ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 89
  • යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සතුන්
    2015 පිබිදෙව්!
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 89
යේසුස් දේවමාළිගාවේ හිටපු මුදල් මාරු කරන අයව එළවලා, ඒ අයගේ මේස පෙරළනවා

කතන්දර 89

යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි

යේසුස්ට නම් හොඳටම තරහ ගිහින් වගේ නේද? ඔහු මෙච්චර තරහෙන් ඉන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? යෙරුසලම් දේවමාළිගාවේ ඉන්න මේ මිනිස්සු හරිම කෑදර නිසයි. දෙවිට නමස්කාර කරන්න මෙහෙ ඇවිත් ඉන්න මිනිස්සුන්ගෙන් මුදල් ගොඩක් ගන්නයි මේගොල්ලන් උත්සාහ කරන්නේ.

අර ඉන්න වසු පැටියන්වයි බැටළුවන්වයි පරෙවියන්වයි ඔයාට පේනවාද? මේ මිනිස්සු දේවමාළිගාවේ ඉඳන් මේ සතුන්ව විකුණනවා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? දෙවිට පූජා කරන්න ඉශ්‍රායෙල්වරුන්ට සතුන්වයි කුරුල්ලන්වයි ඕන නිසයි.

ඉශ්‍රායෙල්වරයෙක් වරදක් කළාම එයා දෙවිට පූජාවක් ඔප්පු කරන්න ඕනේ කියලා දෙවිගේ නීතියේ කියලා තිබුණා. ඊට අමතරව දෙවිට පූජා ඔප්පු කරන්න ඕන වුණ තව අවස්ථාවලුත් තිබුණා. ඒ වුණාට මේ ඉශ්‍රායෙල්වරුන්ට දෙවිට මෙහෙම පූජා ඔප්පු කරන්න කුරුල්ලන් හා සතුන්ව ලැබුණේ කොහෙන්ද?

සමහර ඉශ්‍රායෙල්වරු කුරුල්ලන්වයි සතුන්වයි ඇති කළා. මේ නිසා ඒගොල්ලන්ට උන්ව පූජා කරන්න පුළුවන් වුණා. ඒ වුණාට ඉශ්‍රායෙල්වරු හුඟදෙනෙක් සත්තුවත් කුරුල්ලන්වත් ඇති කළේ නැහැ. තවත් සමහර අය යෙරුසලමට ගොඩක් ඈතිනුයි ජීවත් වුණේ. ඉතින් ඒගොල්ලන්ට සතුන් හිටියත් උන්ව දේවමාළිගාවට ගේන්න බැහැ. ඉතින් මිනිස්සු මෙතැනටම ඇවිත් ඒගොල්ලන්ට ඕන සතෙක්ව නැතිනම් කුරුල්ලෙක්ව මිල දී ගත්තා. නමුත් මේ මිනිස්සු ඒගොල්ලන්ගෙන් ගානට වැඩියෙන් මුදල් අය කළා. ඒගොල්ලන් මිනිස්සුන්ව රැවටෙව්වා. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලන් මෙතන දේවමාළිගාවේ ඉඳන් ඒවා විකුණන එකත් වැරදියිනෙ.

මේ නිසයි යේසුස්ට තරහ යන්නේ. ඉතින් ඔහු මුදල් තියෙන මේස පෙරළලා ඒගොල්ලන්ගේ කාසි හැම තැනම විසි කරනවා. ඒත් එක්කම ඔහු ලණුවලින් කසයක් හදලා හැම සතෙක්වම දේවමාළිගාවෙන් එළවලා දානවා. පරෙවියන් විකුණන අයට ඔහු මෙහෙම අණ කරනවා: ‘අරං යනවා මේවා මෙතනින් එළියට! මගේ පියාගේ ගෘහයේ මුදල් හම්බ කරන එක නවත්වනවා!’

මේක වෙනකොට යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් කීපදෙනෙක් මේ යෙරුසලමේ දේවමාළිගාවේ ඔහු එක්කයි ඉන්නේ. යේසුස් කරන දේවල් දැක්කාම මේගොල්ලන්ට පුදුම හිතෙනවා. නමුත් බයිබලයේ දෙවිගේ පුතා ගැන මෙහෙම කියලා තියෙන බව ඒගොල්ලන්ට මතක් වෙනවා: ‘දෙවිගේ ගෘහය ගැන ඔහුට තියෙන ප්‍රේමය ඔහු තුළ ඇවිළෙන ගින්දර වගෙයි.’

යේසුස් යෙරුසලමේ පාස්කු උත්සවයට ඇවිත් ඉන්නකොට ඔහු පුදුම දේවල් ගොඩක් කරනවා. ඊට පස්සේ යේසුස් යුදයේ ඉඳන් ගලීලයට පිටත් වෙනවා. එහෙට යන්නේ සමාරිය දිස්ත්‍රික්කය හරහායි. එහෙදී මොනවාද වෙන්නේ කියලා බලමුද?

යොහන් 2:13-25; 4:3, 4.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න