ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 12/1 5 පි.
  • තෑගිබෝග දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තෑගිබෝග දෙන්න
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පෙරදිගටත් නත්තල්?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තලෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 12/1 5 පි.

තෑගිබෝග දෙන්න

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

නත්තල සමරන්නේ . . .

තෑග්ගක් දෙද්දී ඒක ලබන කෙනාට විතරක් නෙමෙයි දෙන කෙනාටත් ලොකු සතුටක් අද්දකින්න පුළුවන් කියලා යේසුස් කිව්වා. තෑගිබෝග දීලා සතුටක් ලබන්න කැමති නිසා හුඟක් අය නත්තල් තෑගි දෙන එක වැදගත් චාරිත්‍රයක් හැටියට සලකනවා. උදාහරණයකට ගිය අවුරුද්දේ අයර්ලන්තයේ කරපු එක සමීක්ෂණයකින් ඔප්පු වුණේ ලෝක ආර්ථිකය කොච්චර බිඳ වැටිලා තිබුණත් අයර්ලන්තයේ හැම පවුලක්ම වගේ නත්තල් තෑගි වෙනුවෙන් අඩුම තරමින් යූරෝ 500ක්වත් (රු. 80,000ක් විතර) වියදම් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා කියලයි.

ඇත්තටම වෙලා තියෙන්නේ . . .

නත්තල් තෑගි දෙන එකෙන් සතුටක් ලැබෙන එක කෙසේවෙතත් ඒක හරි කරදරයක් කියලා නම් දැන් ගොඩක් අයට හැඟෙනවා. මොකද අතේ සල්ලි නැති වුණත් මේ චාරිත්‍රය නිසා අනිවාර්යයෙන්ම තෑගි ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැමෝම නත්තල් කාලේ සාප්පු සවාරි යන නිසා කඩ සාප්පු, ප්‍රධාන පාරවල් අතුරු සිදුරු නැතුව මිනිසුන්ගෙන් පිරෙනවා. ඒ වගේ තදබදයක් තියෙද්දී තෑගිබෝග ගන්න සාප්පු යන එක එපා වෙන වැඩක්.

බයිබලයේ තියෙන්නේ . . .

“දීමට පුරුදු වන්න.” යේසුස් කිව්වේ එහෙමයි.a (ලූක් 6:38) ඒකෙන් පැහැදිලි වෙනවා තෑගි දෙන්න අවුරුද්දේ විශේෂ දවසක් එනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ කියලා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ පුළුවන් ඕන වෙලාවක අනිත් අයට තෑගිබෝග දෙන්න පුරුදු වෙන්න කියලා.

“කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.” (2 කොරින්ති 9:7) මේ පදයේ කියන විදිහට කෙනෙක් යමක් දෙන්න ඕන ‘බල කරන නිසාවත් නොදී බැරි නිසාවත් නෙමෙයි හිතේ කැමැත්තෙන්මයි.’ එහෙම කරද්දී කාට හරි තෑග්ගක් දෙන්න විශේෂ දවසක්, වෙලාවක් එනකම් බලන් ඉන්න ඕන නැහැ.

“සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.” (2 කොරින්ති 8:12) අද සමාජය දිරිගන්වන්නේ අතේ සල්ලි නැතත් දැන් අරගෙන පස්සේ ගෙවන්න කියලයි. හැබැයි ණය වෙලා මිල අධික තෑගිබෝග දෙන්න ඕන කියලා දෙවි කියලා නැහැ. බයිබලයේ කියන්නේ කෙනෙක්ට තියෙන දෙයින් පුළුවන් විදිහට දෙද්දී තමයි සතුටක් ලැබෙන්නේ කියලා.

a සමහර බයිබල්වල මේ පදය පරිවර්තනය කරලා තියෙන්නේ “අනුන්ට දෙන්න” කියලයි. හැබැයි මුල් ග්‍රීක භාෂාවෙන් මේ පදය ලියද්දී පාවිච්චි කරලා තියෙන ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ නිකම්ම දෙන්න කියන එක නෙමෙයි. දිගටම ඒක කරන්න කියන අදහස ඒ පදයේ තියෙනවා. ඒ නිසයි නව ලොව පරිවර්තනයේ “දීමට පුරුදු වන්න” කියලා දාලා තියෙන්නේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න