ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 12/15 10 පි.
  • ඔබට මඟ පෙන්වන්නෙක් සිටිනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මඟ පෙන්වන්නෙක් සිටිනවාද?
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෞවනයෙනි, ඔයාලාගේ ජීවිතේ කොයි වගේ එකක් වෙයිද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අපිට රැකවරණය දෙන අශ්ව රථ සහ ඔටුන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 12/15 10 පි.

ඔබට මඟ පෙන්වන්නෙක් සිටිනවාද?

යූදා දේශයේ රජ බවට පත් වන විට උසියාට වයස අවුරුදු 16යි. ක්‍රිස්තු පූර්ව අටසිය ගණන්වලදී ආරම්භ කළ ඔහුගේ රජකම අවුරුදු 50කට වඩා වැඩි කාලයක් පුරා පැවතුණා. උසියා තරුණ වයසේ සිටම ‘යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කළා.’ එවැනි ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඔහුව පෙලඹුවේ කුමක්ද? ඒ ගැන බයිබල් වාර්තාවේ සඳහන් කරන්නේ මෙසේයි. ‘සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන ඔහුට උපදෙස් දුන් සෙකරියා ජීවත්ව සිටි කාලය පුරා ඔහු දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පැතීමට නිතර උත්සාහ කළා. ඔහු යෙහෝවා දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීම් පැතූ කාලයේදී සැබෑ දෙවි ඔහුව හැම අතින්ම සමෘද්ධිමත් කළා.’—2 ලේකම් 26:1, 4, 5, නව ලොව පරිවර්තනය, NW.

රජුගේ උපදේශකයා වූ සෙකරියා ගැන අප දන්නා දේ ඉතාම අල්පයි. ඒ වුණත් බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ ‘සැබෑ දෙවිට ගරුබිය දැක්වූ මඟ පෙන්වන්නෙකු’ හැටියටයි. දෙවි යහපත්යයි සලකන දේ කිරීමට උසියා නමැති තරුණ පාලකයාට ඔහුගේ ආදර්ශය විශාල බලපෑමක් වුණා. සෙකරියා ගැන එක් පොතක සඳහන් කරන්නේ මෙසේයි. “ඔහු ශුද්ධ ලියවිලි ගැන මනා අවබෝධයක් මෙන්ම නමස්කාර පිළිවෙත් ගැන හසල දැනුමක් තිබූ කෙනෙක්. එමෙන්ම එම දැනුම බෙදාගැනීමේ හැකියාවද ඔහු සතු වුණා.” එක් බයිබල් විශාරදයෙක් සෙකරියා ගැන පවසන්නේ “ඔහු අනාවැකි ගැන පුළුල් අවබෝධයක් තිබූ කෙනෙක්. ඔහු බුද්ධිමත්, භක්තිමත්, ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. එමෙන්ම ඔහු උසියා රජුට විශාල ශක්තියක් වූ බවට කිසිම සැකයක් නැහැ” කියායි.

උසියා දෙවි කෙරෙහි ඇදහිල්ලෙන් කටයුතු කළ නිසා ඔහුට දෙවිගේ ප්‍රසාදය ලැබුණා. ‘සැබෑ දෙවි ඔහුට දිගටම උපකාර කළ නිසා ඔහු තම බලය තහවුරු කරගත්තා.’ ‘සෙකරියා ජීවත්ව සිටි කාලය තුළ’ උසියා ඇදහිලිවන්ත ජීවිතයක් ගත කළ නිසා හැම අතින්ම සමෘද්ධිමත් වෙන්න ඔහුට හැකි වුණා. (2 ලේකම් 26:6-8, NW) නමුත් ඔහු බලසම්පන්න වූ විට තමාගේ මඟ පෙන්වන්නා වූ සෙකරියාගේ උපදෙස්වලට පිටුපාන්න පටන්ගත්තා. මෙසේ උසියා ‘උඩඟු ලෙස ක්‍රියා කළා. එහි ප්‍රතිඵලය හැටියට ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධව ක්‍රියා කළ’ බවත් බයිබලයේ වාර්තා වෙනවා. ඔහු ඉතාම අගෞරවනීය ලෙස දෙවිගේ නීතියක් කඩ කළ එක් අවස්ථාවකදී ලාදුරු රෝගයෙන් දෙවි ඔහුට දඬුවම් කළා. එතැන් සිට ඔහුගේ මරණය දක්වාම ඔහුගේ වගකීම් හරි හැටි කරගැනීමට ඔහුට නොහැකි වුණා.—2 ලේකම් 26:16-21, NW.

‘දෙවිට ළං වීමට’ උපකාර කළ මඟ පෙන්වන්නෙක් උසියාට සිටියා. ඔබටත් එවැනි මඟ පෙන්වන්නෙක් සිටිනවාද? ඔබ කුමන වයස් මට්ටමක සිටියත් එවැනි කෙනෙකුගේ උපකාර ඔබට අවශ්‍ය විය හැකියි. යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ කිරීමට එවැනි කෙනෙකුගේ මඟ පෙන්වීම් ඔබට මහත් රුකුලක් වනවා නිසැකයි. දෙවි සමඟ සමීප බැඳීමක් ඇති එම ක්‍රිස්තියානිවරයාට හොඳින් සවන් දෙන්න. ඔහු හෝ ඇය ලබා දෙන උපදෙස් බැරෑරුම් ලෙස සලකා බලන්න. ‘සැබෑ දෙවිට ගරුබිය දැක්විය යුතු ආකාරය ගැන උපදෙස් දෙන එවැන්නකුගේ’ වදන්වලට කිසිදා පිටු නොපාන්න!—හිතෝපදේශ 1:5; 12:15; 19:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න