ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 6/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බව්තීස්ම විය යුත්තේ මන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ බව්තීස්ම විය යුතු ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 6/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බව්තීස්ම වීමට කැමති එහෙත් ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වන හෝ දරුණු ආබාධයක් ඇති කෙනෙකුව වතුර බව්තීස්මයේදී සම්පූර්ණයෙන්ම ගිල්වීම අපහසු නම් එසේ කිරීම අත්‍යවශ්‍යද?

“බව්තීස්මය” යන වචනය පරිවර්තනය කර තිබෙන්නේ ග්‍රීක ක්‍රියා පදයක් වන බැප්ටෝ යන වචනයෙනි. මෙහි තේරුම “පෙඟවීමයි.” (යොහන් 13:26) බයිබලයේ “බව්තීස්ම කිරීම” හා “ගිල්වීම” යන වචන දෙකෙහිම අර්ථ එක හා සමාන වේ. ඉතියෝපීය නපුංසකයාව පිලිප් බව්තීස්ම කළ ආකාරය සම්බන්ධව රොදහැම්ගේ බයිබල් පරිවර්තනයේ (The Emphasised Bible) සඳහන් වන්නේ “පිලිප්ද නපුංසකයාද දෙදෙනාම වතුරට බැස්සෝය. පිලිප් ඔහුව වතුරේ ගිල්වූයේය” කියායි. (ක්‍රියා 8:38) මේ අනුව, කෙනෙකුව බව්තීස්ම කරන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීමෙනුයි.—මතෙව් 3:16; මාර්ක් 1:10.

යේසුස් ඔහුගේ ගෝලයන්ට උපදෙස් දුන්නේ මෙසේයි. “එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . ඔවුන්ව බව්තීස්ම කරන්න.” (මතෙව් 28:19, 20) එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ගිල්වා බව්තීස්ම කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ඇති තටාක, වැව්, ගංගා හෝ ඒ හා සමාන ස්ථාන බව්තීස්මය සඳහා තෝරාගනිති. ගිල්වා බව්තීස්ම කිරීම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් අවශ්‍යතාවක් නිසා එය නොසලකා හැර කටයුතු කිරීමට කිසිම මිනිසෙකුට අධිකාරියක් නොමැත. පුද්ගලයෙකුගේ යම් තත්වයක් නිසා අසාමාන්‍ය පියවර ගත යුතු වුවද ඔහුව බව්තීස්ම කළ යුතුයි. වයසක හෝ දුර්වල සෞඛ්‍ය තත්වයකින් පෙළෙන අයව විශාල වතුර ටැංකිවල බව්තීස්ම කිරීම ප්‍රායෝගික ක්‍රමයක් වී තිබේ. වතුර ටැංකියට මද රස්නේ වතුර යෙදිය හැකි අතර බව්තීස්ම අපේක්ෂකයන්ව සුපරීක්ෂාකාරිව හා සෙමින් ටැංකියේ හිඳුවා ඔහු එයට හැඩගැන්වුණු පසු ඔහුව බව්තීස්ම කළ හැකියි.

ඉතා දරුණු ආබාධ ඇති අයව පවා බව්තීස්ම කර තිබේ. උදාහරණයක් ලෙස හුස්ම ගැනීම පහසු කිරීමට ස්වාසනාලයේ කරන ලද දිග කැපුමක් (tracheotomy) නිසා උගුරේ හිලක් ඇති අයව හෝ කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් භාවිතා කරන අයව පවා ගිල්වා බව්තීස්ම කර තිබේ. මෙවැනි බව්තීස්මයක් කිරීමේදී මනා සූදානම් වීමක් අවශ්‍ය බව නොකිවමනාය. හදිසියකදී උපකාර කිරීමට පුහුණු හෙදියක හෝ හැකි නම් වෛද්‍යවරයෙකු සූදානම් කරගැනීම ප්‍රඥාවන්ත ක්‍රියාවක්. කෙසේවෙතත් විශේෂ සැලකිල්ලක් හෝ පෙර සූදානමක් ඇතුව කටයුතු කිරීමෙන් ඕනෑම තත්වයක් යටතේ සිටින කෙනෙකුව බව්තීස්ම කිරීමට හැකි වේ. කෙනෙකු බව්තීස්ම වීමට අවංක ආශාවක් දක්වයි නම් හා එම අවස්ථාවේදී විය හැකි අවදානම් තත්වයන්ට මුහුණ දීමට කැමැත්තක් දක්වයි නම් එවැනි කෙනෙකුව වතුරෙන් බව්තීස්ම කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න