ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 8/15 22 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • 2021 මුළු එකතුව
    2021 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • 2017 මුළු එකතුව
    2017 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
  • 2015 වසරේ මුළු එකතුව
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • 2018 මුළු එකතුව
    2018 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 8/15 22 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වාර්ෂිකව ඉදිරිපත් කරන ලෝක ව්‍යාප්ත වාර්තාවේ තොරතුරු අප තේරුම්ගත යුත්තේ කොහොමද?

සෑම වසරකම අපගේ ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යය සම්බන්ධයෙන් වාර්තාවක් වාර්ෂික පොතේ හා පෙබරවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ පළ වෙනවා. සෑම වසරකම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා ඉගැන්වීමට දෙවිගේ ජනයා දරා ඇති වෑයම ගැන දැනගන්න අපි බලා සිටින්නේ ඉතා සිතුටින්. නමුත් එම වාර්තාවේ පළ වන සංඛ්‍යා ලේඛන සහ යෙදුම් නිවැරදිව තේරුම්ගැනීමට නම් ඒ සඳහා යම් පැහැදිලි කිරීමක් අපට අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් පහත දැක්වෙයි.

සේවා වර්ෂය. සේවා වර්ෂයක් ගණන්ගන්නේ සැප්තැම්බර් සිට අගෝස්තු දක්වායි. සාමාන්‍යයෙන් අපගේ රාජ්‍ය සේවාවේ පළ වන්නේ කලින් සේවා වර්ෂයේ ලෝක ව්‍යාප්ත වාර්තාවයි. උදාහරණයකට 2011 පෙබරවාරි රාජ්‍ය සේවාවේ පළ වී තිබෙන්නේ 2009 සැප්තැම්බර් 1වන දා සිට 2010 අගෝස්තු 31වන දා දක්වා සේවා වර්ෂයේ වාර්තාවයි.

උපරිම ප්‍රචාරක සංඛ්‍යාව සහ සාමාන්‍ය ප්‍රචාරක සංඛ්‍යාව. ප්‍රචාරකයන් ලෙස ගණන්ගන්නේ බව්තීස්ම වූ ප්‍රචාරකයන් සහ දේවසේවයේ යෑමට අනුමැතිය ලබා ඇති බව්තීස්ම නොවූ ප්‍රචාරකයන්වයි. “උපරිම ප්‍රචාරක සංඛ්‍යාව” ගණනය කරන්නේ සේවා වසරේ වැඩිම ප්‍රචාරක සංඛ්‍යාව වාර්තා කර ඇති මාසයෙනුයි. කලින් මාසයේ සේවා වාර්තාව දැමීමට ප්‍රමාද වූ ප්‍රචාරකයන්වද ඊට ඇතුළත් කර තිබෙනවා විය හැකියි. “සාමාන්‍ය ප්‍රචාරක සංඛ්‍යාව” ගණනය කරන්නේ සේවා වසරේ සෑම මාසයකදීම වාර්තා ඉදිරිපත් කළ ප්‍රචාරකයන්ගේ මුළු සංඛ්‍යාව 12න් බෙදීමෙනුයි.

පැය එකතුව. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැය බිලියන 1.6කට වඩා වැය කර ඇති බව 2011 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ ලෝක ව්‍යාප්ත වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් දෙවිට කරන නමස්කාරය සඳහා අප යොදවන සම්පූර්ණ කාලය මෙම පැය ප්‍රමාණයට ඇතුළත් නැහැ. උදාහරණයකට සහෝදරයන්ව දිරිගැන්වීමට හා උපකාර කිරීමට වැඩිමහල්ලන් වැය කරන කාලය, රැස්වීම්වලට සහභාගි වීමට, බයිබලය අධ්‍යයනය කිරීමට හා ඒ ගැන කල්පනා කිරීමට අප ගත කරන කාලය ඊට ඇතුළත් නැහැ.

වැය කළ මුදල. වර්ෂ 2010 සේවා වසර තුළදී විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් සහ සංචාරක සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 155ක් වැය කර තිබෙනවා. නමුත් ඊට බයිබල් හා ඒ මත පදනම් සඟරා පොත් පත් මුද්‍රණය කිරීමට වැය කළ මුදල ඇතුළත් නැහැ. ලෝක ව්‍යාප්ත බෙතෙල් නිවෙස්වල සේවය කරන 20,000කට වැඩි සේවකයන් වෙනුවෙන් වැය කළ මුදලද මීට ඇතුළත් නැහැ.

සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව. මෙම සංඛ්‍යාවට ඇතුළත් වන්නේ සිහි කිරීමේදී රොටි සහ වයින්වලට පංගුකාරයන් වන බව්තීස්ම වූ සාක්ෂිකරුවනුයි. නමුත් පොළොව මත සිටින අභිෂේක ලත් අයගේ ඉතිරි සංඛ්‍යාව නිශ්චිතවම එය බව කිව නොහැකියි. උදාහරණයකට ස්වර්ගයේ ජීවත් වීම සම්බන්ධයෙන් සමහරුන්ට කලින් තිබූ විශ්වාසයන් නිසා හෝ යම් මානසික ගැටලුවක් නිසා සිහි කිරීමේ සංකේත භාවිත කිරීමට ඉඩ තිබෙනවා. එමනිසා පොළොව මත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කී දෙනෙක් ඉතිරි වී සිටිනවාද කියා නිශ්චිතවම පැවසිය නොහැකි අතර එය දැනගැනීමද අත්‍යවශ්‍ය නැහැ. සිහි කිරීමේ සංකේත භාවිත කරන සෑම කෙනෙකුගේම නම් ලැයිස්තුවක් පාලක මණ්ඩලය තබාගන්නේ නැහැ.a

නමුත් අපි දන්නා දෙයක් නම් මහත් පීඩාව ආරම්භ වන විට “දෙවිගේ දාසයන්” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් කිහිපදෙනෙක් පොළොව මත සිටින බවයි. (එළි. 7:1-3) ඔවුන් පොළොව මත සිටින කාලය තුළදී ශුභාරංචිය දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. වාර්ෂිකව ඉදිරිපත් කරන ලෝක ව්‍යාප්ත වාර්තාවෙන්ද මනාව පැහැදිලි වන්නේ දෙවිගේ සියලුම සේවකයන් මිනිස් ඉතිහාසයේ අතිවැදගත්ම කාර්යයෙහි ඉතා උද්‍යෝගයෙන් හවුල් වන ආකාරයයි.

[පාදසටහන]

a වැඩි විස්තර දැනගැනීම සඳහා 2009 ජූනි 15 මුරටැඹ කලාපයේ 24වන පිටුව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න