ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 2 11-13 පි.
  • අනතුරු ඇඟවීම්වලට කීකරු වුණොත් දිවි රැකෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනතුරු ඇඟවීම්වලට කීකරු වුණොත් දිවි රැකෙයි
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සිද්ධ වෙන වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න
  • දෙවියන් ප්‍රේමය පෙන්වන විදිහක්
  • ආරක්ෂා වෙන්න පියවර ගන්න
  • විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිවි ගලවාගත්තවුන්ගේ කඳුළු කතාව
    2011 පිබිදෙව්!
  • අන්තිම දවස් කවදාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 2 11-13 පි.
සුනාමියකින් විනාශ වී ගිය ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදු තීරයක්

අනතුරු ඇඟවීම්වලට කීකරු වුණොත් දිවි රැකෙයි

2004 දෙසැම්බර් 26වෙනිදා ඇති වුණ රික්ටර් මාපාංක 9.1ක දරුණු භූමිකම්පාව සෙමෙයියුලු දූපතට තදින්ම බලපෑවා. ඒ දූපත තියෙන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතින් වයඹ දෙසට වෙන්නයි. එදා අසාමාන්‍ය විදිහට මුහුදු රළ පස්සෙන් පස්සට ඇදිලා යනවා දැක්ක ඒ දූපතේ අය එයාලගේ භාෂාවෙන් “සුනාමියක්! සුනාමියක්!” කියලා කෑගහගෙන උස් තැන්වලට දිව්වා. විනාඩි 30ක් ඇතුළත ආපු යෝධ රළ පහරට ගෙවල් දොරවල්, ගම්බිම් සම්පූර්ණයෙන්ම යට වුණා.

ඒ සුනාමියෙන් මුලින්ම බැට කෑවේ සෙමෙයියුලු දූපතයි. එහේ හිටිය 78,000දෙනාගෙන් එදා ජීවිත අහිමි වුණේ 7දෙනෙක්ගේ විතරයි.a ඒකට හේතුව මොකක්ද? ඒ අයට මේ අනතුරු ඇඟවීම දීලා තිබුණා. ‘ලොකු භූමිකම්පාවක් ඇති වෙලා මුහුදු රළ ආපස්සට ඇදිලා යනවා දැක්කොත් උස් තැන්වලට දුවන්න. මුහුදු රළ ආපහු වේගයෙන් වෙරළට ඇදිලා එනවා.’ සුනාමිවලට මුහුණ දීලා තිබුණ නිසා මුහුදේ ඇති වෙන වෙනස්කම්වලින් සුනාමියක් එනවා කියලා තේරුම්ගන්න ඒ අයට හැකියාව තිබුණා. ඒ අයගේ ජීවිත බේරුණේ දීලා තිබුණ අනතුරු ඇඟවීමට කීකරු වුණ නිසයි.

ඉදිරියේදී සිද්ධ වෙන විනාශයක් ගැන බයිබලයෙත් කතා කරනවා. ඒක “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක්.” (මතෙව් 24:21) එතන කියන්නේ මිනිසා කරන හානි නිසාවත් ස්වාභාවික විපත් නිසාවත් පොළොව විනාශ වෙනවා කියන එක නෙමෙයි. මොකද දෙවියන් පොළොව නිර්මාණය කෙරුවේ සදහටම පවතින්නයි. (දේශනාකාරයා 1:4) දෙවියන් ගේන විනාශයෙන් ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා.’ ඒ වගේම දුෂ්ටකම සහ දුක් වේදනාත් නැති වෙනවා. (එළිදරව් 11:18; හිතෝපදේශ 2:22) ඒක මොන තරම් ආශීර්වාදයක්ද?

සුනාමි, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වගේ දේවල් නිසා ඇති වෙන විනාශවලදී අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වුණත් දෙවියන් ගේන විනාශයෙන් එහෙම වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. ඔහුගේ නම යෙහෝවා. ඔහු පොරොන්දු වෙනවා ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන එහි සදාකල් ජීවත් වෙනවා’ කියලා. (1 යොහන් 4:8; ගීතාවලිය 37:29) ඒත් ඒ විනාශයෙන් බේරිලා දෙවියන් දෙන ආශීර්වාද අද්දකින්න ඔයාට පුළුවන් කොහොමද? කල් තියා දීලා තියෙන අනතුරු ඇඟවීම්වලට කීකරු වෙන්න.

සිද්ධ වෙන වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න

දෙවියන් දුෂ්ටකම සහ දුක් වේදනා නැති කරන දවස අපි දන්නේ නැහැ. මොකද යේසුස් කිව්වේ “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ” කියලයි. ඒ නිසා “සෝදිසියෙන් සිටින්න” කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:36; 25:13) අපි සෝදිසියෙන් ඉන්න ඕනෙ මොකක් ගැනද? දෙවියන් විනාශය ගේන්න කලින් සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ කියනවා. මුහුදු රළවල අසාමාන්‍ය වෙනසක් වෙද්දී සුනාමියක් එනවා කියලා සෙමෙයියුලු දූපතේ අය තේරුම්ගත්තා වගේ ලෝකයේ සිද්ධ වෙන ලොකු වෙනස්කම් දකිද්දී අවසානය ළඟයි කියලා අපිත් තේරුම්ගන්න ඕනේ. බයිබලයේ කියලා තියෙන ඒ වෙනස්කම් ගැන මේ ලිපියේ තියෙන කොටුවෙන් බලන්න.

ඒ කොටුවේ තියෙන සමහර දේවල් මීට කලින් තැනින් තැන සිද්ධ වෙලා තියෙනවා. ඒත් යේසුස් කිව්වේ “මේ සියල්ල” සිදු වෙනවා දකිද්දී විනාශය ළඟ බව තේරුම්ගන්න පුළුවන් කියලයි. (මතෙව් 24:33) අන්තිම දවස්වල වෙනවා කියපු හැම දේම (1) ලෝකේ පුරාම වෙලා තියෙන්නේ, (2) එකම කාල වකවානුවක වෙලා තියෙන්නේ, (3) වෙන කවදාටත් වඩා දරුණු වෙලා තියෙන්නේ කොයි කාලෙදීද? අපි ජීවත් වෙන්නේ ඒ කාලේ කියන එක පැහැදිලියි.

දෙවියන් ප්‍රේමය පෙන්වන විදිහක්

‘කල් තියා අනතුරු ඇඟෙව්වොත් ජීවිත බේරෙනවා’ කියලා ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් කිව්වා. 2004 සුනාමිය ඇති වුණාට පස්සේ ඒක බලපාපු රටවලට ඒ වගේ දෙයක් ඉදිරියේදි වුණොත් වෙන හානිය වළක්වගන්න අනතුරු අඟවන ක්‍රමයක් යොදලා තියෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවියනුත් අපිට අනතුරු අඟවනවා. අවසානයට කලින් සිද්ධ වෙන දෙයක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

ගිය අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 240ක භාෂා 700කට වඩා වැඩි ගණනකින් අනිත් අයට ශුභාරංචිය ගැන කියලා තියෙනවා. ඔවුන් වැය කරපු කාලය පැය බිලියන 1.9කට වඩා වැඩියි. අපි ඉන්නේ අන්තිම කාලයේ කියන එකට ඒක හොඳ සාක්ෂියක්. අසල්වැසියන්ට තියෙන ප්‍රේමය නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ළඟදීම එන දෙවිගේ විනිශ්චය දවස ගැන පුළුවන් උපරිමයෙන් අනතුරු අඟවනවා. (මතෙව් 22:39) දිවි රැකෙන මේ අනතුරු ඇඟවීම අහන්න ලැබෙන්නේ දෙවියන් ඔයාට හුඟක් ආදරේ නිසයි. ‘කිසි කෙනෙකු විනාශ වෙනවාට දෙවියන් කැමති නැහැ. ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දෙන්නයි.’ (2 පේතෘස් 3:9) එහෙමනම් දෙවියන් පෙන්වන ආදරය අගය කරලා ඔහු දෙන අනතුරු ඇඟවීම ඔයා පිළිගන්නවාද?

ආරක්ෂා වෙන්න පියවර ගන්න

මුහුදු රළ ආපස්සට යනවා දැක්ක ගමන්ම සෙමෙයියුලු දූපතේ අය රළ ආපහු වෙරළට එනකල් බලාගෙන ඉන්නේ නැතුව උස් තැන්වලට දිව්වා. ඒ අයගේ දිවි රැකුණේ ඉක්මන් පියවරක් ගත්ත නිසයි. ඉදිරියේදී එන විනාශයෙන් බේරෙන්න නම් ඔයාත් කල් නොදමා පියවර ගන්න ඕනේ. ඒකට මේ “අවසාන කාලයේදී” ඔයා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් යෙසායා දුන්න ආරාධනාව පිළිගන්න ඕනේ. ‘එන්න. අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.’—යෙසායා 2:2, 3.

උස් තැනකට ගියාම හොඳින් පේනවා වගේම ආරක්ෂාවත් ලැබෙනවා. ඒ හා සමානව බයිබලයේ තියෙන මඟ පෙන්වීම් දැනගන්න ලැබෙන එකෙන් අද ලෝකේ පුරා ඉන්න හුඟක් අයට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. (2 තිමෝති 3:16, 17) ජීවිත වෙනස් කරගන්න අය ‘දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙන නිසා’ ඔහුගේ අනුමැතියත් ආරක්ෂාවත් ලබනවා.

ඒ ආරාධනාව පිළිගෙන ඔයාත් මේ දුෂ්කර කාලෙදී ප්‍රේමණීය දෙවියන් දෙන ආරක්ෂාව ලබන්න කැමතිද? මේ ලිපියේ කොටුවේ ‘අවසාන කාලය’ ගැන බයිබලයේ තියෙන සාක්ෂි උනන්දුවෙන් හොයලා බලන්න. ඒකේ තියෙන බයිබල් පද පැහැදිලිව තේරුම්ගන්නත් ඒවා ඔයාගේ ජීවිතේට අදාළ කරගන්නත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් උදව් ලබාගන්න පුළුවන්. නැත්නම් www.pr418.com/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ බලන්න.

a 2004දී ඇති වුණ සුනාමිය නිසා ජීවිත 2,20,000ක් නැති වුණා. ඒක ඉතිහාසයේ සිදු වුණ දරුණුතම සුනාමියක්.

අවසානය ළඟ බවට සාක්ෂි සපයන ලොව පුරා සිදුවීම්

කාලතුවක්කුවක්

යුද්ධ සහ නොසන්සුන් වාතාවරණය

‘ඔබට යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත් අසන්න ලැබෙයි. එයින් බිය නොවීමට වගබලා ගන්න. මන්ද ඒ දේවල් සිදු විය යුතු වුණත් අවසානය තවම පැමිණ නැහැ. ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. ඒ සියල්ල දරුණු විපත්වල ආරම්භයක් පමණයි.’—මතෙව් 24:6-8.

හාමතේ ඉන්න දරුවන්

ලෝකේ පුරා අසනීප හා ආහාර හිඟකම්

“එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.”—ලූක් 21:11.

පූජකයෙකුට මාංචු දාලා

ලෝකේ පුරා අධර්මිෂ්ඨ ක්‍රියා සහ බොරු ආගමික ඉගැන්වීම්

“බොරු අනාගතවක්තෘවරුන් රාශියක් මතු වී බොහෝදෙනෙකුව නොමඟ යවන අතරම, අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යයි.”—මතෙව් 24:11, 12.

සමලිංගික ජීවිතයක් ගත කරන කාන්තාවන් දෙන්නෙක්ගේ විවාහයක් සිදු කරන පූජකයෙක්

කවදාටත් වඩා සමාජයේ පිරිහීම

‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර අය වනු ඇත.’—2 තිමෝති 3:1-4.

මහජනයා ගැවසෙන තැනක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජංගම පුවරුවක් ළඟ කෙනෙක්ට සාක්ෂි දරනවා

රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරාම දේශනා කිරීම

“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

ප්‍රතික්ෂේප කරන කාන්තාවක්

විවේචකයෝ අවසානය ළඟයි කියන එක ප්‍රතික්ෂේප කිරීම

‘අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. “ඔහු පැමිණ සිටිනවා කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත” කියා පවසන්නෝය.’—2 පේතෘස් 3:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න