ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 20 පරි. 54 පි.-55 පි. 8 ¶
  • කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • කානාහි සිදු කරන දෙවන ප්‍රාතිහාර්යය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් පළමු ආශ්චර්යය කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 20 පරි. 54 පි.-55 පි. 8 ¶
තම පුතාව සුව කරන්න එන්න කියා ලොකු වේදනාවකින් ඉන්න නිලධාරියෙක් යේසුස්ගෙන් ඉල්ලයි

20වෙනි පරිච්ඡේදය

කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය

මාක් 1:14, 15 ලූක් 4:14, 15 යොහන් 4:43-54

  • “දෙවිගේ රාජ්‍යය ළඟයි” කියා යේසුස් දේශනා කරයි

  • වෙනත් ප්‍රදේශයක හිටිය පිරිමි දරුවෙකුව ඔහු සුව කරයි

සමාරියේ දවස් දෙකක් නතර වෙලා හිටිය යේසුස් දැන් තමන් හැදී වැඩුණු ගලීලය බලා පිටත් වෙනවා. මේ වෙද්දී යුදයේ විශාල ප්‍රදේශයක දේශනා කරලා තිබුණත් ඔහු ගලීලයට එන්නේ විවේක ගන්න නම් නෙවෙයි. ගලීලයට ඇවිත් ඔහු තවත් වැඩියෙන් සේවයේ හවුල් වෙනවා. කොහොමවුණත් ගලීලයේ මිනිසුන් තමන් කියන පණිවිඩයට කැමැත්තෙන් සවන් දෙයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති. මොකද ‘අනාගතවක්තෘවරයෙකුට තමාගේම රටේදී කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ’ කියලා ඔහු කලින්ම කියලා තිබුණා. (යොහන් 4:44) ගලීලයට ආවාට පස්සේ ඔහුගේ ගෝලයන් ඔහුව දාලා ගිහින් සුපුරුදු රැකියාවල නියැලෙනවා.

කොහොමවුණත් දිගටම දේශනා කරන යේසුස් “දෙවිගේ රාජ්‍යය ළඟයි. ජනයෙනි, පසුතැවිලි වී ශුභාරංචිය කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති බව පෙන්වන්න” කියන පණිවිඩය දැනුම් දෙනවා. (මාක් 1:15) ගලීලයේ ඉන්න හුඟක් අය යේසුස් කියපු දේ පිළි අරන් ඔහුට ගෞරවයෙන් සලකනවා. ඒ, යේසුස් දැනුම් දෙන පණිවිඩය නිසා විතරක්ම නෙවෙයි. මාස කිහිපයකට කලින් පාස්කුව සමරන්න යෙරුසලමට ආපු ගලීලයේ අය යේසුස් කරපු ආශ්චර්යයනුත් දැකලා තිබුණා.—යොහන් 2:23.

පෙනෙන විදිහට යේසුස් සේවය පටන්ගන්නේ ගලීලයේ කානා නුවරෙනුයි. කලින් වතාවේ මේ නුවරට ආපු වෙලාවේ තමයි ඔහු වතුර වයින් කළේ. මැරෙන තරමටම අසනීප වෙලා ඉන්න දරුවෙක් ගැන දැන් ඔහුට දැනගන්න ලැබෙනවා. අසනීප වෙලා ඉන්නේ හෙරොද් අන්තිපස් රජු යටතේ සේවය කරන නිලධාරියෙක්ගේ පුතෙක්. ඒ හෙරොද් තමයි යොහන් බව්තීස්තගේ හිස ගසා දමන්නේ. යේසුස් කානා නුවරට ඇවිත් ඉන්නවා කියලා දැනගන්න ලැබෙන නිසා කපර්ණවුමේ ඉන්න ඒ නිලධාරියා යේසුස්ව හොයාගෙන කානා නුවරට එනවා. දරාගන්න බැරි වේදනාවකින් ඉන්න ඔහු “ස්වාමීනි, මගේ කුඩා දරුවා මැරෙන්න කලින් එන්න” කියා යේසුස්ගෙන් ඉල්ලනවා.—යොහන් 4:49.

“ඔබ දැන් යන්න. ඔබේ පුතා සුව වෙලා” කියලා යේසුස් කියද්දී ඒ නිලධාරියා කොයි තරම් පුදුම වෙන්න ඇද්ද! (යොහන් 4:50) යේසුස් කියපු දේ විශ්වාස කරන ඔහු නැවතත් නිවස බලා යනවා. අතරමඟදී ඔහුව සොයාගෙන එන ඔහුගේ දාසයන් ප්‍රීතියෙන් දැනුම් දෙන්නේ පුතා දැන් සුව වෙලා කියලයි. “දරුවා සුව වුණේ මොන පැයේදීද” කියා ඔහු දාසයන්ගෙන් අසනවා.

ඊට පිළිතුරු දෙන දාසයන් පවසන්නේ “ඊයේ හත්වෙනි පැයේදී ඔහුගේ උණ බැස්සා” කියායි.—යොහන් 4:52.

නිලධාරියාට තම සේවකයන්ව හමු වීයේසුස් විසින් සුව කරනු ලැබූ තම පුතා වෙතට යයි

“ඔබේ පුතා දැන් සුව වෙලා” කියලා යේසුස් කියපු වෙලාවේදීම තමයි පුතා සුව වෙලා තියෙන්නේ කියලා ඒකෙන් ඔහු තේරුම්ගන්නවා. ප්‍රතිඵලයක් විදිහට ඒ නිලධාරියාත් ඔහුගේ නිවසේ ඉන්න හැමෝමත් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වෙනවා.

මේ වෙද්දී යේසුස් කානා නුවරේ ඉඳන් ආශ්චර්යයන් දෙකක්ම කරලයි තියෙන්නේ. වතුර වයින් කරපු ඔහු කිලෝමීටර් 25ක විතර දුරකින් හිටිය පිරිමි දරුවෙක්වත් සුව කළා. යේසුස් සිද්ධ කරන්නේ මේ ආශ්චර්යයන් දෙක විතරක් නෙවෙයි. කොහොමවුණත් දරුවාව සුව කරපු නිසා යේසුස් ගලීලයට ඇවිත් ඉන්නවා කියලා හැමෝම දැනගන්නවා. ඔහු දෙවිගේ අනුමැතිය තියෙන අනාගතවක්තෘවරයෙක් කියලා හොඳින්ම පැහැදිලියි. ඒත් අනාගතවක්තෘවරයෙක් විදිහට ඔහුගේම රටේ ඉන්න අය ඔහුට කොයි තරම් දුරට ගෞරව කරයිද?

යේසුස් තමන් හැදී වැඩුණු නාසරෙත් නුවරට ගියාට පස්සේ සිද්ධ වෙන දෙයින් ඒක පැහැදිලි වෙනවා.

  • ගලීලයේදී යේසුස් දේශනා කරන පණිවිඩය මොකක්ද? ඔහුට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

  • කානා නුවරේදී යේසුස් දෙවෙනි වතාවට කරපු ආශ්චර්යය මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද?

  • යේසුස් කපර්ණවුමේ හිටිය පිරිමි දරුවාව සුව කරපු විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න