ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 5/1 6 පි.
  • 3. වසංගත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3. වසංගත
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • විසිවන සියවසේ වසංගත
    1997 පිබිදෙව්!
  • අසනීප හා මරණයට එරෙහි ව සටන එය ජය ගනිමින් තිබේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බෝවන රෝග මාරාන්තිකයි නමුත් වැළැක්විය හැකියි
    2001 පිබිදෙව්!
  • රෝගවලට එරෙහි යුද්ධයේ ජය පරාජයන්
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 5/1 6 පි.

3. වසංගත

‘වසංගත ඇති වෙයි.’—ලූක් 21:11.

● යුධ ගිනි ඇවිළුණු අප්‍රිකානු රටක මහජන සෞඛ්‍ය සේවකයෙක් වූ බෝන්සාලි, මාර්බර්ග් වයිරසය ආසාදනය වූ පතල්කරුවන්ව බේරාගැනීමට තමන්ට හැකි සියල්ල කළා.a ඔහු අදාළ බලධාරීන්ගේ අවධානයට එය ලක් කළත් ඔවුන්ගෙන් කිසිම උපකාරයක් ලැබුණේ නැහැ. නමුත් මාස හතරකට පසු සෞඛ්‍ය සේවකයන් පැමිණෙන විට බෝන්සාලිත් මිය ගොස් තිබුණා. ඔහු මිය ගියේ ඔහුටත් පතල්කරුවන්ගෙන් එම රෝගය වැලඳුණු නිසයි.

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? මිනිස් ජීවිත වැඩි ගණනක් ගොදුරු කරගන්නා වසංගත රෝග අතරට නිව්මෝනියාව වැනි ස්වසන රෝග, පාචනය, ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව ඇතුළත් වෙනවා. මෑත වර්ෂයකදී, එම රෝග පහ නිසා මිනිසුන් මිලියන 10.7ක් මිය ගියා. වෙනත් විදිහකින් පැවසුවොත් එම වසරේදී සෑම තත්පර තුනකටම එක් අයෙක් ඒ රෝග හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

පොදු මතය කුමක්ද? මිනිසුන් වසංගතවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වී තිබෙන්නේ ලෝක ජනගහනය එන්න එන්නම වැඩි වෙන නිසයි.

එම මතය පිළිගත හැකිද? ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව සත්‍යයක්. නමුත් තාක්ෂණය මේ වන විට ඉතා දියුණු මට්ටමක තිබෙන නිසා රෝග හඳුනාගැනීමටත් පාලනය කිරීමටත් ප්‍රතිකාර කිරීමටත් හැකියාව තිබෙනවා. ඒ අනුව බලන කල වසංගත රෝගවලින් පීඩා විඳින සංඛ්‍යාව මේ වන විට අඩු වී තිබිය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදු වී නැහැ.

ඔබ සිතන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් වන ආකාරයට මිනිසුන් අද දින දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වෙනවාද?

භූමිකම්පා, සාගත හා වසංගත හේතුවෙන් මිලියන ගණන් මිනිසුන් දැඩි අසීරුතාවලට මුහුණ දෙනවා. ඊටත් වඩා වැඩි පිරිසක් දුක් විඳින්නේ තමන්ට ආරක්ෂාව සැලසිය යුතු අය අතින්ම පීඩාවට ලක් වන නිසයි. ඒ ගැන බයිබලයේ සඳහන් අනාවැකිය අපි දැන් සලකා බලමු.

[පාදසටහන]

a මාර්බර්ග් වයිරසය බොහෝදුරට ඉබෝලා වයිරසයට සමානයි.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“රුදුරු සිංහයෙකුට හසු වී මිය යෑම ඉතා වේදනාකාරී දෙයක්. ශරීරය තුළ පැතිරී යන රෝගයක් නිසා මිය යෑමත් ඒ හා සමානවම වේදනාකාරී දෙයක්.”—මයිකල් ඔස්ටර්හොල්ම්, වසංගත රෝග පර්යේෂක.

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© William Daniels/​Panos Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න