ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 4 5 පි.
  • විරුද්ධවාදීන්ගෙන් බේරුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විරුද්ධවාදීන්ගෙන් බේරුණා
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • විලියම් ටින්ඩේල්—දූරදර්ශී මිනිසෙක්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය අප අතට පත් වූ අයුරු—දෙවන කොටස
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුරුකම් එල්ල වෙයි
    2011 පිබිදෙව්!
  • අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 4 5 පි.

මුල් පිටුවෙන් | සුරැකුණු ඉපැරණි පොතක්

විරුද්ධවාදීන්ගෙන් බේරුණා

අවදානම: ආගමික සහ දේශපාලනික නායකයන් හුඟදෙනෙක්ට ඕන වුණේ බයිබලය මිනිසුන්ට ලැබෙන එක වළක්වන්න. ඒ නිසා බයිබලය ළඟ තියාගන්න එක, ප්‍රකාශයට පත් කරන එක වගේම පරිවර්තනය කරන එක නවත්වන්න එයාලා තම බලය පාවිච්චි කළා.

  • ක්‍රි.පූ. 167දී විතර: සෙලුසිඩ් රාජ වංශයේ කෙනෙක් වුණු ඇන්ටියෝකස් එපිෆනිස් රජ හෙබ්‍රෙව් ලියවිලිවල අත්පිටපත් ඔක්කොම විනාශ කරන්න කියලා නියෝග කළා. ඒ නිසා ඔහුගේ නිලධාරීන් “හොයාගන්න ලැබුණු හැම අත්පිටපතක්ම ඉරලා පුච්චලා, ඒවා ළඟ තියාගත්ත අයවත් මරලා දැම්මා” කියලා ඉතිහාසඥ හයින්රික් ග්රේට්ස් වාර්තා කරලා තියෙනවා.

  • මධ්‍යකාලීන යුගය: බයිබලයේ තියෙන දේවල් ගැන මිනිසුන් දේශනා කරනවාට සමහර පූජකයන් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ලතින් භාෂාවෙන් තිබුණු ගීතාවලිය පොතට අමතරව බයිබලයේ වෙන පොත් ළඟ තියාගත්ත අයව සැලකුවේ පල්ලියට විරුද්ධ අය විදිහටයි. ‘කොහොමහරි එයාලව හොයලා මරලා දාන්න’ කියලා පූජකයන් පිරිසක් නියෝග කළා.

බයිබලය විනාශ කරලා දාන්න ඒ අය සමත් වුණා නම් මිනිසුන්ට බයිබලයේ තියෙන පණිවිඩය ගැන දැනගන්න ලැබෙන්නෙත් නැහැ.

විලියම් ටින්ඩේල් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු බයිබලයේ පිටුවක්

විලියම් ටින්ඩේල් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු බයිබලය තහනම් කළත් පිච්චුවත් 1536දී ඔහුව මරලා දැම්මත් ඒ පරිවර්තනය ආරක්ෂා වුණා

බයිබලය ආරක්ෂා වුණේ කොහොමද? ඊශ්‍රායෙල් දේශයෙන් බයිබලය නැත්තටම නැති කරලා දාන්න ඇන්ටියෝකස් රජ උත්සාහ කළත් ඒ වෙද්දිත් යුදෙව්වන් වෙනත් රටවල පදිංචි වෙලා හිටිය නිසා ඔහුගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ. යුදෙව්වන්ගෙන් 60%කට වඩා වැඩි පිරිසක් ක්‍රි.ව. පළවෙනි සියවස වෙද්දී ඊශ්‍රායෙලයෙන් පිට ජීවත් වුණා කියලා විශාරදයන් කියනවා. එයාලා බයිබල් පිටපත් සිනගෝගවල තිබ්බා. ක්‍රිස්තියානීන් ඇතුළු ඊළඟ පරම්පරාවලට අයිති අය පාවිච්චි කළෙත් ඒ පිටපත්මයි.—ක්‍රියා 15:21.

මධ්‍යකාලීන යුගයේ හිටිය බයිබලයට ඇලුම් කළ අය පීඩා මැද වුණත් බය නැතුව දිගටම බයිබලය පරිවර්තනය කරලා ඒවා පිටපත් කළා. 15වෙනි සියවසේ මැදභාගය වෙද්දී එහා මෙහා ගෙනියන්න පුළුවන් මුද්‍රණ යන්ත්‍ර තිබුණේ නැති වුණත් බයිබලයේ කොටස් භාෂා 33කින් විතර ජනයා අතට පත් වෙන්න ඇති. කොහොමවුණත් මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් එක්කම බයිබලය පරිවර්තනය කරලා බෙදාහරින එක පුදුමාකාර වේගයකින් සිද්ධ වුණා.

ප්‍රතිඵලය: බලවත් රජවරු සහ පූජකයන් බයිබලය විනාශ කරන්න උත්සාහ කළත් එදා මෙදා තුර වැඩියෙන්ම පරිවර්තනය කරලා බෙදාහැරපු පොත විදිහට නම් දරන්නේ බයිබලයයි. මේ පොත නිසා සමහර රටවල්වල නීති, භාෂාව විතරක් නෙමෙයි මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිතත් වෙනස් වෙලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න