ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 3 9 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ආදර්ශවත් පියෙක්!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 3 9 පි.

ඔබ දැන සිටියාද?

යෝසෙප්ගේ පියා කවුද?

යෝසෙප් යේසුස්ට වඩු වැඩ උගන්වනවා

යේසුස්ව හදා වඩා ගත්තේ නාසරෙත් නුවර වඩුවෙක් වුණ යෝසෙප්. යෝසෙප්ගේ පියා කවුද? යෝසෙප්ගේ පියා යාකොබ් කියලා මතෙව් පොතේ කියනවා. ඒත් ලූක් පොතේ කියන්නේ “යෝසෙප්ගේ පියා හේලි” කියලයි. ඒ අදහස් දෙක එකිනෙකට පටහැනිද?—ලූක් 3:23; මතෙව් 1:16.

මතෙව් පොතේ කියනවා “යාකොබ්ගේ පුත්‍රයා යෝසෙප්” කියලා. ඒ වාර්තාවට අනුව යාකොබ් යෝසෙප්ගෙම පියායි. මතෙව් සඳහන් කරන්නේ යෝසෙප් ආපු පෙළපතයි. යෝසෙප් ආවේ දාවිත්ගේ පෙළපතෙන්. යේසුස් එනවා කියලා කිව්වේ ඒ පෙළපතෙනුයි.

අනිත් අතට ලූක් පොතේ කියන්නේ “යෝසෙප්ගේ පියා හේලි” කියලයි. හේලි කියන්නේ යෝසෙප්ගේ මාමණ්ඩි. මාමණ්ඩිටත් පියා කියන අවස්ථා තියෙනවා. ලූක්ගේ වාර්තාවේ ඒ හා සමාන තවත් දෙයක් සඳහන් වෙනවා. ෂෙයල්ටියල්ගේ පියා යෙකොනියා වුණත් “ෂෙයල්ටියල්ගේ පියා නේරි” කියලා ලූක් 3:27 සඳහන් වෙනවා. (1 ලේකම් 3:17; මතෙව් 1:12) නේරි කියන්නේ ෂෙයල්ටියල්ගේ මාමණ්ඩි. මොකද ෂෙයල්ටියල් විවාහ වුණේ නේරිගේ දුවෙක් එක්ක. එහෙමනම් යෝසෙප්ගේ පියා හේලි කියන එකේ වරදක් නැහැ. ඔහු විවාහ වෙලා හිටියේ හේලිගේ දුව වන මරියාවයි. ලූක් සඳහන් කරන්නේ යේසුස්ගේම මව වන මරියා ආව පෙළපත ගැනයි. (රෝම 1:3) මේ අනුව බයිබලයේ යේසුස් පැමිණෙන පෙළපත පෙන්නලා තියෙන්නේ පැති දෙකකින්.

ඈත අතීතයේදී තිබුණේ මොන වගේ රෙදිපිළි හා සායම් වර්ගද?

මළ මුහුද අසල තිබුණු ගුහාවකින් හොයාගත්ත ක්‍රි.ව. 135ට කලින් නිපදවූ සායම් දැමූ ලොම් රෙදි

මළ මුහුද අසල තිබුණු ගුහාවකින් හොයාගත්ත ක්‍රි.ව. 135ට කලින් නිපදවූ සායම් දැමූ ලොම් රෙදි කෑල්ලක්

අතීතයේදී මැදපෙරදිග පාවිච්චි කරපු රෙදිපිළි වැඩිපුර නිෂ්පාදනය කරලා තිබුණේ බැටළු ලොම්වලින් හා එළු, ඔටු රෝමවලින්. වැඩියෙන්ම පාවිච්චියේ තිබුණේ ලොම්වලින් හදපු රෙදි. බයිබලයේ හුඟක් තැන්වල බැටළුවන්, බැටළු ලොම් කැපීම හා ලොම්වලින් නිෂ්පාදනය කරපු ඇඳුම් ගැන සඳහන් වෙනවා. (1 සාමුවෙල් 25:2; 2 රාජාවලිය 3:4; යෝබ් 31:20) ලිනන් රෙදි නිෂ්පාදනය කෙරුවේ හණවලින්. හණගස් වැඩිපුරම වැවුණේ ඊජිප්තුවේ සහ ඊශ්‍රායෙලයේ. (උත්පත්ති 41:42; යොෂුවා 2:6) අතීතයේදී ඊශ්‍රායෙලයේ කපු වගා කෙරුවේ නැතත් පර්සියාවේ කපු රෙදි තිබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (එස්තර් 1:6) මිල අධික සේද රෙදිපිළි මැද පෙරදිගට ගෙනාවේ ඈත පෙරදිගින් ආපු සංචාරක වෙළෙන්දන්.—එළිදරව් 18:11,12.

“සුදු පාටේ ඉඳලා තද දුඹුරු පාට වෙන කල් තියෙන පාටවලින් ලොම් ලබාගන්න පුළුවන් වුණා” කියලා පොතක සඳහන් වෙනවා. (Jesus and His World) ඊට අමතරව ලොම්වලට විවිධ පාටවලිනුත් සායම් දැම්මා. මිල අධිකම සායම් වර්ගය ලබාගත්තේ විශේෂ මුහුදු බෙල්ලෙකුගෙන්. රතු, කහ, නිල් සහ කළු වර්ණවලින් සායම් නිපදවන්න විවිධ පැළෑටි, මුල්, කොළ සහ කෘමීන් යොදාගත්තා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න