ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 5/1 5 පි.
  • 2. සාගත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2. සාගත
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • බිලියනයකගේ කුසගින්න නිවාලන්න හැකි වේවිද?
    2005 පිබිදෙව්!
  • කාගෙත් කුසගිනි නිවෙන දා!
    2005 පිබිදෙව්!
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 5/1 5 පි.

2. සාගත

“ආහාර හිඟකම් ඇති වෙයි.”—මාක් 13:8.

● එක් මිනිසෙක් සරණ පතා නයිජර්වල ක්වාරාටගී යන ගම්මානයට පලා ගියා. රට අභ්‍යන්තරයේ ජීවත් වන ඔහුගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන්ද කුසගින්න නිවාගන්න එහි පැමිණියා. ඒත් ඒ මිනිසා කිසිවක් කර කියාගත නොහැකිව තනිවම පැදුරක වැතිරී සිටියා. ඔහු තනි වී සිටියේ ඇයි? ඒ ගමේ මුලාදෑනියා ඊට හේතුව පැහැදිලි කරන්නේ මෙලෙසයි. “එයා තනිවම ඉන්නේ පවුලේ අය හරි හැටි කෑමක් නැතුව දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි හින්දයි.”

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? ලොව පුරා හත්දෙනෙකුගෙන් එක් අයෙකුට දිනපතාම නිසි ලෙස ආහාර ලැබෙන්නේ නැහැ. මේ තත්වය ඇතැම් අප්‍රිකානු රටවල ඊටත් වඩා දරුණුයි. එවැනි රටවල තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් කුසගින්නෙන් පෙළෙනවා. පියෙක්, මවක් සහ දරුවෙක් සිටින පවුලක් ඒ තත්වයට කෙසේ මුහුණ දෙයිද කියා මදකට කල්පනා කර බලන්න. ප්‍රමාණවත් ආහාර තිබෙන්නේ දෙදෙනෙකුට පමණක් නම් කුසගින්නේ සිටින්නේ පියාද මවද නැත්නම් දරුවාද?

පොදු මතය කුමක්ද? මේ පොළොවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ආහාර නිෂ්පාදනය වෙනවා. ඒත් මිනිසුන් බඩගින්නේ ඉන්නේ ඒවා හරියට බෙදාහරින්නේ නැති නිසයි.

එම මතය පිළිගත හැකිද? ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරීමටත් ඒවා බෙදාහැරීමටත් අද හැකියාව තිබෙනවා. ආහාර සියලුදෙනාටම ලැබෙන්න සැලැස්වීම පාලකයන්ගේ වගකීමක්. එසේ කිරීමට ඔවුන් දශක ගණනාවක් පුරා උත්සාහ කර තිබුණත් එය සාර්ථක වී නැහැ.

ඔබ සිතන්නේ කුමක්ද? අවසාන කාලයේ ආහාර හිඟකම් ඇති වන බවට බයිබලයේ සඳහන් අනාවැකිය අද දින ඉටු වෙමින් පවතිනවාද? (මාක් 13:8) තාක්ෂණය දියුණු වී තිබුණත් කුසට ආහාරයක් නැතුව ලොව පුරා මිනිසුන් දුක් විඳිනවාද?

භූමිකම්පා හා සාගතවලට අමතරව අප අවසාන කාලයේ සිටින බව අඟවන තවත් දෙයක්ද තිබෙනවා.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“නිසි පෝෂණය ලබා දී තිබුණා නම් නිව්මෝනියාව, පාචනය හා වෙනත් රෝග නිසා මිය ගිය දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩිදෙනෙකුව බේරාගැනීමට තිබුණා.”—ඒ. එම්. වෙනමන්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂකවරිය.

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Paul Lowe/​Panos Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න