යොවුන් ඔබට
නිර්භීත මෙන්ම නිහතමානී මිනිසෙක්
යෝනා—1වන කොටස
මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයෙහි සිටිනවා කියා සිතන්න.
1 සිතින් මවාගන්න.—යෝනා 1:1-17; 2:10–3:5 දක්වා කියවන්න.
කුණාටුව කොතරම් දරුණු වන්න ඇද්ද?
․․․․․
යෝනාටත් නැවේ සිටි අනික් අයටත් කුමක් සිතෙන්න ඇද්ද?
․․․․․
මුහුදේ ගිලෙන විටත් මත්ස්‍යාගේ බඩේ සිටින විටත් යෝනාට කුමක් සිතෙන්න ඇද්ද? (යෝනා 2:1-9 දක්වා කියවන්න.)
․․․․․
2 තවත් ගැඹුරට සිතන්න.
නිනිවයේ වැසියන් මොන වගේ අයද? යෝනා එහි යෑමට අකමැති වන්න ඇත්තේ ඇයි? (නාහුම් 3:1)
․․․․․
යෙහෝවා දෙවි නිනිවය ‘වැදගත් නුවරක්’ ලෙස සැලකීමට හේතුව කුමක් වන්න ඇද්ද? (යෝනා 3:3; 2 පේතෘස් 3:9)
․․․․․
තමන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන බව යෝනා පැවසූ අතර තමන් අතින් වරදක් සිදු වූ බවත් ඔහු පිළිගත්තා. ඉන් අපට ඔහු ගැන හෙළි වන්නේ කුමක්ද? (යෝනා 1:9, 10 නැවත කියවන්න.)
․․․․․
තමාව මුහුදට දැමූ පසු නැවේ සිදු වූ දේවල් යෝනා දැනගන්න ඇත්තේ කෙසේද? (යෝනා 1:15, 16 නැවත කියවන්න.)
․․․․․
3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.
බිය.
․․․․․
නිහතමානිකම.
․․․․․
ධෛර්යය.
․․․․․
නපුරුයි කියා අපි සිතන අය ගැන යෙහෝවා දෙවිට හැඟෙන ආකාරය.
․․․․․
4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?
․․․․․
වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 25 සිට 28 දක්වා පිටු බලන්න.
ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org