ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 15 පරි. 40 පි.-41 පි. 6 ¶
  • යේසුස් පළමු ආශ්චර්යය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් පළමු ආශ්චර්යය කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • කානාහි සිදු කරන දෙවන ප්‍රාතිහාර්යය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 15 පරි. 40 පි.-41 පි. 6 ¶
කානා නුවරේ විවාහ උත්සවයේදී භාජනවලට වතුර පුරවන්න කියා සංග්‍රහ කරමින් ඉන්න අයට යේසුස් උපදෙස් දෙයි

15වෙනි පරිච්ඡේදය

යේසුස් පළමු ආශ්චර්යය කරයි

යොහන් 2:1-12

  • කානා නුවරේ විවාහ උත්සවය

  • යේසුස් වතුර වයින් කරයි

නතානියෙල් යේසුස්ගේ ගෝලයෙක් වෙලා දවස් දෙකක්ම ගෙවිලා ඉවරයි. දැන් යේසුස් තමන්ගේ මුල් ගෝලයන් කිහිපදෙනෙක් එක්ක ඔවුන් හැදී වැඩුණු ප්‍රදේශය වන උතුරු දෙසින් පිහිටි ගලීලයට ගමන් කරනවා. ඔවුන් යන්නේ නතානියෙල් ජීවත් වෙන කානා නුවරට. එහේ පැවැත්වෙන විවාහ උත්සවයකට ඔවුන්ට ආරාධනාවක් ලැබිලා. යේසුස් හැදී වැඩුණු නාසරෙත් නුවරට උතුරු දෙසින් තියෙන කඳුකර ප්‍රදේශයේ තමයි කානා නුවර පිහිටලා තියෙන්නේ.

විවාහ යුවළගේ පවුලේ මිතුරියක් වන මරියාත් මේ උත්සවයට ඇවිත්. පෙනෙන විදිහට ඇය අමුත්තන්ට සංග්‍රහ කරන වැඩකටයුතුවලට උදව් වෙනවා. උත්සවය අතරතුරේදී වයින් හිඟ වුණාම ඇය යේසුස් ළඟට ඇවිත් “වයින් ඉවරයි” කියා පවසනවා.—යොහන් 2:3.

මරියා එහෙම කියන්නේ යේසුස් ඒ වෙනුවෙන් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙන නිසයි. නමුත් ඊට අකමැති වෙන යේසුස් ඒ කාලෙදී භාවිත වුණු කියමනක් යොදාගෙන “ඒ ගැන මට කියන්නේ ඇයි” කියා ඇගෙන් අසනවා. (යොහන් 2:4) දෙවිගෙන් අභිෂේක ලැබූ රජ විදිහට යේසුස් වැඩ කරන්න ඕනෙ ස්වර්ගයේ ඉන්න පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව මිසක් පවුලේ අයවත් මිතුරන්වත් කියන විදිහට නෙවෙයි. ඒ අවස්ථාවේදී බුද්ධිමත්ව කටයුතු කරන මරියා කාරණය යේසුස් කැමති විදිහට හසුරුවන්න ඉඩහරිමින් “ඔහු මොනව හරි කරන්න කිව්වොත් ඒ දේ කරන්න” කියා සංග්‍රහ කරමින් ඉන්න අයට පවසනවා.—යොහන් 2:5.

ගලින් සෑදූ වතුර භාජන හයක් තියෙනවා දකින යේසුස් “මේ භාජනවලට වතුර පුරවන්න” කියා සංග්‍රහ කරමින් ඉන්න අයට පවසනවා. ඒ හැම භාජනයකටම වතුර ලීටර් 40කට වඩා වැඩි ප්‍රමාණයක් දාන්න පුළුවන්. “දැන් එයින් ටිකක් ගෙන උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන තැනැත්තාට දෙන්න” කියා යේසුස් පවසනවා.—යොහන් 2:7, 8.

උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන කෙනා හොඳ වයින් ගැන මනමාලයාගෙන් විමසයි

යේසුස් ආශ්චර්යයක් සිද්ධ කළ බව උත්සවයේ වැඩකටයුතු අධීක්ෂණය කරන කෙනා දන්නේ නැහැ. ඒ නිසා වයින්වල රස ගැන පුදුම වෙන ඔහු මනමාලයාට අඬගසා මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් මිනිසුන් මුලින්ම පිළිගන්වන්නේ හොඳම වයින්. බාල වයින් දෙන්නේ අමුත්තන් මත් වන තුරු බීවායින් පසුවයි. ඒත් ඔබ දැන් තමයි හොඳ වයින් දෙන්නේ.”—යොහන් 2:10.

යේසුස්ගේ මුල්ම ආශ්චර්යය වුණේ ඒකයි. ඒක දකිද්දී ඔහුට මුලින්ම එකතු වුණු ගෝලයන්ට ඔහු ගැන තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දැන් යේසුස් පවුලේ අයත් එක්ක ගලීල මුහුදේ වයඹ වෙරළ තීරයට ආසන්නයේ පිහිටි කපර්ණවුම නගරය බලා පිටත් වෙනවා.

  • කානා නුවරේ විවාහ උත්සවය පැවැත්වුණේ යේසුස්ගේ දේවසේවයේ මොන අවදියේද?

  • තම මවගේ යෝජනාවට යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

  • යේසුස් කළේ මොන ආශ්චර්යයද? ඒක අනිත් අයට බලපෑවේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න