ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 3 8 පි.
  • මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙනවා
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මහලු අය තරුණ වෙන කාලයක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 3 8 පි.

මුල් පිටුවෙන් | ආදරය කරන කෙනෙක් මැරුණාම

මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙනවා

කලින් ලිපියක සඳහන් කරපු ගේල් එයාගේ මහත්තයාගේ මරණය නිසා ඇති වුණු වේදනාව කවදාවත් නැති වෙන එකක් නැහැ කියලා හිතුවා. ඒත් දෙවියන් මේ පොළොව පාරාදීසයක් කරන කාලෙදී ඔහුව දකින්න පුළුවන් කියලා ගේල් දන්නවා. ඇය මෙහෙම කියනවා. “මං හුඟක් ආස බයිබල් පදයක් තමයි එළිදරව් 21:3, 4.” ඒකේ කියනවා ‘දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත’ කියලා.

“තමන් ආදරය කරපු, මරණය නිසා වෙන් වුණ අයව පාරාදීසයේදී දකින්න ලැබෙනවා කියන එක දන්නේ නැති අය ගැන මට හරිම දුකයි” කියලා ගේල් කියනවා. ඇය දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරමින් දෙවියන් දීලා තියෙන ‘මරණය තවත් නොවන්නේය’ කියන පොරොන්දුව ගැන ඇය අනිත් අයට කියනවා.

යෝබ්ගේ ඇඟ පුරාම තුවාල

ආපහු ජීවිතය ලැබෙනවා කියලා යෝබ්ට විශ්වාසයක් තිබුණා

‘ඒ පොරොන්දුව නම් විශ්වාස කරන්න බැහැ’ කියලා ඔයා කියයි. ඒත් යෝබ්ගේ අද්දැකීම බලන්න. එයා දරුණු රෝගයකින් දුක් වින්දා. (යෝබ් 2:7) ඒ වෙලාවේ, මැරුණා නම් හොඳයි කියලා හිතුවත් තමන්ව ආපහු ජීවත් කරවන්න දෙවියන්ට බලය තියෙනවා කියලා යෝබ් විශ්වාස කෙරුවා. ඔහු මෙහෙම කිව්වා. ‘ඔබ මාව මිනී වළෙහි සඟවා තබා, මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.’ (යෝබ් 14:13, 15) තමන් නැති අඩුව දෙවියන්ට දැනෙනවා කියලත් තමන්ව ආපහු ජීවත් කරවන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා කියලත් යෝබ්ට නිසැකකමක් තිබුණා.

දෙවියන් ළඟදීම මේ පොළොව පාරාදීසයක් කළාම යෝබ්ට වගේම මිය ගිය මිලියන ගණනකටත් නැවත ජීවිතය දෙනවා. (ලූක් 23:42, 43) බයිබලයේ ක්‍රියා 24:15 සහතිකවම කියනවා මිය ගිය අයව ‘නැවත නැඟිටුවනවා’ කියලා. “මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා” කියන පොරොන්දුව යේසුත් දුන්නා. (යොහන් 5:28, 29) යෝබ්ට ඒ පොරොන්දුව ඉටු වෙන විදිහ අද්දකින්න පුළුවන්. ‘ඔහු නැවත තරුණ වියට පැමිණෙනවා.’ එදාට ‘ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වෙනවා.’ (යෝබ් 33:24, 25) දෙවියන්ගේ දයාව නිසා ලැබෙන නැවත නැඟිටීම අගය කරන හැමෝටමත් ඒ දේ අද්දකින්න පුළුවන්.

ඔයා ආදරේ කරපු කෙනෙක් මිය ගිහින් නම් මේ සාකච්ඡා කරපු කරුණුවලින් ඒ දුක නැත්තටම නැති වෙන්නේ නැහැ තමයි. ඒත් දෙවියන්ගේ පොරොන්දු ගැන කල්පනා කරනවා නම් සැබෑ බලාපොරොත්තුවක් තියාගන්නත් වැඩකටයුතු හොඳින් කරගෙන යන්නත් ශක්තිය ලැබෙයි.—1 තෙසලෝනික 4:13.

වියෝදුකෙන් ඉද්දී ඒකට මුහුණ දෙන්න උදව් වෙන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද? “දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?” මේ වගේ ප්‍රශ්න ඔයාට තියෙනවා නම් බයිබලයෙන් සැනසීමක් ගෙන දෙන උත්තර jw.org/si වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න