ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 8/1 14-15 පි.
  • හැමෝම ඇයට ආදරය කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැමෝම ඇයට ආදරය කළා
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නියම ආරක්ෂාව ලැබුණේ යෙහෝවා නිසයි
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍යයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යහපත්කම් කරමින් අන් අය සමඟ බෙදාගන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 8/1 14-15 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

හැමෝම ඇයට ආදරය කළා

හැමෝම අපිට ආදරය කරනවාට අපි කැමතියි. ඔයත් කැමතියි නේද?—a බොහෝදෙනෙක් ආදරය කළ ස්ත්‍රියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එයාගේ නම දොර්කස්.

දොර්කස්, යේසුස්ගේ අනුගාමිකයෙක්. එයා ජීවත් වුණේ යොප්පාවෙයි. ඒ නගරය තිබුණේ මධ්‍යධරණී මුහුද ළඟයි. යොප්පාවේ ඉඳලා යෙරුසලමට කිලෝමීටර් 56ක් තියෙනවා.

හැමෝම එයාට ආදරය කළේ ඇයි කියලා ඔයා දන්නවාද?— එයා ගොඩක් හොඳ දේවල් කළා කියලත් අනික් අයට තෑගි දුන්නා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. එයා ලස්සන ඇඳුම් මහලා වැන්දඹුවන්ට දුන්නා. ඒ විතරක් නෙවෙයි යේසුස් වගේ එයත් දෙවි ගැන අන් අයට කතා කළා.

දොර්කස්ට මොකද වුණේ කියලා ඔයා දන්නවාද?— එයා ගොඩක් අසනීප වුණ නිසා මැරුණා. එයාගේ යාළුවෝ ඔක්කොම හරියට දුක් වුණා. ඒ නිසා කිලෝමීටර් 16ක් විතර ඈතින් හිටිය පේතෘස්ට ඉක්මනින් එන්න කියලා එයාලා පණිවිඩයක් යැව්වා. පණිවිඩය ලැබුණු ගමන් පේතෘස් එතනට ආවා. එතකොට එතන හිටිය වැන්දඹුවන් දොර්කස් එයාලට මහලා දුන්න ඇඳුම් පේතෘස්ට පෙන්න පෙන්න ඇඬුවා.

ඊට පස්සේ කාමරයේ හිටපු හැමෝටම එළියට යන්න කියලා පේතෘස් කිව්වා. පේතෘස් සහ යේසුස්ගේ අනික් ගෝලයන් මීට කලින් ගොඩක් පුදුම දේවල් කරලා තිබුණා. නමුත් මැරුණ කෙනෙකුව නම් නැවත නැඟිටවලා තිබුණේ නැහැ. පේතෘස් දැන් මොනවා කරයි කියලාද ඔයා හිතන්නේ?—

පේතෘස් දොර්කස්ගේ මළ සිරුර ළඟ දණ ගහලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊට පස්සේ දොර්කස්ට නැඟිටින්න කියලා පේතෘස් කිව්වා. දොර්කස් ඒ වෙලාවේම නැඟිට්ටා. ඊටපස්සේ පේතෘස් එළියේ හිටිය වැන්දඹුවන්ට හා අනික් අයට කාමරේට එන්න කිව්වා. ඒ අය මොන තරම් සන්තෝෂ වෙන්න ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?—

ඒ සිද්ධියෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු. එක දෙයක් තමයි ඔයා අනික් අයට උදව් කළොත් ඒ අය ඔයාට ගොඩක් ආදරය කරයි. හැබැයි වැදගත්ම දේ වෙන්නේ ඔයා එහෙම කරන කොට යෙහෝවා දෙවිගේ ආදරය ඔයාට ලබාගන්න පුළුවන්. ඔයා අනික් අය වෙනුවෙන් කරන දේවල් දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම අනාගතයේදී පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න දෙවි ඔයාට අවස්ථාව දෙනවා.

බයිබලයෙන් කියවා බලන්න

  • ක්‍රියා 9:36-43

  • එළිදරව් 21:3-5

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න