව හා පුතා විය හැකි බව යෝජනා කොට තිබෙනවා. එමෙන්ම පිලෙමොන්ට අඩුම තරමින් එක් දාසයෙක්වත් හිටියා, එනම් ඔනේසිමස්.—පිලෙමොන් 1, 2, 5, 7, 19ආ, 22.
පලායන්නෙක් රෝමයේ
පොදු යුගයේ 61 පමණ ඔනේසිමස් ගෙදරින් කි.මී. 1,400කටත් වඩා ඈතින් පිහිටි, පිලෙමොන්ට ලිපිය ලිවූ ස්ථානය වන රෝමයේ පාවුල් සමඟ සිටියේ මන්ද කියා ශුද්ධ ලියවිලි අපට කියන්නේ නැත. නමුත් පාවුල් පිලෙමොන්ට මෙසේ කිව්වා: “ඔහු [ඔනේසිමස්] නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබන්න.” (පිලෙමොන් 18) ඔනේසිමස් තම ස්වාමියා වන පිලෙමොන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බව මේ වචනවලින් පැහැදිලි කරනවා. මෙම පුරුෂයන් දෙදෙනාව සමාදාන කරවීමේ අටියෙන් පාවුල්ගේ මෙම ලිපිය ලියැවුණා.
රෝමයට පලායෑමට තමාට වියදම් සපයාගැනීම සඳහා පිලෙමොන්ගෙන් සොරාගැනීමෙන් පසු ඔනේසිමස් පලායන්නෙක් බවට පත් වූ බවට අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහුගේ අදහස වූයේ ගැවසෙන විශාල ජනකාය අතරේ සැඟවී සිටින්නයි.a ග්‍රීක-රෝම ලෝකයේ, පලායෑම් දාස හිමියන්ට පමණක් නොව, නමුත් මහජන පරිපාලනයටත් බරපතළ ගැටලුවක් ඇති කළා. රෝමය, පලායන දාසයන්ට “සම්ප්‍රදායානුකූල රක්ෂස්ථානයක් හැටියට ප්‍රසිද්ධ” වුණු බව කියැවෙනවා.
පාවුල්ට ඔනේසිමස් මුණගැසුණේ කොහොමද? බයිබලය අපට පවසන්නේ නැහැ. කෙසේවෙතත්, නිදහසේ නැවුම්බව මැකී ගිය විට, පෙනෙන ප්‍රකාරයට ඔනේසිමස්ට වැටහුණා ඔහු තමාවම පත් කරගෙන ඇත්තේ ඉතාමත්ම අවදානම් තත්වයකට බව. රෝම නගරයේ, විශේෂ පොලිස් බල ඇණියක් පලායන දාසයන්ව ලුහුබැන්ද අතර, තම ස්වාමිවරුන්ගෙන් පලායෑම සම්බන්ධයෙන් ඔවුන් කළ වරද පුරාතන නීතිය හමුවේ බරපතළම වැරදිවලින් එකක් වුණා. ගේර්හාර්ට් ෆ්රීඩ්රික්ට අනුව “අල්ලාගනු ලැබූ පලාගිය දාසයන්ගේ නළල්වල හංවඩු ගසනු ලැබුවා. ඔවුන්ට බොහෝවිට වධ දුන්නා; . . . , සර්කස් එකකදී මෘගයන්ට විසි කළා; එසේත් නැතිනම් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් වෙනත් සේවකයන්ව වළක්වාගැනීමට කුරුසයක ඇණ ගැසුවා.” සමහරවිට ඔනේසිමස් මුදල් සමඟ පැනගොස් අරමුණකින් තොරව සැඟවීමට ස්ථානයක් හෝ රැකියාවක් සෙවූ විට, ඔහු පිලෙමොන්ගේ නිවසේදී අසන්ට ලැබුණු තැනැත්තා වන පාවුල්ගේ ආරක්ෂාවත් මැදිහත් වීමත් පතන්න ඇතිය කියා ෆ්රීඩ්රික් යෝජනා කරනවා.
තවත් අය විශ්වාස කරන්නේ ඔනේසිමස් හිතාමතාම ඔහුගේ ස්වාමියාගේ මිත්‍රයෙකු වෙතට පලාගිය බවත්, එසේ කළේ එම තැනැත්තාගේ බලපෑම ඇතුව, තමා සමඟ වෙනත් හේතුවක් නිසා යුක්තිසහගත ලෙස කෝප වී සිටින ස්වාමියෙක් සමඟ හිතෛෂී සබඳතාවක් නැවත පිහිටුවාගැනීමට හැකි වේය යන බලාපොරොත්තුව ඇතුවය කියායි. ඓතිහාසික මූලාශ්රයන් අඟවන්නේ මෙවැන්නක් “කරදරයට ගොදුරු වී සිටි දාසයන්ගේ පොදු මෙන්ම හාත්පස පැතිර තිබූ විකල්පයක්” වුණු බවයි. එසේනම්, ඔනේසිමස්ගේ හොරකම “බොහෝදුරට සිදු කරන්න ඇත්තේ තමා වෙනුවෙන් මැදිහත් වන ලෙසට පාවුල්ගෙන් ඉල්ලීම සඳහා පාවුල් වෙතට යෑමට වූ තම ගමනට මුදල් සපයාගැනීමට විනා, මුදල් පැහැරගෙන පලායෑමේ අටියෙන් නොවන” බව බ්‍රයන් රාප්ස්කී කියයි.
පාවුල් අත දෙයි
පලායෑමට හේතුව කුමක් වූවත්, තම කුපිත වූ ස්වාමියා සමඟ නැවත සමාදාන වීමට ඔනේසිමස් පාවුල්ගේ උපකාරය පැතූ බව පැහැදිලියි. මෙයින් පාවුල්ට ගැටලුවක් මතු කළා. මෙතන සිටියේ කලින් නොඇදහිලිකාර දාසයෙක්ව සිටි සාපරාධී පලායන්නෙක්. නීතිමය අයිතිවාසිකම් යොදාගනිමින් දැඩි දඬුවම් පැමිණවීමට වූ ඔහුගේ අයිතිය නොයෙදවීමට ක්‍රිස්තියානි මිතුරෙකුව පෙලඹවීම තුළින් ඔහුට උපකාර කරන්න අපොස්තුලුවරයා උත්සාහ කළ යුතුද? පාවුල් මෙහිදී කළ යුතුව තිබුණේ කුමක්ද?
පාවුල් පිලෙමොන්ට ලියූ කාලය වන විට, පලාගිය තැනැත්තා පෙනෙන ප්‍රකාරයට අපොස්තුලුවරයා සමඟ යම් කලක් ගත කර ඇති බවයි පෙනෙන්නෙ. පාවුල් විසින් ඔනේසිමස් ‘ප්‍රේමවන්ත සහෝදරයෙක්’ බවට පත් වුණායයි කීමට තරම් කාලයක් ගත වී තිබුණා. (කොලොස්සි 4:9) ඔනේසිමස් හා සමඟ පැවති ආත්මික සබඳතාව ගැන පාවුල් මෙසේ කිව්වා: “මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය.” විය හැකි ප්‍රතිඵල සියල්ල අතුරෙන්, පිලෙමොන් සිහිනයකින්වත් නොසිතූ එක මෙය වෙන්න ඇති. කලින් “නිෂ්ප්‍රයෝජනව” සිටි දාසයා දැන් ක්‍රිස්තියානි සහෝදරයෙක් හැටියට නැවත පැමිණෙන බව අපොස්තුලුවරයා පැවසුවා. තමාගේ නමේ අරුතට එකඟව ජීවත් වීමක් හැටියට, ඔනේසිමස් දැන් “ලාභදායක” නැතිනම් “ප්‍රයෝජන” කෙනෙක් වෙන්න යනවා—පිලෙමොන් 1, 10-12.
බැඳුම් යටතේ සිටි අපොස්තුලුවරයාට ඔනේසිමස්ව බොහෝදුරට ප්‍රයෝජනවත් වී තිබුණා. ඇත්තෙන්ම කියනවා නම්, පාවුල් ඔහුව එහි තියාගන්න ඉඩ තිබුණා මතු දැක්වෙන කාරණා නොහැරෙන්න; එනම් එය නීති විරෝධී දෙයක් පමණක් නොව, මෙය පිලෙමොන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් පවා වෙන්න තිබුණා. (පිලෙමොන් 13, 14) එම වකවානුවේදී පමණ, පිලෙමොන්ගේ නිවසේ රැස්වූ සභාවකට ලිවූ වෙනත් ලිපියක, පාවුල් ඔනේසිමස්ව “නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයා” කියා යොමු දැක්වූවා. ඔනේසිමස් ඒ වන විටත් තම විශ්වාස කටයුතුභාවයට සාක්ෂි ඉදිරිපත් කර තිබුණු බව මෙය අඟවයි.—කොලොස්සි 4:7-9.b
ඔනේසිමස්ව කාරුණික අන්දමින් පිළිගන්නා හැටියට පාවුල් පිලෙමොන්ට දිරිගැන්වූවද, ඔහුට එසේ කිරීමට හෝ ඔහුගේ දාසයාව නිදහස් කරන හැටියට අණ කිරීමට අපොස්තලික අධිකාරිය යොදාගත්තේ නැහැ. ඔවුන්ගේ මිත්‍රත්වය හා අන්‍යොන්‍ය ප්‍රේමය නිසා, පාවුල්ට සහතිකයක් තිබුණා පිලෙමොන් තමා ඇසුවාටත් ‘වඩා වැඩියෙන් කරන බවට’. (පිලෙමොන් 21) ඔනේසිමස් සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තීරණය ගැනීමට නියම අයිතියක් ඇත්තේ පිලෙමොන්ට පමණක් බැවින් ‘වඩා වැඩියෙන්’ කීමෙන් අදහස් කරන්න ඇත්තේ කුමක්ද යන්න අපැහැදිලිව පවතී. සමහරුන් පාවුල්ගේ වචනවලට අරුත් දෙමින්, ‘ඔහු දැනටමත් පටන්ගෙන ඇති ආකාරයට දිගටම පාවුල්ට උපකාර කිරීමට හැකි වන පරිදි’ පලාගිය තැනැත්තාව ‘නැවත එවීමට’ කළ නිහඬ ඉල්ලීමක් හැටියට දක්වනවා.
ඔනේසිමස් වෙනුවෙන් පාවුල් කළ ආයාචනාවන් පිලෙමොන් භාරගත්තාද? ඔහු භාරගත් බවට තියෙන සැකයන් අඩු වූවත්, තමන්ගේම දාසයන් ඔනේසිමස්ගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් වළක්වාගැනීම සඳහා ඔනේසිමස් දඬුවමක් ලබනවාට කැමති වූ අනෙකුත් දාස හිමියන්ව මෙයින් අසතුටු කරවන්න ඇති.
ඔනේසිමස්—වෙනස් වූ මිනිසෙක්
තත්වය කුමක් වුණත්, ඔනේසිමස් නව පෞද්ගලිකත්වයක් ඇතුව කොලොස්සියට නැවත පැමිණුණා. ශුභාරංචියේ බලයෙන් විපර්යාසයකට ලක් ඔහුගේ කල්පනා කිරීමේ රටාව සමඟින්, ඔහු එම නගරයේ ක්‍රිස්තියානි සභාවේ ඇදහිලිවන්ත සාමාජිකයෙක් වුණු බවට කිසිම සැකයක් නැහැ. අන්තිමේදී ඔනේසිමස් පිලෙමොන්ගේ භාරයෙන් නිදහස් වුණාද යන්න ශුද්ධ වූ ලියවිලිවල අන්තර්ගත කොට නැහැ. කෙසේවෙතත්, ශුද්ධ වූ ලියවිලිමය කෝණයකින් බලන විට, කලින් පලාගිය තැනැත්තා නිදහස් මිනිසෙක් බවට පත් වී තිබුණා. (1 කොරින්ති 7:22 සසඳන්න.) එවැනිම විපර්යාස අදදිනත් සිදු වෙනවා. මිනිසුන් බයිබල් ප්‍රමිති තමන්ගේ ජීවිතයට අදාළ කරගන්නා විට, තත්වයන් සහ පෞද්ගලිකත්වයන් වෙනස් වෙනවා. සමාජයට කලින් නිෂ්ප්රයෝජනයයි සිතූ අයට, සමාජයට ආදර්ශවත් පුරවැසියන් බවට පත් වෙන්න උපකාර කර තිබෙනවා.c
සැබෑ ඇදහිල්ලට හැරීම මොනතරම් වෙනසක් ඇති කර තිබෙනවාද! කලින් සිටි ඔනේසිමස් පිලෙමොන්ට “නිෂ්ප්‍රයෝජනව” සිටින්ට ඇතත්, නව ඔනේසිමස් “ලාභදායක” පුද්ගලයෙක් හැටියට තම නමට එකඟව ජීවත් වූ බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම පිලෙමොන් හා ඔනේසිමස් ක්‍රිස්තියානි සහෝදරත්වයේ එක්සත් වීම ඇත්තෙන්ම ආශීර්වාදයක් වුණා.
[පාදසටහන්වල]
a රෝම නීතිය ස’වූස් ෆ්යූජටීවුස් කෙනෙකුව (පලායන දාසයෙකුව) නිර්වචනය කළේ ‘නැවත නොපැමිණීමේ අටියෙන් තම ස්වාමියා අතහැර ගිය කෙනෙකු’ හැටියටයි.
b නැවත කොලොස්සියට වූ මෙම ගමනේදී, පිළිගත් බයිබල් ග්රන්ථ සමූහයට දැන් ඇතුළත් වී ඇති පාවුල්ගේ ලිපිවලින් තුනක් පෙනෙන ප්‍රකාරයට, ඔනේසිමස්ට හා තුඛීකස්ට භාර දුන්නා. පිලෙමොන්ට ලිවූ මෙම ලිපියට අමතරව, මේවාට ඇතුළත් වූයේ එපීසයට හා කොලොස්සියට ලිවූ පාවුල්ගේ ලිපියි.
c උදාහරණ සඳහා කරුණාකර පිබිදෙව්!හි (ඉංග්‍රීසියෙන්) 1996 ජූනි 22, 18-23 පිටු; 1997 මාර්තු 8, 11-13 පිටු; මුරටැඹ, 1989 අගෝස්තු 1, 30-1 පිටු (ඉංග්‍රීසියෙන්); 1997 පෙබරවාරි 15, 21-4 පිටු බලන්න.
[30වන පිටුවේ කොටුව]
රෝම නීතිය යටතේ දාසයෝ
පළවන සියවසේ ස්ථාපිත වී තිබූ රෝම ව්‍යවස්ථාව යටතේ, දාසයෙක් තම ස්වාමියාගේ අත්තනෝමතික ක්‍රියාවන්, අධික ආශාවන් හා කෝපයට සම්පූර්ණයෙන්ම නතු වී හිටියා. විචාරක ගේර්හාර්ට් ෆ්රීඩ්රික්ට අනුව “මූලධර්මයන්ට හා නීතියට එකඟව, දාසයා පුද්ගලයෙක් නොව, නමුත් තම ස්වාමියා විසින් නිදහසේ පරිහරණය කළ හැකි දෙයක් වුණා. . . . [ඔහුව] ගෙදර දොරේ සතුන්ගේ හා ආයුධවල එකම තලයට වැටුණු අතර, ඔහුට සිවිල් නීතිය මගින් කිසිම සැලකිල්ලක් ලබා දුන්නේ නැහැ.” දාසයෙකුට තමා විඳි අයුක්තීන්වලට නීතිමය සහනයක් පතන්න නොහැකි වුණා. මූලිකවශයෙන්ම ඔහුට තිබුණේ ඔහුගේ ස්වාමියාගේ විධානයන් එයාකාරයෙන්ම ඉටු කිරීමටයි. කුපිත වූ ස්වාමියෙකු පැනවීමට ඉඩ තිබෙන දඬුවම්වල සීමාවක් තිබුණේ නැහැ. සිදු කළ සුළු වරදකට වූවත්, ඔහු ජීවනයේ හා මරණයේ බලය යොදාගත්තා.*
ධනවතුන්ට දාසයන් සියගණන් සිටින්ට ඉඩ තිබුණු අතරතුරේදී, සංසන්දනාත්මකව ගත් කල සාමාන්‍ය පවුලක පවා දාසයන් දෙතුන්දෙනෙකු සිටින්න ඉඩ තිබුණා. විශාරද ජෝන් බාක්ලි පවසන පරිදි “ගෙදර දොරේ දාසයන් විසින් ඉටු කළ කර්තව්‍යයන් අතිශයින් වෙනස් වුණා.” “වඩා විශාල හා ධනවත් ගෙවල දැකිය හැකි විවිධාකාර වෘත්තීමය ලෙස පුහුණු වී සිටින මෙහෙකරුවන් හැර, මුරකාරයන්, කෝකියෝ, වේටර්වරුන්, පිරිසිදුකරන්නන්, පණිවිඩ දූතයන්, දරුවන් බලාගන්නන්, කිරි මවුවරුන් සහ සියලු අරමුණු සඳහා සිටින අතවැසි මෙහෙකරුවන් හැටියට දාසයන් සේවය කළා. . . . ප්‍රායෝගිකව ගත් කල, ගෙදර දොරේ දාසයෙකුගේ ජීවිතයේ ගුණය බොහෝදුරට රඳා පැවතියේ ස්වාමියෙකුගේ කල්පනා කිරීමේ ක්‍රමය මත වන අතර, එයට යහපත අයහපත යන දෙකම ඇතුළත් වීමට හැකියාව තිබුණා: එනම් කෲර ස්වාමියෙකු යටතේ සිටීම නපුරුකම්වලින් යුත් සීමා රහිත පුළුල් පරාසයකින් දුක් විඳීම ප්‍රතිඵලය විය හැකි වුවත්, කාරුණික හා ත්‍යාගශීලී ස්වාමියෙකුට ජීවිතය දරාගත හැකි මෙන්ම බලාපොරොත්තුවෙන් යුතු එකක් බවට පත් කිරීමට හැකියාව තිබුණා. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථවල වාර්තා වී ඇති කෲර සැලකීම් සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ උදාහරණ තිබුණත්, සමහරක් අයිතිකරුවන් හා ඔවුන්ගේ දාසයන් අතරේ ඇති උණුසුම් හැඟීම්වලට සාක්ෂි දරන ලියවිලි බොහෝමයක්ද තිබෙනවා.”
*පුරාණ කාලවලදී දෙවිගේ සෙනඟ අතරේ පැවති දාසකම පිළිබඳව දැනගැනීම සඳහා, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) 2වන වෙළුමේ 977-9 පිටු බලන්න.