ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 7/1 6 පි.
  • ප්‍රතිපත්ති රකිනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රතිපත්ති රකිනවද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු
  • ක්‍රිස්තියානිවරයෙක් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
    2007 පිබිදෙව්!
  • විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ හරි ආගම සොයාගෙන තිබේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
    ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 7/1 6 පි.

ප්‍රතිපත්ති රකිනවද?

සෞඛ්‍ය සේවා ආයතනයක වැඩ කරන සිල්වියා මෙහෙම කිව්වා. “මාත් එක්ක ඉගෙනගත්ත හුඟදෙනෙක් කිව්වේ එයාලා ආගමට ළැදි අය කියලයි. ඒත් එයාලා මත්ද්‍රව්‍ය ගත්තා. විභාගවලදි හොර කළා.”

“මාත් එක්ක වැඩ කරන අය අසනීපයි කියලා බොරුවට නිවාඩු ගන්නවා. එයාලා ආගම අදහන්නේ නමට විතරයි. ප්‍රතිපත්ති අදාළ කරගන්නේ නෑ.” එහෙම කිව්වේ ලයනල්.

ඒ අද්දැකීම්වලින් පෙනෙන්නේ හරි ප්‍රතිපත්ති අදාළ කරගන්න ආගම්වලින් මිනිසුන්ට උදව් කරලා නැහැ කියලයි. ලොකු ‘භක්තියක් තියෙනවා’ කියලා පෙන්නුවට හුඟදෙනෙක් ‘ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවයි.’ (2 තිමෝති 3:5) ඒකට හේතුවක් තමයි ආගමික නායකයන් හොඳ ආදර්ශයක් තියලා නැති එක. බයිබලේ තියෙන ප්‍රතිපත්ති මිනිසුන්ට කියලා දෙන්න එයාලා අපොහොසත් වෙලා තියෙන එක තවත් හේතුවක්. එහෙමනම් තමන් මොනවා කළත් දෙවියන්ට ප්‍රශ්නයක් නැහැ කියලා වැඩිදෙනෙක් හිතන එක පුදුමයක්ද?

බයිබලේ ඒ ගැන කියන්නේ මොකක්ද?

අපි කරන කියන දේවල් ගැන දෙවිට ගානක් නැහැ කියලා හුඟදෙනෙක් හිතුවට බයිබලේ කියන්නේ අපි වැරදි දේවල් කරද්දී දෙවිට දුකක් දැනෙනවා කියලයි. උදාහරණෙකට අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට අකීකරු වුණාම ‘දෙවිගේ හිත රිදුණා.’ (ගීතාවලිය 78:40) හැබැයි අනිත් අතට කෙනෙක් වැරදි ක්‍රියා අත්හරිද්දී දෙවියන් ඒ ගැන ප්‍රීති වෙනවා. (ලූක් 15:7) කෙනෙක් බයිබලේ තියෙන දේවල් ඉගෙනගද්දී දෙවිට හැඟෙන විදිහ තේරුම්ගන්නත් ඔහුගේ පෞද්ගලිකත්වය ගැන දැනගන්නත් පුළුවන් වෙනවා. එතකොට දෙවියන් කෙරෙහි තියෙන ආදරේ තව වැඩි වෙන නිසා දෙවියන් දුෂ්ටයි කියලා සලකන දේ පිළිකුල් කරන්නත් යහපත් කියලා සලකන දේට ඇලුම් කරන්නත් පෙලඹෙනවා.—ආමොස් 5:15.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වත් මැන බලමු

ඇමරිකාවේ පුවත්පතක සාක්ෂිකරුවන් ගැන මෙහෙම සඳහන් වුණා. “පවුල් බැඳීම් ගොඩනඟාගෙන වැඩදායී, අවංක පුරවැසියන් ලෙස ජීවත් වීමට සාක්ෂිකරුවන් මිනිසුන්ට උදව් කරනවා. ඔවුන්ට උසස් ප්‍රතිපත්ති තිබෙනවා. දුම්බීම, අධික මත්පැන් පානය, මත්ද්‍රව්‍ය ගැනීම, සූදුව, අනාචාරය හා සමලිංගික ඇසුර වැනි දේ ඔවුන් සලකන්නේ දෙවියන් සමඟ තිබෙන බැඳීමට හානි පමුණුවන පුරුදු ලෙසයි.”—Deseret News.

උසස් ප්‍රතිපත්ති අදාළ කරගන්න ආගමික නායකයන් උදව් කරලා තියෙනවද?

සිල්වියා මෙහෙම කියනවා. “සෞඛ්‍ය සේවා ආයතනවල හරියට වංචනික දේවල් වෙනවා. එයාලත් එක්ක එකතු වෙලා වංචනික දේවල් කරන එක තමයි ලේසිම දේ. ඒත් එහෙම නොකර ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ වංචනික දේවලට යෙහෝවාa දෙවියන් අකමැතියි කියලා තේරුම්ගත්ත නිසයි.” බයිබලේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා හිතේ බරක් නැතුව ජීවත් වෙනවා කියලා සිල්වියා කියනවා.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න