ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 4/1 23 පි.
  • මහලු අය තරුණ වෙන කාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහලු අය තරුණ වෙන කාලයක්
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් යෝබ්ව සැනසුවා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෝබ්ගේ විපාකය—බලාපොරොත්තුවේ උල්පතකි
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 4/1 23 පි.

දෙවිට ළං වෙන්න

මහලු අය තරුණ වෙන කාලයක්

සම රැලි වැටෙන, ඇස් පෙනීම හා කන් ඇසීම දුර්වල වෙන, අත් පා වාරු නැති වෙන මහලු වියට අපි කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා කෙටි කාලයක් තරුණ විය අද්දැක මහලු වී මිය යන අයුරින් දෙවි අපව නිර්මාණය කළේ ඇයි කියා ඔබ කල්පනා කර ඇති. ඇත්තෙන්ම දෙවි අපිව නිර්මාණය කළේ මහලු වී මිය යන්න නොවෙයි. එයින් අපව මුදවාගැනීමට ඔහු පියවර ගෙන තිබෙනවා. පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ්ට දෙවි පැවසූ වදන්වලින් එය පැහැදිලි වෙනවා. අපි දැන් ඒ ගැන බයිබලයෙන් සලකා බලමු.—යෝබ් 33:24, 25.

යෝබ් ධර්මිෂ්ඨ මිනිසෙක්. නමුත් ඔහු දෙවිට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් බව සාතන් නමැති යක්ෂයා, යෙහෝවා දෙවිට පැවසුවා. එය ඔප්පු කර පෙන්වීමට යක්ෂයා ‘යෝබ්ගේ හිස මුදුනේ සිට පතුල දක්වා දරුණු කුෂ්ඨයකින් ඔහුට පහර දුන්නා.’ (යෝබ් 2:7) ප්‍රතිඵලයක් ලෙස පණුවන් ඔහුගේ ශරීරය වසාගත් අතර සම කලු වී ගැලවී ගියා. (යෝබ් 7:5; 30:17, 30) එයින් යෝබ් මොන තරම් දුක් විඳින්න ඇද්ද කියා ඔබට සිතාගත හැකිද? තමා මෙලෙස දුක් විඳින හේතුව යෝබ් නොදැන සිටියත් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියා. “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියා ඔහු පැවසූ දෙයින් එය පැහැදිලියි.—යෝබ් 27:5.

කොහොමවුණත් තමා මිය යන්න ආසන්නයි කියා යෝබ්ට හැඟෙන්න පටන්ගත් විට ඔහු ‘දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා වෙනුවට තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම් කළා.’ (යෝබ් 32:2) ඒ නිසා ඔහුව නිවැරදි කිරීමට යෙහෝවා දෙවි එලිහු නම් තැනැත්තාව යෝබ් වෙතට එව්වා. ඔහු යෝබ්ව නිවැරදි කළ පසුව යෙහෝවා දෙවි පැවසූ මෙම දිරිගන්වනසුලු වදන් ගැනත් යෝබ්ට දැනුම් දුන්නා. “මිනී වළෙන් ඔහුව [යෝබ්ව] බේරාගන්න. මන්ද ඔහු වෙනුවෙන් මම වන්දියක් ගෙවා ඇත. ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.” (යෝබ් 33:24, 25) ඒ වදන් ඇසීමෙන් යෝබ් කොතරම් සතුටු වන්න ඇද්ද!

යෝබ් තමන් අතින් සිදු වූ වරද පිළිගෙන ඒ ගැන පසුතැවිලි වුණා. සමහරවිට යෝබ් ඒ වෙනුවෙන් දෙවිට පූජාවක් ඔප්පු කරන්නත් ඇති.a (යෝබ් 42:6) දෙවි එය වන්දියක් ලෙස පිළිගෙන ඔහුට සමාව දී ‘මුලින් ආශීර්වාද කළාටත් වඩා බොහෝ සෙයින් ඔහුට ආශීර්වාද කළා.’ (යෝබ් 42:12-17) තම අසනීපය සුව වීම ගැනත් දරුවෙකුගේ සමට වඩා තමාගේ සම මෘදු වීම ගැනත් යෝබ් කොතරම් සතුටු වන්න ඇද්ද!

යෝබ් දෙවිට ඔප්පු කළ පූජාවට ඔහුව මරණයෙන් ගලවාගැනීමට තරම් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවි අපි වෙනුවෙන් ඊටත් වඩා වටිනා පූජාවක් ලබා දී තිබෙනවා. ඒ ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාවයි. (මතෙව් 20:28; යොහන් 3:16) එම පූජාව කෙරෙහි විශ්වාසය තබන අයට පාරාදීස පොළොවක් මත සදහටම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ කාලයේදී කිසිම කෙනෙක් මහලු විය නිසා දුක් විඳින්නේ නැහැ. සෑම කෙනෙකුගේම සම ‘දරුවෙකුගේ සමට වඩා මෘදු වීමට’ නියමිත ඒ කාලයේ ජීවත් වීමට ඔබත් කැමතිද? එසේනම් ඒ සඳහා ඔබ කළ යුතු දේ ගැන සොයා බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි.

අප්‍රියෙල් මාසයට නියමිත බයිබල් කියවීම

◼ යෝබ් 16 සිට 37 දක්වා

[පාදසටහන]

a තමා අතින් සිදු වූ වරදට යෝබ් වන්දියක් ලෙස දෙවිට ඔප්පු කරන්න ඇත්තේ සත්ව පූජාවක් විය හැකියි.—යෝබ් 1:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න