ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 1 10 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ විනිශ්චය දවස සහ ඉන් ලැබෙන ආශීර්වාද!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • පැරණි ලියවිල්ලක් දිගහරියි
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මළ මුහුදේ ලියවිලි පිළිබඳ සැබෑව අනාවරණය කිරීම
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 1 10 පි.

ඔබ දැන සිටියාද?

අකුළන ලියවිලි හැදුවෙත් ඒවා පාවිච්චි කළෙත් කොහොමද?

ක්‍රි.ව. 18වන සියවසේදී හොයාගත්ත, බයිබලයේ එස්තර් පොතේ අකුළන ලියවිලි හදලා තිබුණේ හම්වලින්

ක්‍රි.ව. 18වෙනි සියවසේදී හොයාගත්ත, බයිබලයේ එස්තර් පොතේ අකුළන ලියවිලි හදලා තිබුණේ හම්වලින්

ලූක් සුවිශේෂයේ යෙසායාගේ ලියවිල්ල ගැන කියනවා. යේසුස් ඒ අකුළන ලියවිල්ල දිගහැරලා, කියවලා, ආපහු අකුළලා තිබ්බා කියලත් කියනවා. යොහන්ගේ සුවිශේෂයෙත් අකුළන ලියවිල්ලක් ගැන කියනවා. යේසුස් කළ හැම පුදුම දෙයක්ම ඒකට ඇතුළත් කරලා නැහැ කියලා යොහන් කිව්වා.—ලූක් 4:16-20; යොහන් 20:30; 21:25.

අකුළන ලියවිලි හැදුවේ කොහොමද? සත්ව හම්වලින් හරි පැපිරස් කඩදාසිවලින් හරි පිටු හදලා ඒවා එකිනෙකට අලවලා දිග පටියක් හදාගත්තා. ඊටපස්සේ ලියපු පැත්ත ඇතුළට හිටින විදිහට පොල්ලක එතුවා. අකුරු ලියලා තිබුණේ තීරුවෙන් තීරුවට. ඒ පටිය හුඟක් දිග නම් පටියේ දෙපැත්තේ පොලු දෙකක් තිබුණා. අත් දෙකෙන් පොලු දෙක අල්ලගෙන කියවන්න ඕන තැන හම්බ වෙනකම් එක අතකින් ලියවිල්ල දිගහරිමින් අනිත් අතින් ඒක ඇකිළුවා.

එක ශබ්දකෝෂයක මෙහෙම කියනවා. “දිග පටියක් [දිග මීටර් 10ක් විතර] හැටියට තිබුණ අකුළන ලියවිල්ලේ තිබුණු වාසිය තමයි මුළු පොතක්ම එක ලියවිල්ලකට ඇතුළත් කරන්න පුළුවන් වුණ එක. ඒක ඇකිළුවාම පුංචි වෙනවා.” (The Anchor Bible Dictionary) උදාහරණෙකට ලූක් සුවිශේෂය ලියන්න මීටර් 9.5ක විතර දිග ලියවිල්ලක් අවශ්‍ය වෙන්න ඇති. සමහර අකුළන ලියවිලි ඉහළින් සහ පහළින් එක ගාණකට කපලා, ඒවා මැදලා, පාට කරලා තිබුණා.

ග්‍රීක ලියවිලිවල සඳහන් “නායක පූජකයන්” කවුද?

යුදෙව් නායක පූජකයන්

ඊශ්‍රායෙලයේ පූජකයන්ගේ පටන්ගැන්මේ සිටම උත්තම පූජකයන් විදිහට සේවය කළේ එක කාලයකදී එක් කෙනෙක් විතරයි. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට ඒ තනතුර තිබුණා. (ගණන් කතාව 35:25) මුලින්ම උත්තම පූජකයෙක් විදිහට සේවය කළේ ආරොන්. උත්තම පූජකයාගෙන් පස්සේ ඒ තනතුර ලැබුණේ ඔහුගේ වැඩිමල් පුතාට. (නික්මයාම 29:9) ආරොන්ගේ පෙළපතට අයිති වැඩිදෙනෙක් පූජකයන් වුණත් උත්තම පූජකයන් වුණේ ටිකදෙනායි.

ඊශ්‍රායෙල් ජාතිය වෙනත් ජාතීන්ගේ පාලනයට යටත් වුණාම ඒ පාලකයන් තමන්ට කැමති කැමති ඊශ්‍රායෙල්වරුන්ව උත්තම පූජකයන් හැටියට පත් කළා වගේම ඕන ඕන වෙලාවට ඔවුන්ව අයින් කළා. පේන විදිහට ඒ පූජකයන්ව පත් කෙරුවේ පූජකයන් වෙන්න වරප්‍රසාද තිබුණු පවුල්වලින්. වැඩියෙන්ම පත් කළේ ආරොන්ගේ පෙළපතින් එන අයවයි. “නායක පූජකයන්” කියන්නේ පූජකයන්ගේ ප්‍රධානීන්ටයි. නායක පූජකයන්ට ඇතුළත් වෙන්න ඇත්තේ පූජක පෙළපතේ කාණ්ඩ 24 නායකයන් විදිහට සේවය කළ පූජකයන්, උත්තම පූජකයන්ගේ පවුල්වලින් ආපු අය සහ අන්නස් වගේ කලින් උත්තම පූජකයන් වෙලා හිටපු අයයි.—1 ලේකම් 24:1-19; මතෙව් 2:4; මාක් 8:31; ක්‍රියා 4:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න