ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 2/1 10 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 2/1 10 පි.

ඔබ දැන සිටියාද?

බයිබලයේ අගිල් ලෙස හඳුන්වා තිබෙන්නේ කුමක්ද?

ඒගර්වුඩ් ගස

අගිල් ලබාගත්තේ ඒගර්වුඩ් ගසෙන්

වස්ත්‍ර සහ යහන් සුවඳවත් කිරීමට අගිල් යොදාගත් බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 45:8; හිතෝපදේශ 7:17; සලමොන්ගේ ගීතිකාව 4:14) ඒවා බොහෝවිට ලබාගන්න ඇත්තේ ඒගර්වුඩ් (උද්භිද නාමය ඇක්විලේරියා) ශාකයෙන් විය හැකියි. මෙම ශාකය ක්‍රමක්‍රමයෙන් දිරා යන විට ශාකය තුළ සුවඳවත් තෙල් හා ලාටු සෑදෙනවා. ඉන්පසු එම ලීය කුඩු කර සුවඳවත් ද්‍රව්‍යයක් ලෙස විකුණනු ලැබුවා. ඒවා හැඳින්වූයේ “අගිල්” ලෙසයි.

ඊශ්‍රායෙල් සෙනඟගේ කූඩාරම් “යෙහෝවා දෙවි සිටෙවූ අගිල් ගස් මෙන්” පෙනෙන්න තිබෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගණන් කතාව 24:5, 6) එසේ සඳහන් කළේ අඩි 100ක් පමණ උසට වැවී අතු විහිදී යන ඒගර්වුඩ් ගසේ පෙනුම නිසා වෙන්න ඇති. මෙම ගස් වර්ගය ඊශ්‍රායෙලයේ අද දකින්න නැති වුණත් එක පොතක සඳහන් වෙන්නේ මෙසේයි. “අද ඊශ්‍රායෙලය හා ඒ අවට ප්‍රදේශවල දකින්න නැති ගස් වර්ග එදා ජනාකීර්ණව හා සමෘද්ධිමත්ව තිබුණු යොර්දාන් නිම්නයේ වගා නොකළා කියා සිතන්න කිසිම හේතුවක් නැහැ.”—A Dictionary of the Bible.

යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ ඔප්පු කිරීමට අවසර තිබුණේ මොන වගේ පූජාද?

යෙරුසලමේ දේවමාලිගාව තිබූ ස්ථානයෙන් සොයාගත් ටෝකන් එක

යෙරුසලමේ දේවමාලිගාව තිබුණු ප්‍රදේශයෙන් සොයාගත් වසර 2000ක් පමණ පැරණි ටෝකන් එක

දෙවිගේ නීතියට අනුව දේවමාලිගාවේ ඔප්පු කිරීමට අවසර තිබුණේ හොඳම තත්වයේ සිටි සතුන්ව පමණයි. මොනයම් හෝ දෝෂයක් තිබුණු සතුන්ව පූජා ලෙස දෙවියන් පිළිගත්තේ නැහැ. (නික්මයාම 23:19; ලෙවී කතාව 22:21-24) පළමුවෙනි සියවසේ සිටි යුදෙව් ලේඛකයෙක් වුණු ෆිලෝ සඳහන් කළේ පූජා ලෙස ඔප්පු කිරීමට ගෙනා “සතුන්ගේ දෝෂයක් හෝ කැළැලක්” තිබෙනවාද කියා බැලීමට පූජකයන් “උන්ව සම්පූර්ණයෙන්ම” සෝදිසි කළා කියායි.

විශාරද ඊ. පී සැන්ඩර්ස් මෙවැනි දෙයක් පැවසුවා. “පූජකයන් සෝදිසි කර බලා පූජාවන් සඳහා සුදුසුයි කියා අනුමත කළ සතුන්ව පමණක් විකිණීමට දේවමාලිගාවේ නිලධාරීන් විසින් විශ්වාසවන්ත වෙළඳුන්ව පත් කර තිබෙන්න ඇති. සතාගේ කිසි දෝෂයක් නැති බවට සහතික කරන ටෝකන් එකක් බොහෝදුරට එම වෙළඳුන් සතුන්ව මිල දී ගන්න අයට ලබා දුන්නා.”

එවැනි ටෝකන් එකක් පුරාවිද්‍යාඥයන් විසින් 2011දී දේවමාලිගාව තිබුණු ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. කුඩා කාසියක ප්‍රමාණයේ එම ටෝකන් එක සාදා තිබුණේ මැටිවලින්. එය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 70ත් අතර කාලයට අයත් එකක්. එම ටෝකන් එකේ “දෙවියන් සඳහා පවිත්‍රයි” කියා ඇරමයික භාෂාවෙන් කොටා තිබුණා. දෙවියන් වෙනුවට එහි ඇත්තටම කොටා තිබුණේ යෙහෝවා යන දෙවිගේ නාමය කෙටි කර දක්වන යෙදුමක්. උදාහරණයකට “යා” වැනි යෙදුමක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න