ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 76 පාඩම 180 පි.-181 පි. 2 ¶
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස් දේවමාළිගාව පිරිසිදු කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 76 පාඩම 180 පි.-181 පි. 2 ¶
යේසුස් ලණුවලින් කසයක් හදාගෙන සත්තුන්ව දේවමාලිගාවෙන් එළවලා මුදල් මාරු කරන අයගේ මේස පෙරළලා දැම්මා

76වෙනි පාඩම

යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා

ක්‍රි.ව. 30දී යේසුස් යෙරුසලමට එද්දී පාස්කුව පවත්වන්න හුඟක්දෙනෙක් එහෙට ඇවිත් තිබුණා. පාස්කුව පවත්වද්දී දේවමාලිගාවේ සත්තුන්ව පූජා කරපු නිසා සමහර අය යෙරුසලමට එද්දීම සත්තුන්ව අරන් ආවා. හැබැයි තවත් අය යෙරුසලමට ඇවිත් තමයි සත්තුන්ව ගත්තේ.

යේසුස් දේවමාලිගාවට ඇතුල් වෙද්දීම සත්තුන්ව විකුණන අයව දැක්කා. එයාලා දේවමාලිගාවේ ඇතුළේ ඉඳන්ම සල්ලි හම්බ කරනවා. යේසුස් ඒ වෙලාවෙම ලණුවලින් කසයක් හදලා බැටළුවන්වත් ගවයන්වත් එළවලා දැම්මා. මුදල් මාරු කරන අයගේ කාසි බිමට දාලා මේසත් පෙරළුවා. පරවියන් විකුණන අයට යේසුස් මෙහෙම කිව්වා. ‘මේ දේවල් මෙහෙන් අයින් කරන්න! මගේ පියාගේ ගෘහය වෙළඳපොළක් කරන්න එපා.’

යේසුස් කරපු දේ ගැන එතැන හිටිය හැමෝම පුදුම වුණා. මට ‘යෙහෝවාගේ ගෘහය ගැන ලොකු ළැදියාවක් තියෙනවා’ කියලා ගැලවුම්කරු ගැන තිබුණු අනාවැකිය යේසුස්ගේ ගෝලයන්ට මතක් වුණා.

ක්‍රි.ව. 33දී යේසුස් දෙවෙනි පාරටත් දේවමාලිගාව පවිත්‍ර කළා. එයාගේ තාත්තාගේ ගෘහයට අගෞරව කරන්න ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ.

“දෙවියන්ට සේවය කරන ගමන් ඔයාලට සල්ලි පස්සේ යන්න බැහැ.”—ලූක් 16:13

ප්‍රශ්න: දේවමාලිගාවේ ඉඳන් සත්තුන්ව විකුණන අයව දැක්කාම යේසුස් කළේ මොනවාද? යේසුස් එහෙම කළේ ඇයි?

මතෙව් 21:12, 13; මාක් 11:15-17; ලූක් 19:45, 46; යොහන් 2:13-17; ගීතාවලිය 69:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න