ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 12/1 4 පි.
  • යේසුස්ව සිහි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව සිහි කරන්න
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හරය ගිලිහිලාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තල සමරන එක වැරදිද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 12/1 4 පි.

යේසුස්ව සිහි කරන්න

“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”—ලූක් 22:19.

නත්තල සමරන්නේ . . .

යේසුස්ව සිහි කරන්න ඕන නිසයි කියලා හුඟදෙනෙක් කියනවා.

ඇත්තටම වෙලා තියෙන්නේ . . .

නත්තල සමරන මිලියන ගණනකට යේසුස් ගැන කිසි විශ්වාසයක් නැහැ. සමහරු යේසුස් කියලා කෙනෙක් හිටියා කියලවත් විශ්වාස කරන්නේ නැහැ. නත්තල් සමයේ යේසුස්ව සිහි කරනවා වෙනුවට හුඟක් වෙලාවට වෙන්නේ තමන්ගේ වෙළඳ බඩු විකුණගන්න වෙළෙඳුන් ඒක හොඳ අවස්ථාවක් කරගන්න එක විතරයි. අනික නත්තල් චාරිත්‍ර, සමහර ජනප්‍රිය නත්තල් සිංදු යේසුස්ව සිහි කරන්න හදපු ඒවත් නෙවෙයි.

බයිබලයේ තියෙන්නේ . . .

‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.’ (මාක් 10:45) ‘මාව සිහි කරන්න’ කියලා යේසුස් කිව්වේ ඔහුගේ උපන් දිනය දවසේ නෙමෙයි. ඔහුගේ මරණයට කලින් දවසෙයි. ඔහුගේ මරණය සිහි කරන්න ඕන කොහොමද කියලා ඔහු තම ගෝලයන්ට එදා මඟ පෙන්වීම් පවා දුන්නා. ඒත් යේසුස් ඔහුගේ උපන් දිනය සමරන්න කියනවා වෙනුවට මරණය සිහි කරන්න කියලා කිව්වේ ඇයි? මොකද යේසුස්ගේ මරණය නිසා තමයි මිනිසුන්ට පාපයෙන් ගැලවීමත් හැමදාටම ජීවත් වෙන්න අවස්ථාවත් ලැබෙන්නේ. (රෝම 6:23) ඒ නිසා හැම අවුරුද්දකම යේසුස්ගේ අනුගාමිකයන් ඔහුගේ මරණය සිහි කරනවා. එයාලා යේසුස්ව සිහි කරන්නේ මුකුත් කරකියාගන්න බැරි බිලිඳෙක් හැටියට නෙමෙයි “ලෝකයේ ගැලවුම්කරු” හැටියටයි.—යොහන් 4:42.

“ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.” (1 පේතෘස් 2:21) යේසුස්ව සිහි කරන්න පුළුවන් තව හොඳ විදිහක් තමයි යේසුස් ගැන බයිබලයේ තියෙන තොරතුරු හොඳට ඉගෙනගෙන ඒවා අපේ ජීවිතේට අදාළ කරගන්න එක. දයාව, ඉවසිලිවන්තකම, නිර්භීතකම වගේ ගුණාංග යේසුස් පෙන්නපු විදිහ අපි ආදර්ශයට ගනිද්දී අපි කරන්නේ ඔහුව සිහි කරන එකයි.

“මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන් හා ඔහුගේ ක්‍රිස්තුස් සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.” (එළිදරව් 11:15) යේසුස් දැන් ස්වර්ගයේ රජකම් කරනවා. ඔහු ළඟදීම ස්වර්ගයේ සිට මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා. ඔහුගේ පාලනය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.” (යෙසායා 11:4) ඒ නිසා යේසුස්ව සිහි කරන්න ඕන බිලිඳෙක් හැටියට නෙමෙයි බලවත් රජ කෙනෙක් හැටියටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න