ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 4 4 පි.
  • දිරාපත් වුණේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිරාපත් වුණේ නැහැ
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • පොත ආරක්ෂා වුණේ කොහොමද?
    සියලුම ජනයා සඳහා පොතක්
  • බයිබලය සුරැකුණු අයුරු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තොරතුරු වෙනස් කරන්න ගත් උත්සාහයන් අසාර්ථකයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 4 4 පි.

මුල් පිටුවෙන් | සුරැකුණු ඉපැරණි පොතක්

දිරාපත් වුණේ නැහැ

අවදානම: බයිබල් ලේඛකයන් සහ පිටපත්කරුවන් තොරතුරු වාර්තා කළේ පැපිරස් කියන ජලජ පැළෑටියෙන් හදාගත්ත කඩදාසිවල සහ පදම් කළ සම්වලින් හදාගත්ත කඩදාසිවලයි. (2 තිමෝති 4:13) ඒ කඩදාසි නිසා බයිබලය ලක් වුණේ මොන වගේ අවදානමකටද?

පැපිරස් කඩදාසි ඉක්මනින් ඉරෙනවා, දුර්වර්ණ වෙනවා සහ ඒවායේ තත්වය බාල වෙනවා. ඊජිප්තුව ගැන අධ්‍යයනය කරන රිචඩ් පාකින්සන් සහ ස්ටීවන් ක්වාකි කියන්නේ මෙහෙමයි. “කාලයක් යද්දී පැපිරස් කඩදාසිවල කෙඳි මතු වෙලා අන්තිමේදී දූවිලි වෙනවා. ගබඩාවල තියෙන පැපිරස් ලියවිලිවල පුස් බැඳෙනවා, තෙතමනය නිසා දිරනවා. ඒ ලියවිලි ගුහාවල තිබුණොත් ඒවා මීයෝ, වේයෝ කාලා විනාශ වෙනවා.” සමහර පැපිරස් ලියවිලි ආලෝකයටත් තෙතමනයටත් නිරාවරණය වුණ නිසා ඉක්මනින්ම දිරාපත් වෙලා.

ඒත් පදම් කළ සම්වලින් හදන කඩදාසි වැඩි කාලයක් පවතිනවා. හැබැයි ඒවා පරෙස්සමින් පාවිච්චි කළේ නැත්නම්, තද උෂ්ණත්වයට, ආලෝකයට, තෙතමනයට නිරාවරණය වුණොත් ඒවායේ තත්වය බාල වෙනවා.a කෘමි සතුන්ගෙනුත් හානි වෙන්න පුළුවන්. “අතීතයේදී සම්වලින් හදපු ලියවිලිවලින් ඉතුරු වෙලා තියෙන්නේ අතලොස්සයි” කියලා පොතක සඳහන් වෙන්නේ ඒ නිසයි. (Everyday Writing in the Graeco-Roman East) ඒ වගේ හේතු නිසා බයිබලය දිරාපත් වුණා නම් ඒකෙ පණිවිඩයත් ඒත් එක්කම නැති වෙලා යන්න ඉඩ තිබුණා.

බයිබලය ආරක්ෂා වුණේ කොහොමද? යුදෙව් නීතියට අනුව හැම රජ කෙනෙක්ම තමන්ට “නීතියේ පිටපතක්” (බයිබලයේ මුල් පොත් පහ) හදාගන්න ඕන වුණා. (ද්විතීය කතාව 17:18) ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දී දක්ෂ පිටපත්කරුවන් බයිබලයේ අත්පිටපත් විශාල ප්‍රමාණයක් හදලා තිබුණ නිසා ඒවා ඊශ්‍රායලයේ සිනගෝගවලත් ඈතින් තිබුණ මැසිඩෝනියාවෙත් දකින්න ලැබුණා. (ලූක් 4:16, 17; ක්‍රියා 17:11) ඒ අත්පිටපත් අද දක්වා ආරක්ෂා වුණේ කොහොමද?

1. මැටි බඳුනක්; 2. මළ මුහුදේ ලියවිල්ලකින් කොටසක්

මැටි භාජනවල දමා ගුහාවල තැන්පත් කළ නිසා අවුරුදු දහස් ගණනක් තිස්සේ ආරක්ෂා වුණු අත්පිටපත් (මළ මුහුදේ ලියවිලි)

බයිබලයේ පැරණි අත්පිටපත් හොයාගත්ත ගුහාවක්

“ශුද්ධ ලියවිල්ලේ අත්පිටපත් ආරක්ෂා කරගන්න ඕන නිසා යුදෙව්වන් ඒවා මැටි භාජනවලට දැම්මා” කියලා ග්‍රීක ලියවිල්ල පිළිබඳ විශාරදයෙක් වන ෆිලප් කොම්ෆර්ට් කිව්වා. ක්‍රිස්තියානි ආගම ඇදහුව අය දිගටම ඒ දේ කළා. ඒ නිසා මැටි භාජනවල, කළුවර කාමරවල, ගුහාවල සහ වියළි කලාපවල තිබුණ ඒ අත්පිටපත් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රතිඵලය: අවුරුදු 2,000ටත් වඩා පැරණි බයිබල් අත්පිටපත්වල කොටස් දහස් ගණනක් මේ දක්වා ආරක්ෂා වෙලා තියෙනවා. ඒ තරම් පැරණි වෙන කිසිම ලියවිල්ලක අත්පිටපත් ඒ තරම් විශාල ප්‍රමාණයක් මේ දක්වා ආරක්ෂා වෙලා නැහැ.

a උදාහරණෙකට එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශය ලියලා තිබුණේ සම්වලින් හදපු ලියවිල්ලක. මේ වෙද්දී ඒ කියන්නේ අවුරුදු 250ක් යන්නත් කලින් ඒකෙ තිබුණ දේවල් කියවන්න අමාරු වෙන තරමටම මැකිලා තිබුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න