ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 16 පරි. 42 පි.-43 පි. 8 ¶
  • සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් පළමු ආශ්චර්යය කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 16 පරි. 42 පි.-43 පි. 8 ¶
යේසුස්, මුදල් මාරු කරන අයව දේවමාලිගාවෙන් එළවයි

16වෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව

යොහන් 2:12-22

  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කරයි

කානා නුවරේ පැවැත්වුණු විවාහ උත්සවයෙන් පස්සේ යේසුස් කපර්ණවුම බලා යද්දී ඔහුගේ මව සහ ඔහුගේ සහෝදරයන් වුණු යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් ඔහුත් එක්ක හවුල් වෙනවා.

කපර්ණවුම කියන්නේ නාසරෙත් සහ කානා කියන නුවරවල් දෙකටම වඩා ලොකු නගරයක්. ඒ වගේම පිහිටීම අතිනුත් ඒ නගරය වැදගත් තැනක් ඉසිලුවා. ඒ නගරයේ සහ ඒ අවට තමයි යේසුස්ගේ මුල් ගෝලයන්ගෙන් වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ. ඒ නිසා කපර්ණවුමේ ඉඳන් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් යේසුස්ට පුළුවන්.

කපර්ණවුමේ ඉද්දී යේසුස් බලවත් ක්‍රියාවන් කරන නිසා ඒ ආරංචිය අවට ප්‍රදේශවල ඉන්න අයටත් දැනගන්න ලැබෙනවා. ඒත් යේසුස් සහ ඔහු එක්ක ඇවිත් ඉන්න ගෝලයන් වැඩි කාලයක් මේ නුවරේ ඉන්නේ නැහැ. යුදෙව්වන් වන ඔවුන් ක්‍රි.ව. 30දී යෙරුසලමේ පවත්වන පාස්කු උත්සවයට සහභාගි වෙන්න දැන් පිටත් වෙනවා.

යෙරුසලමේ දේවමාලිගාවට ආවාම යේසුස් කටයුතු කරන විදිහ ගැන ගෝලයන් බලන් ඉන්නේ මහත් පුදුමයකින්. ඊට කලින් කවදාවත් යේසුස් ඒ විදිහට කටයුතු කරනවා ඔවුන් දැකලා නැහැ.

දෙවිගේ නීතියට අනුව දේවමාලිගාවේදී සතුන්ව පූජා කරන්න ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා. දුර ඈත ඉඳන් යෙරුසලමට එන අයට එහේ නතර වෙලා ඉද්දී කෑම බීම අවශ්‍ය වෙනවා. ඒ හේතු නිසා පූජාවලට අවශ්‍ය “ගවයන්, බැටළුවන්, එළුවන්” සහ අවශ්‍ය කරන අනිත් දේවල් ගන්න සල්ලි අරගෙන එන්න කියලා දෙවියන් දීපු නීතියේ සඳහන් වෙලා තිබුණා. (ද්විතීය කතාව 14:24-26) කොහොමවුණත් වෙනත් ජාතීන්ට වෙන් කරලා තිබුණු මළුවේ සතුන්ව සහ කුරුල්ලන්ව විකුණන වෙළෙන්දන් මිනිසුන්ට වංචා කරමින් ඔවුන්ගෙන් වැඩි මුදලක් අය කරනවා.

ඒ දේවල් දකින යේසුස් වෙළෙන්දන්ව පිටතට එළවනවා. මුදල් මාරු කරන අයගේ කාසි බිමට හළලා මේසත් පෙරළනවා. ඊටපස්සේ ඔහු මෙහෙම කියනවා. “මේ දේවල් මෙහෙන් ඉවත් කරන්න! මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි.”—යොහන් 2:16.

යේසුස් ඒ විදිහට කටයුතු කරද්දී දෙවිගේ පුත්‍රයා ගැන ලියවිලා තියෙන මේ අනාවැකිය ගෝලයන්ට මතක් වෙනවා. “ඔබගේ ගෘහය කෙරෙහි මට ඇති ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.” ඒත් එතැන ඉන්න යුදෙව්වන් “ඔබට මේ වගේ දේවලුත් කරන්න අයිතියක් තිබෙනවා කියා ඔප්පු කරන්න ඔබ මොන වගේ ලකුණක්ද අපට දෙන්නේ” කියලා යේසුස්ගෙන් අහනවා. යේසුස් ඔවුන්ට උත්තර දෙන්නේ මෙහෙමයි. “මේ දේවමාලිගාව කඩා දමන්න. එතකොට දවස් තුනකින් මම එය නැවත ගොඩනඟනවා.”—යොහන් 2:17-19; ගීතාවලිය 69:9.

යේසුස් කතා කරන්නේ යෙරුසලමේ දේවමාලිගාව ගැන කියලා හිතන ඔවුන් “මේ දේවමාලිගාව ගොඩනඟන්න අවුරුදු හතළිස්හයක්ම ගත වුණා. ඔබ එය දවස් තුනකින් ගොඩනඟන්නේ කොහොමද” කියලා යේසුස්ගෙන් අහනවා. (යොහන් 2:20) කොහොමවුණත් යේසුස් ඒ අවස්ථාවේදී දේවමාලිගාවට සමාන කළේ ඔහුගේම ශරීරයයි. අවුරුදු තුනකට පස්සේ යේසුස් මිය ගිහින් නැවත නැඟිටිද්දී ඔහු කියපු ඒ දේ ගෝලයන්ට මතක් වෙනවා.

  • කානා නුවරේ විවාහ උත්සවයෙන් පස්සේ යේසුස් ගියේ කොහෙටද?

  • දේවමාලිගාවේ දකින දේවල් ගැන යේසුස්ට කේන්තියක් ඇති වෙන්නේ ඇයි? ඔහු කළේ මොනවාද?

  • “මේ දේවමාලිගාව” කියලා යේසුස් අදහස් කළේ මොකක්ද? ඔහු කියපු දෙයින් අදහස් වෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න