ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 2/15 30 පි.
  • කායෆස්ගේ පවුලේ කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කායෆස්ගේ පවුලේ කෙනෙක්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් මිහිතලයේ ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියක්?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ලාසරුස්ව නැවත නැඟිටුවයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 2/15 30 පි.

කායෆස්ගේ පවුලේ කෙනෙක්

[30වන පිටුවේ පින්තූරය]

මිනී ඇටකටු පෙට්ටි තැන්පත් කරලා තියෙන ස්ථානයක්

පුරාවිද්‍යාඥයන් සොයාගන්න සමහර දේවලින් බයිබලයේ සඳහන් පුද්ගලයන් ඇත්තටම ජීවත් වුණා කියලා ඔප්පු වෙනවා. වර්ෂ 2011දී ඒ වගේ දෙයක් ඊශ්‍රායෙලයෙන් සොයාගත්තා. ඒක අවුරුදු 2,000ක් විතර පරණ, හුණුගල්වලින් හදලා කැටයම් දාලා තිබුණ පෙට්ටියක්. ඒකේ තිබුණේ මිනී ඇටකටු. අතීතයේදී මිනියක් තැන්පත් කරලා ටික කාලයක් ගියාට පස්සේ ඒ ඇටකටු අරන් පෙට්ටියක තැන්පත් කළා. පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබුණේ ඒ වගේ පෙට්ටියක්.

[30වන පිටුවේ පින්තූරය]

ඒ පෙට්ටියේ “මයෂියා බෙත් ඉම්රි පූජකයෙක් වන කායෆස්ගේ පුතා වන යෙෂුවාගේ දුව මිරියම්” කියලා සටහනක් තිබුණා. කවුද මේ මිරියම් කියලා දැනගන්න, අපි මුලින්ම කායෆස් කවුද කියලා දැනගමු. යේසුස්ගේ නඩු විභාගයේදී උත්තම පූජකයා විදිහට හිටියේ කායෆස් කියලා කෙනෙක්. (යොහ. 11:48-50) ඔහුව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් හඳුන්වන්නේ ‘කායෆස් ලෙස හැඳින්වූ යෝසෙප්’ කියලයි. කායෆස් කියන්නේ වාසගමක් වෙන්න පුළුවන්. යෝසෙප් කායෆස්ගේ කියලා හිතන්න පුළුවන් ඇටකටු ඇති පෙට්ටියක් මීට කාලෙකට කලින් සොයාගත්තා. ඒ පෙට්ටියේ “කායෆස්ගේ පුතා වන යෝසෙප්” කියලා සටහනක් තිබුණා.a එහෙමනම් 2011දී සොයාගත්ත පෙට්ටියේ ඇති “කායෆස්ගේ පුතා වන යෙෂුවා” කියන්නේ යේසුස්ගේ කාලයේ හිටපු උත්තම පූජක කායෆස්ගේ සහෝදරයා වෙන්න පුළුවන්. ඒ විදිහට බලද්දී මිරියම් කියන්නේ කායෆස්ගේ නෑදෑයෙක්.

මිරියම්ගේ ඇටකටු තිබුණ පෙට්ටිය මුලින්ම සොයාගෙන තියෙන්නේ පැරණි බඩු හොරකම් කරන පිරිසක්. පස්සේ ඒ පෙට්ටිය ගැන පරීක්ෂණ කරපු පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වුණේ ඒක යෝසෙප් කායෆස්ගේ සහෝදරයාගේ දුවගේ කියලයි.

ඒ පෙට්ටියේ මයෂියා කියලා නමක් සඳහන් වෙනවා. ඒකෙන් අපිට තවත් යමක් පැහැදිලි වෙනවා. අතීතයේදී පූජකයන් දේවමාලිගාවේ සේවය කළේ කාණ්ඩ විදිහට බෙදිලා මාරුවෙන් මාරුවට. ඒ වගේ කාණ්ඩ 24ක් තිබුණා. ඉන් 24වෙනි එක වුණේ “මයෂියා” කාණ්ඩයයි. (1 ලේක. 24:18) “කායෆස්ගේ පවුල අයිති වෙලා තිබුණේ මයෂියා කාණ්ඩයට” කියලා ඊශ්‍රායෙලයේ පුරාවිද්‍යා අධිකාරිය කියනවා.

ඒ පෙට්ටියේ බෙත් ඉම්රි කියලත් සඳහන් වෙනවා. ඒකෙන් කාරණා දෙකක් අදහස් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි බෙත් ඉම්රි කියන්නේ ඉම්මේර්ගේ පුත්‍රයන්ගෙන් පැවත එන පූජක පෙළපතක් කියන එක. (එස්රා 2:36, 37; නෙහෙ. 7:39-42) ඔවුන්ගෙන් පැවත එන අය මයෂියා පූජක කාණ්ඩයට අයිති වෙලා හිටියා කියලා පුරාවිද්‍යා අධිකාරිය කියනවා. දෙවෙනි කාරණය නම් බෙත් ඉම්රි කියන්නේ මිරියම්ගේ පවුලේ අයගේ ගමේ නම වෙන්න පුළුවන් කියන එකයි. ඒ මොනවා වුණත් මිරියම්ගේ ඇටකටු ඇති පෙට්ටිය නිසා බයිබලයේ සඳහන් වෙන පුද්ගලයන් ඇත්තටම ජීවත් වුණා කියලා තවත් ඔප්පු වෙනවා.

a කායෆස්ගේ ඇටකටු තැන්පත් කළ පෙට්ටිය ගැන වැඩි විස්තර සඳහා 2006 ජනවාරි 15 මුරටැඹ කලාපයේ 10-13 දක්වා පිටුවල ඇති “යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා” යන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න